Ads 468x60px

.

උපාලි අංකල්’ විසින් නාමල් පුතාට ලක්‍ෂ 700 ක් පමණ වටිනා ඇස්ටන් මාර්ටින් රථයක්

නවලෝක සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂකවරුන් වන ජයන්ත ධර්මදාස හා උපාලි ධර්මදාස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති පුටුව වෙනුවෙන්  සුබ සහ යස රංගනයක යෙදෙමින් සිටින බව වාර්තා වේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අන්තර් පාලන කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කළ ඞී.එස්. ද සිල්වා මහතා ඔහුගේ බෑණාවරුන් සමග ගෙන ගිය කොල්ලකාරී පාලනයෙන් පාලක මණ්ඩලය මුදවා ගැනීමේ අරමුණින් ඞී.එස්. ද සිල්වා සහ ඔහුගේ බෑණාවරුන් පන්නා දැමීමේ උපක‍්‍රමයක් ලෙස ජනාධිපතිවරයා විසින් අතුරු පාලන කමිටුවේ සභාපති තනතුර භාර ගන්නා ලෙස ජයන්ත ධර්මදාසට ආරාධනා කර තිබේ.
එහිදී ජයන්ත ධර්මදාස ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ, තමා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වී නියමාකාරයෙන් සභාපති වන තෙක් එම තනතුර තම මලයා වන උපාලි ධර්මදාසට ලබාදෙන ලෙසයි. එහිදී ජයන්ත ධර්මදාස ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, තිලංග සුමතිපාලත් එම තනතුර සඳහා ඉදිරිපත්වීමට ඉඩකඩ ඇති බැවින් හා ඔහුට ඡුන්ද පදනමක් ඇති බැවින්, තිලංගව බැලන්ස් කර දෙන ලෙසයි.පසුව තම මලයා වන උපාලි ධර්මදාසට තම ප්ලෑන විස්තර කර ඇති ජයන්ත ධර්මදාස, තමා නිලවරණයට ඉදිරිපත් වන තෙක් අතුරු කමිටුවේ සභාපතිකම භාර ගන්නා ලෙස ඉල්ලා තිබේ. තම අයියන්ඩිගේ ඉල්ලීම පිට සභාපති තනතුර භාර ගත් උපාලි, පළමුව සෙට් වී ඇත්තේ නාමල් රාජපක්‍ෂ සමගය.

පළමු පියවර ලෙස උපාලි සිදු කර ඇත්තේ එතෙක් නාමල් රාජපක්‍ෂ හා ජයන්ත ධර්මදාස අතර පැවැති මිත‍්‍රත්වය හා ව්‍යාපාරික සම්බන්ධතා අවසාන වන ආකාරයට වැඩ කටයුතු සිදු කිරීමයි. දැන් නාමල්ගේ ගජ මිතුරා ‘උපාලි අංකල්’ ය. ‘උපාලි අංකල්’ විසින් නාමල් පුතාට ලක්‍ෂ 700 ක් පමණ වටිනා ‘ඇස්ටන් මාර්ටින්’ රථයක් එංගලන්තයෙන් ගෙන්වා තෑගි දෙන්නේ මේ පසුබිම තුළය.

‘පරිස්සමට තැබූ දෙය ඈලියාවට ගියා’ වැනි හැඟීමකින් ජයන්ත ධර්මදාස තුෂ්තිම්භූතව බලා සිටී. තමා ඇද පැළඳ ගෙන එනතුරු සිංහාසනය චුට්ටක් බලා ගන්න භාරදී ගිය මලයා, දැන් සිංහාසනයට තම අයිතිය භුක්තියෙන් ලබාගෙන සිටී. ජයන්ත අයියා දැන් බ්ලාස්ට් වී හමාරය. ඔහු මේ දිනවල සොවින් තැවෙමින් එක එකා පසු පස යමින් තමා කළ  යුතු දේ විමසයි. ගොඩක් අය ඔහුට උපදෙස් දෙන්නේ තිලංගට බැක් කරන ලෙසයි. නමුත් ජනාධිපතිවරයා හා නාමල් මේ වන විට උපාලි වෙනුවෙන් තිලංග බැලන්ස් කර හමාරය. තිලංග තරගයට ඉදිරිපත් නොවේ. ඔහු වෙනුවෙන් ඉදිරියට එන්නේ පානදුරේ රවීන් වික‍්‍රමරත්නය.

‘සුබ සහ යස’ නාටකයේ සැබෑ රජුට සිදු වූ දෙය ජයන්ත ධර්මදාසට සිදු කර ඇත්තේ එක බඩවැල කඩාගෙන ආ තම මලයන්ඩි උපාලි ධර්මදාසය. නවලෝක මුදලාලි දිව්ය ලෝකයේ සිට හෝ අපායේ සිට තම පුතන්ඩියන්ලාගේ ‘සහෝදර පේ‍්‍රමය’ ඔලූවේ අත ගසා ගෙන නරඹනවා නියතය.
 
Related Posts with Thumbnails