Ads 468x60px

.

මර්වින් ‘ලොකු මංගල’ හා ආදි සිසුන්ට බියවී සාකච්ඡාව මඟ හැරලා

කැලණිය ධර්මාලෝක විදුහලේ ලොතරැයි ටිකට්පත් වංචාවක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක් යැවූ බව කියන ‘ලොකු මංගල’ නොහොත් ජී.ටී.එස්. මංගල මහතාට ඇමති මර්වින් සිල්වා විසින් පෙරේදා (03) පහරදී ඇති බව  වාර්තා වේ.එම විදුහලේ විදුහල්පති නිමල් ජයවීර මහතා, මංගල මහතා යැවූ බව කියන ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස කරන ලද කැඳවීමකට අනුව එහි ගිය මංගල මහතාට හදිසියේම විදුහලට කඩා වැදුණු මර්වින් මහතා පහරදී තිබේ.


ලොකු මංගලගේ කොළරයෙන් අල්ලාගත් අමාත්‍යවරයා ඔහුගේ කණහරහා පහර කිහිපයක් ගසා ඇත.
ඉස්කෝලෙට ස්විමින් පූල් එකක් හදනවට කවුද අකමැති මූද.. මූද..යැයි අසමින් මර්වින් මහතා පහරදී තිබේ.එම අවස්ථාවේ අමාත්‍යවරයාට පෞද්ගලිකව ආරක්‍ෂාව සපයන ලොකු මංගලගේ යහලුවන්ගෙන් ‘කවුද පහුගිය කාලේ ඇමතිතුමා කියන කියන කෙනාට ගහන්න ගියේ..මාත් ඔයාල එක්ක ආව නේද එහෙම කරපු මටද ඇමතිතුමා ගැහුවේ’ යැයි මංගල විමසූ බව ද වාර්තා වේ.මෙහෙම වෙලා මදි ඇමතිතුමා බල්ලෝ එක්ක නිදයගත්තම මැක්කෝ කන එකත් ඉවසන්න ඕන නේද යැයි ද ඇසූ බව ද වාර්තා වේ.

අදාළ සිද්ධිය ස්වර්ණවාහිනී කැමරාවක සටහන්වූ බව ද මේ අතර වාර්තා වේ.ලොකු මංගල මර්වින් විසින් මෙහෙයවූ සිරස නාලිකාවට පහරදීම, කැලණි රජමහා විහාරයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට හූ කීම හා පෑලියගොඩ මාළු කඩේ කප්පම් ගැනීමේ සිද්ධිය යන සිද්ධීන් ගණනාවක් සඳහාම එක්වූ අයෙක් බව ද කියවේ.

මෙම ටිකට්පත් වංචාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘ලොකු මංගල’ නොහොත් ජී.ටී.එස්. මංගල මහතාට ඊයේ (04) ඇමති මර්වින් සිල්වා මහතා ප‍්‍රාදේශීය සභාවට හමුවන්නට එන්නැයි කියා මඟ හැර ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා මංගල සමඟ ධර්මාලෝකේ ආදි සිසුන් සියයක් පමණ සහභාගිවීමට සුදානම් වන බවට ලැබුණු ආරංචියක් අනුව අමාත්‍යවරයා මෙම හමුව මඟ හැර තිබේ.මේ සාකච්ඡාවට ඊයේ (04) ආදි සිසුන් සියයකට වැඩි පිරිසක් සහභාගිවූ බව ද වාර්තා වේ.අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක් යැවූ බව කියමින් ඊයේ දිනයේදී ද ලොකු මංගල අමාත්‍යවරයාගේ පහර කෑමට ලක්විය.

අදාළ ලොතරැයිවල ආදායම කෝටියකට අසන්න වන බවත් එබැවින් මෙම වංචාවට සම්බන්ධ විදුහල් පතිවරයා වන නිමල් ජයවීර මහතා හා එම ලොතරැයිය මුද්‍රණය කළ කණිෂඨ ආදිශිෂ්‍ය සංගමය බේරා ගැනීමට රුපියල් මිලියන 02 ක කොන්ත‍්‍රාත්තුවක් මත අමාත්‍යවරයා මෙම ප‍්‍රශ්නය අතට ගෙන ඇතැයි ආදි ශිෂ්‍යයෝ කියති.විදුහල්පතිවරයාට එරෙහිව එම විදුහලේ ආදි සිසුන් සමඟ මේ කාරණාවට එරෙහිව කටයුතු කරන්නේ ‘පොඩි මංගල’ හා ‘ලොකු මංගල’ බව ද පැවසේ.මොවුන් දෙදෙනාම පසුගිය කාලයේදි මර්වින් සිල්වා මහතාගේ කප්පම් ගැනිම් හා පහරදීම් සම්බන්ධයෙන් හවුල්ව කටයුතු කළ අය බව ද වාර්තා වේ.

 
Related Posts with Thumbnails