Ads 468x60px

.

ගයේෂා හා හසංජිත් විවාහය මැයි මාසයේදී

රූප සුන්දරියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ ගයේෂා පෙරේරා ලබන වසරේ මැයි මාසයේදී විවාහවීමට යන බව වාර්තා වේ.ගයේෂා, විවාහවීමට සැරසෙන්නේ ගයකයෙකු හා රූපවාහිනී ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ අයෙකු වන හසංජිත් චතුරංග සමඟය.


වරක් ඇය මෙම පේ‍්‍රම සම්බන්ධය බිඳවැටීම හේතුවෙන් බෙහෙවින් කනසල්ලට පත්ව සිටි බවද මාධ්‍ය අනාවරණය කර තිබිණි.ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශ වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනින් ගයේෂා පෙරේරා ඉවත් කෙරුණේද ඇගේ පෙම්වතා හේතුවෙන් බවපැවසේ.එම වැඩසටහනේ නිෂ්පාදක අමිල නුවන් වාදසිංහ මහතාට පෙම්වතා විසින් මරණීය තර්ජන සිදු කිරීම ඇය ඉවත් කිරීමට හේතුවී තිබිණි.

වැඩසටහන් නිෂ්පාදකවරයාට මරණීය තර්ජන කළ බවට ස්වර්ණවාහිනී නාලිකාවේ ප‍‍්‍රධානියෙකු පොලිසියට පැමිණිල්ලක්කර තිබිණි.කොළඹ, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ‘නාඩා’ ආයතනයේ එම වැඩසටහන පටිගත කරමින් සිටි අවස්ථාවේදී එම ස්ථානයට පැමිණීමට ගයේෂා පෙරේරාගේ  පෙම්වතාට අවසර නොදීම හේතුවෙන් මෙම ගැටුම ඇති විය.ගයේෂා පෙරේරා 2006 වසරේ ශ‍‍්‍රී ලංකාවේ රූ ජිණිය බවට පත් වූවාය.

වසර 2009 දී චීනයේ ශැංහයි නුවර පැවැති සංචාරක රූ රැජිණ තරගය සඳහාඑක්වූ ඇය, එම තරගයේදී රටවල් 120 ක් සුරූපිණියන් අභිබවා මිස් ටැලන්ට් නාමය හිමිකර ගැනීමට සමත් වූවාය.එසේමමෙගා ස්ටාර් හරහා ගායන ක්‍ෂේත‍‍්‍රයේද දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගය හරහා නර්තනයෙන්ද දස්කම් වීය.
 
Related Posts with Thumbnails