Ads 468x60px

.

සීගිරියටත් අකුණක් ගහලා...

අකුණනෙන් සිංහපාදයේ පැතිබැම්මට හානි...
අඩි දහයක පමණ කොටසක් කැඩිලා...

ලෝක පුදුමයක් බවට පත්ව ඇති සීගිරිය පර්වතය ආශ්‍රීතව ඊයේ (23) පස්වරු 2.30ට පමණ අකුණු සහිත වැසි ඇද හැලුනු අතර අකුණු වැදීමෙන් සීගිරිය පර්වතයේ සිංහ පාදයේ වලක් හෑරී ඇතැයි වාර්තා වෙනවා.

අකුණුසැර වැදීම නිසා ඇති වු කම්පන තත්ත්වයකින් මෙසේ සිදුව ඇති බව පර්යේෂකයෝ පවස
නවා.

අධික වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණක් වැදීම හේතුවෙන් සීගිරිය සිංහ පාදයේ දකුණු බැම්මේ අඩි දහයක පමණ කොටසකට මෙසේ අකුණු පහරක් වැදී, එහි පැතිබැම්මට හානි සිදුවී තිබෙනවා.

සීගිරිය ප්‍රදේශයට ඊයේ ඇදහැලුන ධාරාණිපාත වර්ෂාවත් සමග සිදුවූ එම අකුණු සැරයෙන් සිංහ පාදයට කිසිදු හානියක්‌ සිදුව නැති අතර, පැතිබැම්ම පිළිසකර කිරිම් වහාම සිදුකරන බව සීගිරිය ව්‍යාපෘති කළමනාකාර චන්දන වීරසේන මහතා පවසනවා.



කිසිම සංචාරයකුට හානියක් සිදු වී නැති අතර සීගිරිය කැටපත් පහුරේ සුදු පුල්ලි ඉවත් කිරීමේ කටයුතුවල යෙදෙන පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම සිය කාර්‍යයන් දිගටම සිදුකර ගෙන යමින් සිටිති. 

දැනට කර තිබෙන රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ බිතු සිතුවම් මත ඇති වී තිබෙන්නේ දීලිර ආසාධයක් නොවන බවයි. ලවන තැන්පත් වීමෙන් සුදු පුල්ලි ඇති වී තිබෙන බවත්, එය දේශගුණික විපර්‍යාසයකින් හටගෙන තිබෙන බවත් අනාවරණය වී තිබේ. 

දඹුල්ල ප‍්‍රදේශයට මේ වන විට අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතී.




 
Related Posts with Thumbnails