Ads 468x60px

.

අපි ණය ගෙවන්නේ කාර් පර්මිට් විකුණලා - කුමාර වෙල්ගම කියයි

ජනතාවගේ ප්‍රශ්න නිසා රෑට නින්ද යනවත් හොරයිලු...

මේ මැතිවරණ ක්‍රමය තිබෙන තුරු පාර්ලිමේන්තුවට යන්න අඩුම තරමින් රුපියල් ලක්ෂ 500ක්වත් ඕනෑ කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා කියයි. 

එහෙම මුදල් වියදම් කරන්න බැරි නම් පාර්ලිමේන්තු යාම හීනයක් බව ඒ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපිත් සියයට සියයක් අවංකයි කියා හිතන්න එපා යැයි ජනතාවට පැවසූ ඒ මහතා අපිත් වැරැදි කරන බව සිහි තබා ගන්නැයි ඉල්ලා සිටියේය. 

මේ ආකාරයේ ප්‍රකාශයක් කුමාර වෙල්ගම මහතා සිදුකරන ලද්දේ පසුගියදා දොඩන්ගොඩදී ය. අභ්‍යාසලාභී උපාධිධාරින් 1110 දෙනෙකු ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත කර පත්වීම් ලිපි ලබා දීම සඳහා දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවැති උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා එසේ කීවේය. 

වෙල්ගම මහතා කළ කතාවේ කොටස් මෙසේය. 

 
“වසර පහකට පාර්ලිමේන්තුවට තේරී පත්වන විට වාහන ගන්න පර්මිට් එකක් දෙනවා. මේක මුදලින් ඉතා වටිනවා. මේ දුන්න පර්මිට් එක එක්කෙනෙක් දෙන්නෙක් හැර අනිත් කා ළඟවත් නැහැ. ඔක්කොම මුදලට විකුණනවා. කුමාර වෙල්ගමත් එහෙමයි. 

ලක්ෂ 150ක් විතර හොයා ගෙන ණය තුරුස් ටික බේරා ගන්නවා.සමහරු හිතනවා පාර්ලිමේන්තු ගියාම සැප ජීවිතයක් ගත කරනවා කියලා. අපිට වරප්‍රසාද වාසි තිබුණත් ජනතාවගේ ප්‍රශ්න නිසා රෑට නින්ද යනවත් හොරයි. 

පසුගිය මැතිවරණයේ දී මම උපාධිධාරි සංගමයට කිව්වා “මට බැහැලා වැඩ කරන්න, මම රැකියා දෙන්නම්” කියලා. සංගමයේ දෙසිය පස් දෙනෙක් හිටියා. එයින් දෙසීයකට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ රස්සා දුන්නා. මම දෙසීයක් දෙනකොට අපේ ජනාධිපතිතුමා උපාධිධාරින් හතළිස් දාහකට රුකියා ලබා දුන්නා.
 
Related Posts with Thumbnails