Ads 468x60px

.

විනය විරෝධී ලෙස හැසිරීම නිසා සරණට සතියක් පාර්ලිමේන්තුව තහනම්

2012 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් අවස්ථාවේ දී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධව කතානායකවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට සතියක කාලයක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කර තිබේ. සරණ ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවීම සම්බන්ධ යෝජනාවක් ගෙන එන ලෙස සභානායකවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව සභානායකවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර කතානායකවරයා විසින් සතියක කාලයක් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

 
Related Posts with Thumbnails