Ads 468x60px

.

අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාව..

දුවගේ ගවුමේ වාටිය ටිකක්‌ දික්‌ කළැයි ගුරුවරිය දණ ගැස්‌සවූ මන්ත්‍රී

නවගත්තේගම ඉසුරු පාසලේ ශිෂ්‍ය නායකයන් භාර හා විනය භාර ගුරුවරියක එම විද්‍යාලයේම සිසු සිසුවියන් ඉදිරියේ දණගැස්‌සූ වයඹ පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තා අද (17දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (14 දා) මන්ත්‍රීගේ දියණිය පාසලට ඇඳගෙන ගිය සුදු ගවුම කොට වැඩි යෑයි කියා ඇයගේ ගවුමේ වාටිය ගලවා දිගු කිරීම සම්බන්ධව මේ මන්ත්‍රීවරයා උරණ වී එදිනම පාසලට කඩා වැදී ගුරුවරියට මැර තර්ජනය කොට ඇය දණගස්‌වා තිබෙනවා.

මේ සිද්ධියට මුහුණදුන් ගුරුවරිය නවගත්තේගම පොලිසියට එදිනම කළ පැමිණිල්ලකට අනුව පෙරේදා (15 දා) දහවල් නවගත්තේගම පොලිසිය මගින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර
තිබෙනවා.

ඉන්පසුව පුත්තලම වැඩබලන මහෙස්‌ත්‍රාත් මොහමඩ් ඉක්‌බාල් මහතා විසින් එම පළාත් සභා මන්ත්‍රී අද (17 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග
කර තිබෙනවා.

මන්ත්‍රීවරයා රිමාන්ඩ් කළ පසුව ගුරුවරියගේ නිවස අසලට පැමිණි දේශපාලන මැරවරයන් කිහිපදෙනකු ඇයට තර්ජනය කර බියගන්වා ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ
කර තිබෙනවා.

පසුගිය සිකුරාදා නවගත්තේගම ඉසුරු පාසලේ ගුරුවරියට තර්ජනය කර දණගස්‌වා පහරදීමට තැත්කිරීම "අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගත ක්‍රියාවක්‌" බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. 


මෙම මන්ත්‍රීවරයාට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස එම සංගමය වයඹ මහ ඇමැතිවරයාගෙන් හා ආණ්‌ඩුකාරවරයාගෙන් ලිපියක්‌ මගින් දන්වා තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳ ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්
වෙනවා.

පසුගිය කාලයේ ව්‍යවස්‌ථානුකූල නොවන අධ්‍යාපන අධීක්‍ෂණ මන්ත්‍රීකම ඇතුළු නීත්‍යානුකූල නොවන බලයක්‌ මෙවැනි දේශපාලකයන්ට පිරිනැමීම තුළ අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය කිරීමෙන් නොනැවතී මෙවැනි පුද්ගලයන් හරහා පාසල් විනය පරීක්‍ෂා කිරීමට යැම මෙවැනි තත්ත්වයක්‌ උද්ගතවීමට අවශ්‍ය වාතාවරණය සපයා
තිබෙනවා.

එසේම මෙවැනි දේශපාලකයන්ගේ නිර්දේශ මත විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලබාදෙමින් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන එවැනි පත්වීම් සඳහා නීත්‍යානුකූලභාවය ලබාදීම තුළ අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය කිරීමෙන් උද්ගත වී ඇති මෙම තත්ත්වයට අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු රජය වගකිව යුතුය.
 
Related Posts with Thumbnails