Ads 468x60px

.

අතුල සමිතාගේන් දික් කසාද වීමට හේතුව හෙළි නොකරන්නේ ඇයි...?

ඇතැම් රහස් හෙළි කරන්න බැරිලු...

ජනප්‍රිය ගායකු හා වාදකයකු වන අතුල අධිකාරි හා ඔහුගේ දෙවැනි කසාද බිරිය වන මොස්තර නිරූපිකාවක වන අමායාගේ කුළුදුල් දියණියට ලබන අගොස්තු 24 වැනිදාට අවුරුද්දක් සපිරෙන බව වාර්තා වෙනවා.

ග්ලෝරි ෂෙශානි අධිකාරි ලෙස නම් තබා ඇති ඇගේ ෂෙශානි අධිකාරි යන කොටස තබා ඇත්තේ අතුල
අධිකාරිගේ පළමු කසාදයේ පුත් ෂේන් බවද පැවසෙනවා.

සමිතාගෙන් දික්කසාද වී අතුල, අමායා තෝරාගත්තේ අමායා මෝස්තර නිරූපන ශිල්පිනියක් වුවත්, ඇය පොළොවේ පය ගසා සිටින සාමාන්‍ය ගැහැණියක් නිසා බව අතුල පවසා තිබෙනවා.

අතුල, සමිතා හා අමායා ඔවුන්ගේ බොහෝදේ මාධ්‍යට හෙළි කළද අතුල සමිතාගේන් දික් කසාද වීමට
හේතුව හෙළි නොකිරීම සම්බන්ධයෙන් අතුල පවසා ඇත්තේ යුද්ධයකදී යුදමය රහස් වගේම මේ ගැටුමෙත් ඇතැම් රහස් හෙළි කළ නොහැකි බවයි.



මේ ඒ පිළිබඳව අතුල සමඟ කල කතා බහක්...

අතුලගෙයි අමායාගෙයි පුංචි දෝනි ගැන අපි මුලින්ම කතා කරමු
දූ ඉපදුනේ 2012 ඔක්තෝබර් 24 වැනිදා. දූගේ නම “ග්ලෝරි ශෙෂානියා අධිකාරි”

අතුලගෙයි අමායාගෙයි දූට නම දැම්මේ අතුලගෙයි සමිතගෙයි පුතා නේද?
(හිනැහී) ඔව් පුතාගේ නම ෂේන්. එයා තමයි ශෙෂානියා ආදිත්‍යා කියන නම හදල අමායට කියලා තියෙන්නේ. ග්ලෝරි කියන නම දැම්මේ ඉපදුණු වෙලාව අනුව ‘ග’යන්න තිබුණ හින්දා ‘ග්ලෝරි කියන එකේ තේරුම ජයග්‍රහණය කියන එක.

අතුල අමායා,සමිතා හිතවතුන් වී සිටීම දිහා බොහෝ අය බලන්නේ විශ්මයෙන්...
මේ ලෝකයේ පළමුවරට දික්කසාද වූ දෙදෙනා මමයි සමිතයි නමෛයි. දික්කසාද වූ පසුව ඒ දෙන්නා වෛරක්කාරයින් වී සිටිය යුතුයි කියලා හිතන අය තමයි අපි දිහා විශ්මයෙන් බලන්නේ. කවර හෝ හේතුවක් මත අපි වෙන්වුණා. 


ඒත් ඒ හේතුව හින්දා සදාකාලිකව හතුරන් විදියට ඉන්න අපට අවශ්‍ය නැහැ. සමහරු මේ දිහා බලන්නේ අපි වරදක් කරන අය කියන හැඟීමෙන්. මේක ලංකාව මිසක් ඇමෙරිකාව නමෛයි කියන අයත් ඉන්නවා. 

ඒ කියන්නේ ඇමෙරිකාවේ දික්කසාද යුවලක් වෛරක්කාරයින් විදියට ඉන්නෙ නැහැ. අපේ රටේ තත්ත්වය ඒක නමෛයි කියන එකද? ඒකෙන් හැඟවෙන්නේ අපිට වඩා උසස් මානසික මට්ටමක් ඇමෙරිකාවට තියෙනවා කියන එකද?

ඔබගෙයි සමිතගෙයි වෙන්වීම ඔබේ දියණියට හා පුතාට බලපෑවේ නැද්ද?
එතකොට පුතාට එච්චර තේරුමක් නැහැ. ඒත් දුවට තේරෙනවා. තාත්තා ගෙදර නැත්තෙ ඇයි කියලා ඇයට හිතෙන්න ඇති. ඒත් පහුකාලයේදී දරුවො යථාර්ථය තේරුම් ගත්තා.

දෙදෙනකු දික්කසාද වුවත් පියා දරුවන්ගේ ගැටලුවලට ඉදිරිපත් විය යුතුයි
ඔව්. මගෙ දරුවන්ගෙන් මම ඈත් වෙලා නැහැ. ඒ අයගෙ ප්‍රශ්නවලට මම විතරක් නමෛයි අමායා වුණත් මැදිහත් වනවා.

ඒ වුණත් දික්කසාද වූ බිරිඳගේ හෝ සැමියාගේ ගැටලු ප්‍රතිපාර්ශ්වයට අදාළ නැහැ. අද සමිතගෙ ජීවිතයේ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුවොත් ඔබ උදව්වට ඉදිරිපත් වනවාද?
(හිනැහී) මම හිතන්නේ ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් මට කලින් අමායා ඉදිරිපත් වේවි. දැනට වුණත් අවශ්‍ය දෙයක් වුණාම ඒ දෙන්න තමයි කතාබහ කරගන්නෙ.

අතුල ඇයි තමන්ගේ බිරිඳ විදියට අමායාව තෝරාගත්තෙ?
අමායා මෝස්තර නිරූපණ ශිල්පිනියක්. ඒ වුණත් සාමාන්‍ය ජීවිතයේදී ඇය ‍පොළොවෙ පය ගහල ජීවත්වන සාමාන්‍ය ගැහැනියක්.

ඔබේ දුව කාවින්ද්‍යා අමිල පෙරේරා සමග යුග ගීයක් ගැයුවා. ඇය දිගටම ගායනයේ යෙදෙනවද?
මටයි නංගිටයි (නෙලූ අධිකාරි) අවශ්‍ය දේ තෝරාගන්න තාත්තා නිදහස දුන්නා. දුව දිගටම ගායනයේ යෙදෙනවාද කියලා ඇයම තමයි තීරණය කළ යුත්තේ. දුව ඒ වගේ තීරණයක් ගත්තොත් මම ඒකට ඉඩ දෙනවා.

අතුලගේ ජීවිතයේ අනාගත බලා‍පොරොත්තු මොනවාද?
ස්ථාවර වීම. ස්ථාවර වීම කියන්නේ හැම අතින්ම ස්ථාවර වීම. සංගීතය පැත්තෙන් ආර්ථික පැත්තෙන් ස්ථාවර විය යුතුයි. අපි හැමෝම තමන්ගේ ජීවිත තුළ හැම අතින්ම ස්ථාවර විය යුතුයි. එහෙම නැති වුණාම තමයි ජීවිතයේ ගොඩක් ගැටලු මතුවන්නේ.

අතුල,අමායා සමිතාගේ ජීවිතවල බොහෝ තැන් ඔබලා ප්‍රසිද්ධියේ මාධ්‍යයට කතා කරනවා. ඒත් අතුල සමිතා වෙන්වීමට හේතුව තවම ඔබලාගේ රසිකයින් හරියට දන්නෙ නැහැ.
යුද්ධයකදී එහි සියලුම සැබෑ තතු ගැන විමසීම සොයා බැලීම මිනිසුන් කරනවා. එය වැරදි නැහැ. ඒත් යම් යම් හේතු මත යුදමය රහස් පවත්වා ගෙන යනවා. එයත් වැරදි නැහැ. ඒ වගේම ජනප්‍රිය කලාකරුවන්ගේ අතිශය පෞද්ගලිකත්වය ගැනත් රසිකයො හොයා බලනවා. ඒකට දොස් කියන්න බැහැ. ඒත්  අපි කවුරුත් තමන්ගේ අතිශය පෞද්ගලිකත්වය හෙළිදරව් කළ යුතු නැහැ.

 
Related Posts with Thumbnails