Ads 468x60px

.

ගුරු මව දණගැස්වූ මන්ත‍්‍රීට අස්වෙන්නැයි දන්වයි… සමාව ගන්නත් කියයි.

ගුරුතුමිය දණ ගැස්‌සවූ මන්ත්‍රී ඉල්ලා අස්‌විය  යුතුයි : ජනපති කියයි...
ගුරුවරිය දණ ගැස්සූ මන්ත්‍රී ගෙදර යවයි..

නවගත්තේගම ඉසුරු විදුහලේ ගුරුවරියක දණගැස්‌සවූ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා ඉල්ලා අස්‌විය යුතු යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (17 දා) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදී පැවසුවා.

වයඹ හා මධ්‍යම පළාත් සභා මැති ඇමැතිවරු, පළාත් සභා දෙකේ රජයේ මැති ඇමැතිවරු හා ප්‍රධාන පෙළේ ඇමැතිවරු සමඟ පැවැති එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය දැඩි දොෂදර්ශනයට ලක්‌කරමින් මේ බව
පැවසුවා.

මෙම සිද්ධියට මුහුණපෑ ගුරුවරියට දුරකථනයෙන් කතා කර ඇති ජනාධිපතිවරයා ඇයට සාධාරණයක්‌ ඉටුකරන බවට ද ප්‍රකාශ කර තිබෙනවා.


තම දියණියගේ පාසල් නිල ඇඳුම සම්බන්ධව දැරියට අවවාද කළ ඉසුරු විදුහලේ විනය භාර ගුරුතුමිය වන ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය එම විදුහල් භූමියේදීම දණ ගස්‌වන ලද්දේ වයඹ පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නමැත්තා විසිනි.


මහජන නියෝජිතයන්ගේ මෙවැනි පහත් ක්‍රියාකලාපයන් නිසා පක්‍ෂයට හානියක්‌ බවත් මෙවැනි විනය විරෝධී ක්‍රියා කරන අයට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර
තිබෙනවා.
මෙම දණගැස්‌සවීමේ සිද්ධිය එම සාකච්ඡාවට එක්‌ වූ රජයේ මැති ඇමැතිවරු ද දැඩි ලෙස හෙළා දුටුහ. එසේම ගුරුවරියගෙන් සමාව ගන්නා ලෙසද පක්ෂයෙන් මන්තී‍්‍රවරයාට දැනුම් දී ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ඔහුට අපේක්ෂකත්වය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂයේ විනය කමිටුවට බාර කර තිබෙනවා.
වයඹ පළාතේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඊයේ සවස අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ තීරණය ගෙන තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන ඕනෑම අවස්ථාවක වයඹ පළාත් සභාව විසුරුවීමට වයඹ පළාතේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු අලියගහ මදුරේදී ජනාධිපතිවරයාට සිය එකඟතාවය පළ තිබෙනවා

නවගත්තේගම ගුරුවරිය දණ ගැස්සවූ බව කියන පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාරට සිය මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට ද තීරණය වුනු අතර ඔහුට පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා නොදිමට තවත් තීරණයක් ගැනිණි.

ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන : මේ තිරිසනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනු
"මන්ත්‍රීතුමා මාව දෙපාරක්‌ දණ ගැස්‌සුවා"- ගුරුතුමිය කියයි
අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාව..
දණ ගැස්සු ගුරුවරියට ජනපතිගෙන් ඇමතුමක්
ඒ පාසලට මා ගියා කියා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා.
 
Related Posts with Thumbnails