Ads 468x60px

.

පියා මස්සිනා ඇතුළු පවු‍ලේම පිරිමින් අතින් සමුහ දුෂණයට ලක්වූ දියණියකගේ කතාව...

මගෙන් මුකුත් අහන්න එපා... 

මට හැම කෙනෙක්ම කරදර කරලයි තියෙන්නේ...

අප මේ ජීවත් වන්නේ තිරිසන් සමාජයකදැයි ප්‍රශ්න කරන්නට දැන් කාලය එළඹී ඇති බව අප බොහෝ දෙනෙකුට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. 

ඒ තිරිසනුන් වත් නොකරන තරම් තිරිසන් වැඩ මේ සමාජයේ අරක්ගෙන සිටින තිරිසන් මනුෂ්‍යයන් අතින් දැන් දිගින් දිගටම සිදුවන බැවිනි. තිරිසනුන් පිළිබඳ මෙවන් පූර්ව කථනයක් කරන්නට සිදුවන්නේ තමන්ට ජාතකව උපන් දියණියක් පියකු විසින් වසර ගණනාවක් තිස්සේ අතවරයට ලක් කිරීමක් පිළිබඳව නැවත වරක් මේ ධර්මද්වීපයේ කොනකින් ඇසෙන්නට වූ  බැවිනි.  

දිනපතා පුවත්පතක් ගතහොත් එහි ප්‍රවෘත්ති කියවනවිට දියණියන් පියවරුන් අතින් අතවරයට ලක්වීම් මේ රටේ දැන් ඉතා සාමාන්‍ය සිදුවීම් ලෙස දකින්නට පුළුවන. මෙවැනි තිරිසන් සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් තිබිම දරුණු සමාජ සහ සාරධර්මික අර්බුදයක් ලෙස ඔඩු දුවමින් ඇති බව පැහැදිලිය.  

කෑගල්ල මහාධිකරණයෙන් දියණිය දූෂණය කළ පියෙකු විසි වසරකට හිරේට යැවුවේද මෑතකදීය. කෙසේ වෙතත් මේ සටහන් තබන්නට යන දියණිය දූෂණය වීම  ඊට වඩා හාත්පසින්ම
වෙනස් වූ කතාවකි. ඒ ඇය පියා අතින් පමණක් නොව මවගේ සහෝදරයා වන ඇගේ මාමා අතින්ද , පියාගේ නැගණියගේ පුතා වන ඇවැස්ස මස්සිනා අතින්ද අසල්වාසියෙකු අතින්ද කාලයක් තිස්සේ අපයෝජනයට ලක්වී ඇත. 

වඩාත් දුක්මුසු සහ ඛිෙදජනක කාරණය වන්නේ මේ ආකාරයට පියා ඇතුළු ඇයට රැකවරණය ලැබිය යුතු පවු‍ලේ සියලුම පිරිමින්ගේ ගොදුර බවට පත්වූ මේ දියණිය තවමත් සිටින්නේ පහළොස් හැවිරිදි වියේ වීමය. මේ සමාජය තිරිසන් සමාජයකටත් වඩා අන්තයට ගොස් ඇතැයි කියන්නට සිදුවන්නේ මේ නිසාය.

මෙම අවාසනාවන්ත දියණිය හෙළිදරව් කර ඇති ආකාරයට අනුව පිරිමියෙකු අතින් පළමුවරට ඇය දූෂණය වී ඇත්තේ ඇයගේ වයස අවුරුදු හතේ දී පමණ බව සඳහන්ය. ඒ පියා අතින්ය. ඒ වනවිට ඇය වැඩිවියටවත් පත් නොවුණු සුරතල් මල් කැකුළකි.


මේ කතාව පටන් ගන්නේ මොරවක ‍පොලීසියට 2011 වසරේ ලැබෙන පැමිණිල්ලක්ද සමගිනි. ඒ පැමිණිල්ල ඇයගෙනි. එකල ඇය දොළොස් හැවිරිදිය.මාගරින් පැකට්ටුවක් ගන්නට වෙළෙඳසලකට යමින් සිටියදී ප්‍රදේශවාසියෙකු ඇයව පැහැරගෙන ගොස් දූෂණය කර තිබිණි. 


මේ දැරියගේ එම පැමිණිල්ල ‍පොලිස් ‍පොතේ ලියැවුණත් ඇයව අතවරයට ලක් කළ ඒ පුද්ගලයා ඉකුත් දිනක කොටුකර ගන්නා තුරුම මොරවක ‍පොලීසියට බලා සිටින්නට සිදුවූයේ ඔහු ගමෙන් පළාගොස් සැඟවී සිටි බැවිනි.

මොරවක ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ‍පොලිස් සැරයන් රණතුංග ඇතුළු කණ්ඩායමක් වසර දෙකකට පසුව එකී ස්ත්‍රී දූෂකයා අත්අඩංගුවට ගත්තද මාතර කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ ‍පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඒ ගැන වැඩිදුර විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත මහත්මියට භාර දෙන්නට පියවර ගත්තේය. 


ඒ එම දැරිය තවත් කිහිප දෙනෙකු අතින්ද දූෂණය වී තිබෙන බව ඔහුට දැන ගන්නට ලැබිම හේතු කොටගෙනය. ඇය සුරතල් දියණියකි. හුරුබුහුටි දැරියකි. “මගෙන් මුකුත් අහන්න එපා. මට හැම කෙනෙක්ම කරදර කරලයි තියෙන්නේ” කතාවට අල්ලා ගන්නට යන විට ඇය ඉන් මගහැර යන්නට මුලින්ම උත්සහ ගන්නේ එසේය.

“මේ අයට යන්න කියන්න. මට මේ අය පෙන්නන්න බැහැ. පිරිමි හැමෝම එකයි.” පිරිමි නිලධාරීන්ව පෙන්වමින් ඇය ඒත් සමගම එසේ පවසන්නට වූයේ ඇය පිරිමින්ට වෛර බදින බවක් පෙන්වමිනි.


ඇගේ ඒ ඉල්ලීමට ඇහුන් කන් දෙමින් වරුණි බෝගහවත්ත පිරිමි නිලධාරීන් ඉවත් කොට ඇය සමග කතාවට වැටෙන්නට වූයේ එය මතෛක් ඇය ඇසූ කෲරතම ළමා ස්ත්‍රී දූෂණයන්ගෙන් එකක් බව පසක් කරගනිමිනි.


ඇයගේ මතකයට අනුව දන්නා කාලයේ සිටම පියා මත්පැනට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකි. හැබැයි කාලයක සිට ඔහු මත්පැන් අතහැර දමා ඇත. ඇයට අනුව පියා කම්කරුවෙකි. ඔහු කුලියට ගල්වැටි බඳින  බාසුන්නැහැ කෙනෙකි. මව ගැන ඇයට ඇත්තේ වෛරයකි. 


එම වෛරයට මුල්වන්නේ කුඩා කල මව ඇයව අතහැර වෙනත් පුරුෂයෙකු සමග දීග කන්නට යන බැවිනි. ඇය පවසන්නේ මව මුලින්ම ඇයව සිය පියා සමග දමා ගොස් ඇත්තේ වයස අවුරුදු දෙකේදී බවය.

නැවතත් වසර කිහිපයකට පසු මව පියාත් සමග දීග කන්නට පැමිණ නැවතත් වෙන පිරිමියෙකු සමග යන්නේ ඇගේ වයස අවුරුදු හතේදීය. ඒ වන විට නැගණියන් දෙදෙනෙකුද සිටි බව ඇයට යාන්තමට මතකය. 


මව ඒ දෙදෙනාව පමණක් රැගෙන යන්නේ ඇයව රැගෙන යන්නට පියාගෙන් ඉඩක් නොලැබුණු බැවිනි. ඒ ගැන නිසි  දැනුමක් නොතිබුණාට ඒ වන විටත් සිය පහත් ආශාවන් වෙනුවෙන් එකී පියා ඇයව යොදාගෙන තිබුණේය.

පියා  ඒ කරන්නේ නොකළ යුතු දෙයක් බව මුල් කාලයේ ඇයට නිසි වැටහීමක් තිබුණේ නැත. ඒ සිදුවන්නේ වැරදි වැඩක් බවට යම් වැටහීමක් ඇයට ලැබෙන්නේ වැඩිවියට පත්වීමත් සමගිනි. ඒ ඇය නෙළුවේ පිහිටි සිය මවගේ මහ ගෙදරට ගොස් සිටියදී මාමා අතින් අතවරයට ලක්වීමත් සමගිනි. 


දිගින් දිගටම ඔහු ඇයව සිය පහත් ආශාවන් පිනවීම සඳහා යොදා ගත්තේ ඇය තමාගේ අක්කාගේ දියණිය බව වත් නොසිතාය.
ඇය නෙළුවෙන් නැවත මොරවකට එන්නේ මාමාගේ හිරිහැර විඳ දරාගන්නට බැරිවය. ඒ තරමට ඔහු ඇයට හිරිහැර කර තිබුණේය.


ඒ පැමිණි ඇය තමාට නෙළුවේදී මාමාගෙන් වූ හිරිහැර ගැන මිත්තණියට පැවසුවත් ඇය එය එතරම් තැකීමකට ලක්කර නැත. බැරිම තැන ඇය තමාට පියාගෙන්ද හිරිහැර වන බව ඇයට කීවත් ඒ ගැනවත් ඇය සොයා බැලීමක් කර නොතිබුණාය. ඒ සිය මිණිබිරිය කියනා දෑ විශ්වාස නොකරමිනි.


මෙම දැරිය වරුණි බෝගහවත්ත ඉදිරියේ කර ඇති විස්තර කිරීම් පුවත්පතක සඳහන් කළ නොහැකි තරමේ අසික්කිත දේවල්ය. එහෙත් මේ දියණිය සියල්ල විඳ දරාගෙන සිට ඇත්තේ ඔහු තම පියා වූ බැවිනි.
“මොනව වුණත් අම්ම දාල ගියාට පස්සේ මාව හැදුවේ තාත්තනේ.” ඇය සිය පියා  සම්බන්ධයෙන් අදටත් දරන්නේ එවන් මතයකි.


මස්සිනා අතින් ඇය දූෂණයට ලක්වන්නේ  පියා නිවසේ නොමැති අතරතුරදීය. ඇය පවසන්නේ තමාට වදයක් වුණේ ඔහු බවය. ඔහුගේ හිරිහැර ඉවසන්නට බැරි තරම් බවද ඇය වරුණි බෝගහවත්ත ඉදිරියේ පවසන්නට වූවාය.


ඇය මේ ආකාරයට ඇයට වද දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන විට ඇයව වසර අටක් තිස්සේ අතවරයට ලක් කළ ඇගේ පියා සිටියේ ගමෙන් පළාගොසිනි. ඒ ඇය ‍පොලීසියට ඔහු ගැන හෙළිකරයි යන සැකය මතය. අදටත් ඔහු සිටින්නේ නිදහසේය. 


නමුත් ඇගේ මස්සිනාට නම් ගැලවිල්ලක් නොවූයේ ඔහුත් පළායන්නට පෙර ‍පොලීසිය ඉක්මන් වීම නිසාය. ඇගේ මාමා කොටුකර ගැනීම නෙළුව ‍පොලීසියට පවරා ඇති අතර තවමත් එම කටයුත්ත ඉටු වී නැති බව පැවැසේ.
 
Related Posts with Thumbnails