Ads 468x60px

.

විදුලිබල මණ්‌ඩලයේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂට මැඩම් කියා අමතලා...

නෑ නෑ නෑ මම මේ මැඩම් නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ...

ඔයාලට තාමත් මැඩම්ව තමයි ඔලුවෙ තියෙන්නෙ... 

ඒකනේ මැඩම් මැඩම් කියවෙන්නෙ...

පසුගියදා ශ්‍රී ලංකාවේ පුවත්පත් කතුවරු සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වනු ලැබිය. 

එහිදී එක පුවත්පත් කතුවරයකු  පැවසුවේ අධික වර්ෂාවක්‌ ලැබී ජලාශ සියල්ල කට ළඟට පිරුණත් ඉන් කාර්යක්‍ෂමව සේවාවක්‌ ලබාගන්නට සැලැස්‌මක්‌ විදුලිබල බලධාරීන් සතුව නැති බවත් බලධාරීන් ජලය අපතේ හැර වැඩි මිලට විදුලිය ලබාගන්නා වංචනික  සැලසුම් සොයමින් සිටින බව සහ මේ සම්බන්දයෙන් විමසන සෑම අවස්ථාවකම විදුලිබල මණ්‌ඩලයේ සභාපති, ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා මාධ්‍ය මඟඅරින බවත්ය. 

එහිදී ජනාධිපතිවරයා විසින් විදුලිබල මණ්‌ඩලයේ සභාපති, ඩබ්ලිව්. ඩී. ගනේගල මහතාට දුරකථන ඇමතුමක් දී තතු විමසනු ලැබීය. එම සංවාදයේදී විදුලිබල මණ්‌ඩලයේ සභාපතිවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂව අමතන ලද්දේ මැඩම් කියාය. 

ඉන් උරණ වූ ජනාධිපතිවරයා  "නෑ නෑ නෑ මම මේ මැඩම් නෙවෙයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ. ඔයාලට තාමත් මැඩම්ව තමයි ඔලුවෙ තියෙන්නෙ. ඒකනේ මැඩම් මැඩම් කියවෙන්නෙ. යෑයි කියමින්   දුරකථනය විසන්ධි  කරන ලදී. 

එකී සංවාදයෙන් පසු එම අවස්ථාවට සහභාගී වූ තරුණ පුවත්පත් කතුවරයෙක් පසුව තම සගයන් හමුවේ පැවසුවේ " අද ජනාධිපතිතුමාට මැඩම් කියපු ගනේගල හෙට පෑන්ටි පාර්සලයක් අරලියගහ මන්දිරයට යවයි ද දන්නේ නැහැ " කියාය. 

විදුලිබල මණ්‌ඩලයේ සභාපති ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා මිට ඉහතදී ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙසට කටයුතු කල අතර ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසු එම තනතුර තමාගේ ගජ යහළුවෙකු වූ ස්ත්‍රී දුෂණයක් සම්බන්දයෙන් චෝදනා ලබා සිටි පරිපාලන නිලධාරියෙකු වූ ජේ ඩී සී ජයසිංහ නොහොත් මුද්දරගම කුකුල් චාලි නැමැත්තාට ලබා දීමටද අසාර්ථක උත්සහයක යෙදුනේය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails