Ads 468x60px

.

කාඩිෆ් කොටි ලාංකික ක්‍රිකට්‌ ලෝලීන්ට ම්ලේච්ජ අයුරින් පහර දුන් හැටි මෙන්න...

උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉකුත් 20 වැනිදා වේල්සයේ කාඩිෆ් නුවර සොෆායා ගාර්ඩ්න්ස්‌ ක්‍රිකට්‌ පිටියේ පැවැති ක්‍රිකට්‌ තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට පොලු වලින් පහරදීම, මිරිස්‌ කුඩුවලින් මුහුණු වලට ගැසීම ආදී ම්ලේච්ජ ක්‍රියාවන්හි යෙදෙමින් කොටි හිතවාදී දෙමළ පිරිස්‌ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනා. දවස පුරාම මෙම කොටි හිතවාදීන් උද්ඝෝෂණයේ යෙදී සිටි අතර ඒ අසලින් ගමන් ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුහු පරිභව කරමින් පහර දුන්නා.

පොල්ලකින් පහරදීම නිසා එක්‌ අයකුගේ අතකද තවත් අයකුගේ කකුලකද අස්‌ථි බිඳී තිබුනා. ශ්‍රී ලාංකික කාන්තාවක ඉදිරියට පැමිණි එල්. ටී. ටී. ඊ. හිතවාදී කාන්තාවක්‌ ශ්‍රී ලාංකික කාන්තාවගේ මුහුණට මිරිස්‌ කුඩුවලින් ගැසූ අතර මිරිස්‌ කුඩු ඇයගේ ඇස්‌වලට යාමෙන් මහත් වේදනාවකින් පෙලුනා.

මෙම කොටි හිතවාදීන් දරුණු ලෙස හැසිරීමට පටන් ගත් නිසා තරගය අවසානයේ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩා පිටියේ සිට තමන් ගමන් ගත් වාහන දක්‌වා පැමිණීමට ආරක්‍ෂාව සැලසීමට පොලිසියට සිදුවුනා.

ක්‍රිකට්‌ තරගය නැරඹීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ දොස්‌තර ක්‍රිස්‌ නෝනිස්‌ සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ඔහුගේ බිරිඳ සහ පුතාද " සොෆායා ගාර්ඩ්න්ස්‌" ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. පොලිසිය ඔවුනටද විශේෂ ආරක්‍ෂාව සපයා තිබුනා.

තරගයට බාධා කළ එල්. ටී. ටී. ඊ. හිතවාදී තරුණයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් පිළිබඳ ගන්නා නීති ක්‍රියා මාර්ගයන් පිළිබඳව මහ කොමසාරිස්‌ කාර්යාලය විමසිල්ලෙන් සිටින බව අමාත්‍ය උපදේශක චමින්ද කුලරත්න මහතා අප වෙත පැවසුවා.

මේ අතර ඉන්දියා අවසන් පූර්ව තරගය ආරම්භ වීමට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදීන් විසිදෙනකු පමණ පිටියෙන් පිටත රැඳී සිටියද පසුව 200ක් පමණ දෙනා තැනින් තැන ගැවසෙමින් විරෝධතා දක්වා ඇති අතර විවේක කාලයේදී ක්‍රීඩාංගණයෙන් පිටත ශ්‍රී ලාංකිකයන් සිටින තැන්වලට ගොස් "උඹලා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මිනිස්සුද" යනුවෙන් විමසා තර්ජනය කළ හෙයින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන බවද වාර්තා වේ.

මෙම තරගය පැවැත්වීමට මොහොතකට පෙර එල්. ටී. ටී. ඊ. හිතවාදී දමිළ ජාතිකයන් 20 දෙනකු පමණ ක්‍රීඩාංගණය අසල අත්පත්‍රිකා බෙදමින් බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වනු දක්නට ලැබිණි. ඒ අසල පොලිස් නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් රාජකාරියෙහි යෙදී සිටි අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනකු විසින් එම විරෝධතා වීඩියෝ ගත කරන ලදී.


ශ්‍රී ලංකා - එංගලන්ත තරගය ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දිනයේදී තරගයෙන් පසුව එවන් විරෝධතාවක යෙදුණ පිරිසක් හා ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන් අතර ගැටුමක් සිදු වූ අතර ඊට එකට එක කිරීමක් ලෙසින් අද  දිනයේ විරෝධතාව ප්‍රබල එකක් ලෙස සංවිධානය කිරීමට ඔවුන් උත්සාහ කොට තිබුණද එයද අසාර්ථක වී තිබූ බව පැමිණ සිටි සුළු පිරිසෙන් පෙනුණි.


එනම් අද  ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම සඳහා කාඩිෆ් වෙත පැමිණෙන ලෙසත් එහි යෑමට සූදානම් වන අය වෙනුවෙන් නොමිලේම ප්‍රවාහන පහසුකම් සලසන බවත් දන්වමින් පෙරේදා සමහර ප්‍රදේශවල අත්පත්‍රිකා බෙදාහැර තිබුණද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණ බවක් අද ඊට සහභාගි වී සිටි කුඩා පිරිසෙන් පෙනෙන්නට නොතිබීමද විශේෂත්වයකි.


මේ අතර තරගයේ 49 වැනි පන්දු වාරයේදී එල්. ටී. ටී. ඊ. ධජය රැගත් දෙමළ ජාතිකයකු ක්‍රීඩාපිටියට කඩාවැදුණු අතර ඔහු බි්‍රතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අතර නැවතත් එංගලන්ත වේලාවෙන් පස්වරු 4.30ට පමණ ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී එම පිරිසේ සිටි පස්දෙනකු පමණ ක්‍රීඩා පිටියට නැවැතත් කඩා වැදී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් එංගලන්තයේ වේල්ස් පොලිසිය එක් අයකුට පවුම් 1000 බැගින් දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.












 
Related Posts with Thumbnails