Ads 468x60px

.

පින්තුරයක කතාව...

හිසට වැදුණු වෙඩි පහරක් නිසා අසාධ්‍යව සිටි බව කියූ දුමින්ද සිල්වා කිසිම ඉහෙන් බහින රෝගයක් නොමැතිව යලි දේශපාලනයට පැමිණියේය.

ඔහුගේ ආගමනය ගැන වඩාත්ම සතුටු වුයේ කොළඹ වතු වල ජිවත් වන පීඩිත පන්තියේ ජනතාවය.බත් පැකට් එකට අරක්කු භාගයකට, කුඩු පැකට් එකකට යටත් කර ගත හැකි වූ මේ පිඩිත පන්තියේ ලුම්පන් කොටස් ඉදිරි මැතිවරණ වලදී පොලු මුගුරු රැගෙන තීරණාත්මක කාර්යභාරයක් කරනු ඇත. 

ශක්‌තිමත් සහ බුද්ධිමත් බවින් යුත් යුතු සිවිල් සමාජයක් නොමැති ශ්‍රී  ලංකාව වැනි නූගත් සංස්කෘතික වශයෙන් දිළිඳු සමාජයකට ස්ත්‍රී දුෂණයකට සහ මිනිමැරුමකට චෝදනා ලැබූ පුද්ගලයෙකු වීරයෙකු වන අන්දම දුමින්ද සිල්වා පෙන්වා දුන්නේය. 

එසේම මුල්‍ය බලය, මාධ්‍ය බලය හා මත්ද්‍රව්‍ය ජාලය හරහා දේශපාලන බලය ගොඩ නගා ගෙන සිටින පුද්ගලයෙකුට මුදල් මගින් ඕනෑම කෙනෙකු මිලට ගැනීමට හැකි බවද දුමින්ද අපට පෙන්වා දුන්නේය.

නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය සහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර දුමින්ද සිල්වාගේ හිසේ බරපතල තුවාලයක් තිබෙන බව අධිකරණයට සහ ජනතාවට පැවසූහ.

මෙය අසත්‍යක් බව දැන් පෙනී යයි. එහෙත් මුදල් හමුවේ අසත්‍ය ප්‍රකාශ කල නීතිඥයෙකුගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුගේ වෘත්තික භාවය ගැන ප්‍රශ්න කිරීමට පවා ලංකාවේ සිවිල් සමාජය අසමත්ය.


- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails