Ads 468x60px

.

කරුණාදාස කොඩිතුවක්‌කු මහතාගේ පලතුරු වලින් පිරුණු අපූරු පොසොන් දන්සල

වසරක්‌ පාසා මම රුපියල් ලක්‍ෂ 30 -35 ක පමණ මුදලක්‌...

ඇපල්, මුද්දරප්පල්ලම්, අන්නාසි, ගස්‌ලබු, පැණිකොමඩු රඹුටන් සහ කෙසෙල්වලින් පිරුණු අපූරු පොසොන් දන්සලක්‌ පිළිබඳව පසුගිය පොසොන් දවසේ අප වාර්තා වුනා.

මෙම අපූරු දන්සල පවත්වාගෙන ගියේ කිරිබත්ගොඩ මාකොළ පාරේ තැඹිලිගස්‌මුල්ල හන්දියට නුදුරින්ය. මෙම දන්සලේ අයිතිකරු වූයේ ප්‍රසිද්ධ රෙදිපිළි ව්‍යාපාරිකයකු වූ කරුණාදාස කොඩිතුවක්‌කු මහතාය. මෙම දන්සලේ පලතුරු විශාල වශයෙන් ගබඩාකර තිබූ අතර එම භූමියේම බත් දන්සලක්‌ සහ අයිස්‌ක්‍රීම් දන්සලක්‌ ද පිහිටා තිබුනා.

අක්‌කර 1 1/2 ක භූමියක පවත්වාගෙන ගිය මෙම අපූරු දන්සල් සංකීර්ණය මෙසේ පවත්වා ගෙන යනු ලබන්නේ 13 වරට බව කරුණාදාස කොඩිතුවක්‌කු මහතා අප කළ විමසීමකදී පැවසුවා.

පොසොන් දවසේ උදේ සිට පසුදින පාන්දර එක වනතුරු පැවැත්වෙන මෙම දන්සලට ඇදී එන පිරිස්‌ අතර ගම්පහ, නිට්‌ටඹුව, දිවුලපිටිය ඇතුළු ඒ අවට පදිංචිකරුවෝ ද වුනා.

මෙම පිරිස අතර සිටි මහනුවර පදිංචිකරුවකු වන ආර්. ඩබ්ලිව්. ද අල්විස්‌ මහතා කීවේ, තම පවුලේ පිරිස කැලණි වන්දනාවේ පැමිණි මොහොතේ මෙම පලතුරු දන්සලට පැමිණි බවය.

පසුගිය පොසොන් උත්සවයටද කැලණි පැමිණි පසු මෙසේ මෙම පලතුරු දන්සල සොයාගෙන පැමිණි බවය. දන්සලේ නිර්මාතෘ කරුණාදාස කොඩිතුවක්‌කු මහතාගේ කතාවට ද අපි සවන්දෙමු.

මේ දන්සලට වසරක්‌ පාසා මම රුපියල් ලක්‍ෂ 30 -35 ක පමණ මුදලක්‌ වැය කරනවා. මේ පලතුරු වර්ග පොසොන්වලට දවසකට දෙකකට කලින් පිටකොටුවේ සිට ලොරිවලින් ගෙන්වා ගන්නවා. මේ පලතුරු හොඳ නැවුම් ඒවා.

දන්සලට එන සෑම කෙනකුටම දන්සැල් බත් කාලා අතුරු පස වශයෙන් අයිස්‌ක්‍රීම් පලතුරු කන්ඩ පුළුවන්.

මෙම මහා දන්සලට මුදල් යොදවල සම්බන්ධ වෙන්න මගේ හිතු මිතුරන් පවා මගෙන් ඇහුවා. මම ඒකට කැමැති නැහැ. මට ඕනෑ තනියම වියදම් කරල මේ දන්සල මේ විදිහට කරගෙන යන්න.

පලතුරු දන්සලට අමතරව මගේ බත් දන්සලට මෙවර හාල් මුට්‌ට 60 ක්‌ විතර තැම්බුව. මේ දන්සල්වල සියලුම වැඩ කරන්නේ මගේ සේවක සේවිකාවෝ. ඔවුන් මහත් කැපවීමකින් යුතුව මේ සේවය කරනවා.

සෑම වසරකම ජුනි මස 15 වැනිදා මගේ උපන්දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩපිළිවෙළක්‌ද මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මගේ ගමේ අකුරස්‌සේ පදිංචි මුස්‌ලිම් ජාතික බැතිමතුන්ගේ නෝම්බි උත්සවය නිමිත්තෙන්ද වියළි සලාක බෙදා දීමේ වැඩපිළිවෙළක්‌ කරනවා.

මගේ ජීවිත කතාවේ අතීතය සිහිපත් කරන්නේ ලොකු සතුටකින්. මම මුලදී පදික වේදිකාවේ පාට පැන්සල් වික්‌කා. මගේ හැකියාව අනුව පාට පැන්සල් ව්‍යාපාරය සාර්ථක වුණා. ඊට පස්‌සේ බැනියම් කමිස වික්‌කා. හරිම පුදුමයි. බිස්‌නස්‌ එක අපූරුවට සිදු වුණා.

හැම දියුණු පුද්ගලයකු මෙම තත්ත්වයට පත්වෙන්නේ ඔවුන්ගේ උත්සාහය උනන්දුව කැපවීම මතයි. මගේ කමිස බිස්‌නස්‌ එක සරු වෙද්දී මට සිද්ධ වුණා පිටින් කමිස අරගෙන විකුණන එක නතර කරලා කමිස මැසීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කරන්න. මේ එම ගමනයි.

මේ දන්සල සිරිතක්‌ වශයෙන් විවෘත කරන්නේ අපේ ඒ. එච්. එම්. පවුසි ඇමැතිතුමයි. එතුමා හැම පෞද්ගලික වැඩක්‌ම නතර කරලා මගේ මේ දන්සල විවෘත කරන්න එනවා. කරුණාදාස කොඩිතුවක්‌කු මහතා දරුවන් පස්‌දෙනකුගේ පියෙකි. ඔහුගේ මෙම උදාර පිංකමට අපි සුබපතමු.
 
Related Posts with Thumbnails