Ads 468x60px

.

නෙහාරා පෙරපාසල් ගුරු පාඨමාලාවක් හදාරන්නේ නිළිකම අත්හරින්නද...?

සීයට අනන්තයක් මේනක මට හොඳටම ගැළපෙනවා - නෙහාරා

රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ මෙවර හැර සිවු වසරක් ජනපි‍්‍රයම නිළිය සම්මානය දිනාගත් නෙහාරා පීරිස්, ජනප්‍රිය ළු මේනක රාජපක්ෂ සමග විවාහ වීමෙන් පසුව නිළි කමින් ඈත් වීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වෙනවා.

නෙහාරා නිළිකමින් ඈත්වී පෙර පාසලක් ආරම්භ කිරීමට යන බවත් පැවසෙනවා. කෙසේවුවද ඇය නිවේදන කටයුතු අත්නොහැර සිදු කිරීමටද තිරණය කර ඇති බවත්, මේදිනවල පෙරපාසල් ගුරු පාඨමාලාවක් හදාරණ බවත් වාර්තා වෙනවා.

නෙහාරා හා මේනක මීට පෙර විවාහ වී සිටි අතර එම විවාහ අස්සේ දෙදෙනා අතර පැවැති හාදකම නිසා එම විවාහ දෙදෙරා ගියේය. මේනක විවාහ වී සිටියේ විරංගි නැමැති කැලණිය ප‍්‍රදේශයේ තරුණියක් සමගය. ඔවුන් දික්කසාද වන විට දියණියක්ද සිටි අතර මේවන විට එම දියණිය පෙර පාසල් වයසේ පසුවෙනවා.

මේනක, විරංගිගෙන් දික්කසාද වීමට ඇයට වන්දියක්ද ලබා දුන්නේය. කෙසේවුවද මේනක හා විරංගි විවාහවූයේ තෙවසරක පේ‍‍්‍රම සම්බන්ධයකින් පසුව බවත් පැවසෙනවා. නෙහාරා විවාහවී සිටියේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා සමඟය.

ඔවුන්ට දරුවන් නොසිටියහ.කෙසේවවුද නෙහාරා සති අන්ත පුවත් පතකට පවසා තිබුණේ සීයට අනන්තයක් මේනක තමාට හොඳටම ගැළපෙන බව විශ්වාස කරන බවයි.

එසේම  විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් තමාට දැන් නැතත්, තමාට තිබෙන ලොකුම බලාපොරොත්තුව මේනකත් එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම බවද ඇය සඳහන් කර තිබුනා.

නෙහාරාගේ පින්තුර කිහිපයක් මෙතනින්
 
Related Posts with Thumbnails