Ads 468x60px

.

වල්ගම හන්දියේ මෝටර් රථයක බල්ලන් එක්ක අඩ නිරුවතින් රැයක් ගතකල කෙල්ල කවුද

මාතර, ගාලු පාරේ වල්ගම හන්දියේ wp KC 2050 දරණ සුඛෝපභෝගී මෝටර් රථයක බල්ලන් එකොළහක් පමණ නංවාගත් කතක් වීදුරුව වසාගෙන ඊයේ (25) හවස සිට අද (26) උදේ 8.30 පමණ වෙනතුරු සිටි බව පැවසෙනවා. ඊයේ සවස එම ස්ථානයට පැමිණ නැවතූ රථයේ සිටි බල්ලන්ගේ සහ කාන්තාවගේ හැසිරීම සැක සහිත වූ බැවින් අවට වාසීන් එම රථයේ රෝදවල හුළං යවා ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් බව මාතර පොලිසියේ ඉහල නිලධාරියකු පැවසුවා.

කෙසේවුවද කාන්තාව රථයෙන් බිමට බැස නැත. රථයේ ආසන සියල්ල බල්ලන් විසින් සපා ඉරා දමා තිබූ අතර ඉඳහිට මෙම කාන්තාව රියදුරු අසුන පැත්තේ වීදුරුව පහත් කලද ඒ සමග රථය තුළින් ඉවසිය නොහැකි දුඟඳක් වහනය වී
තිබෙනවා.

ඇය හැඳ සිටියේ ඉතා කෙටි රෙදිකඩක් වැනි වස්ත්‍රයක් බැවින් ඇගේ දෙපා සම්පූර්ණයෙන් නිරාවරණය වී තිබි ඇති අතර ඇගේ නිරුවත් දෙපා දැකබලා ගැනීමට ප්‍රදේශයේ තරුණයින් පොරකා තිබෙනවා.


එහෙත් ඇය කා සමගවත් කතා නොකළ බවත්, රථයේ ආසන මත බලු පැටවුන් දකින්නට සිටි බවත්
පැවසෙනවා.බල්ලන් ඉතා රෞද්‍ර උන් බැවින් කිසිවෙක් රථය අසලට ගොස් නොමැති අතර, සවස් වනවිට එක් බල්ලෙක් රථයෙන් පිටතට පැමිණීම නිසා ජනතාව දුරස් වී සිද්ධිය බලා සිට ඇත.

ගත වූ මුළු රාත්‍රිය පුරා එම කාන්තාව සුනඛයන් ද සමග රථය තුළ රැඳී සිටි අතර අද උදේ වනවිට මෙම අරුම පුදුම කාන්තාව හා ඇගේ බලු රෑන බලන්නට දහසකට අධික ජනතාවක් රැස් වී
තිබෙනවා.ඒ නිසා ගාලු පාරේ වල්ගම හන්දියේ දැඩි වාහන තදබදයක් ඇති වූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ මාතර පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ වාහන තදබදය නැතිකර කාන්තාවගෙන් ප්‍රශ්ණ කර
තිබෙනවා.ඇගෙන් කිසියම් වරදක් සිදු වී නැති බව තේරුම්ගත් පොලිස් නිලධාරින් රථයේ රෝදවලට හුළං පුරවා දී ඇයට ගමන් කරන්නට අවසර දී තිබෙනවා.

කාන්තාවගේ ඥාතිවරියක්ද එම අවස්ථාවේ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරින්ට මෙම කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර දී
තිබෙනවා.
 
Related Posts with Thumbnails