Ads 468x60px

.

කහවත්ත යලි කැළඹෙයි, තවත් කාන්තාවක් ඝාතනය වෙයි

සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකයත් වහලා දාලාලු...

කහවත්ත, කොටකෙතන, වරාපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ අවුරුදු 60 ක පමණ වූ කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම ඝාතකව සිදුව ඇති අතර වරාපිටිය ප්‍රදේශය පදිංචි චන්ද්‍රාවතී නැමැති මෙලෙස ඝාතනය වී තිබෙනවා.ඇයගේ පුත්‍රයා නිවසට පැමිණෙන අවස්ථාවේ මව මියගොස් සිටිනු දැක ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කරනවා.

මීට ඉහතද කොටකෙතන ප‍්‍රදේශයේදී ඝාතන කිහිපයක්ම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකැකරුවන් කිහිප දෙනෙක්ම රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.


 
 

බොහෝ දුරට මෙයට හේතුව වශයෙන් සැලකිය හැක්කේ යුද්ධයෙන් මානසික පීඩනයට පත්ව සිටි සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකය යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල නමැති වගකිවයුතු නිලධාරියාගේ අන්තනෝමතික තීරණය මත වසා දැමීමයි.

මේ නිසා ඊලාම් යුද්ධය විසින් ඇති කල මානසික තුවාල සමග ජීවත් වූ සොල්දාදුවන් කබලෙන් ලිපට වැටුණි. සමහරු නීති විරෝධී ක්‍රියා වෙත යොමු වුනා

කහවත්තේ මහලු කාන්තාවන් ඝාතනය කල (එක් ප්‍රධාන සැකකාරයෙකු වන) අබාධිත සෙබලාගේ කතාව සලකා බලමු. 

ඔහු ඊලාම් යුද්ධය නිසා කායිකව සහ මානසිකව තුවාල ලැබූ අයෙකි. මොහු මුලින්ම ප්‍රතිකාර ගෙන ඇත්තේ යුද හමුදා රෝහලේ යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ය. එම ප්‍රතිකාර මද්‍යස්ථානය යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසින් වසා දැමිමෙන් පසුව ඔහු ආයුර්වේද ප්‍රතිකාර කඩින් කඩ ගෙන තිබේ. 

පසුව ප්‍රතිකාර අතහැර තදින්ම මත්පැන් හා ගංජා පැනයට යොමු වී ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මොහු විකෘතිභාවය නිසා මහලු කාන්තාවන් දුෂණය කොට මරා දමා තිබේ. 

නිල නොවන ආරංචි මාර්ගයකට අනුව එක් මහලු කාන්තාවක් මරා දැමීමෙන් පසුවද මොහු විසින් මිය ගිය කතව දුෂණය ලක් කොට තිරිසන් වින්දනයක් ලබා ඇත. මෙම සැකකරු අද අධිකරණය සහ ජනතාව ඉදිරියට එන්නේ බිහිසුණු අපරාධකරුවෙකු ලෙසටය. 

නමුත් ඔහුව විකෘති අපරාධකරුවෙකු බවට පත් කිරීමට නිලධාරිවාදයෙන් මත් වූ ඕලමොට්ටල නිලධාරියෙකුගේ ක්‍රියා කලාපය ඉවහල් වුයේ නැද්ද ?
 
Related Posts with Thumbnails