Ads 468x60px

.

කේට් රජ කුමරිය නිරුවත් කලේ පැපරාසි ගැහැනියක්.

රාජකීය යුවළ රිසි සේ විනෝද වන අන්දම බලන්න හොඳට හැකියාව තිබුණා...

ඉතා පැහැදිලිව සිරුර පෙනෙන සේ සිටීම ගැන ඇය මිට වඩා සැලකිලිමත් විය යුතුයි..

මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය පැත්තෙන් මේ දිනවල එක දිගට ඇසෙන්නේ මාලිගයේ ඇත්තන්ගේ නිරුවත් ඡායාරූප පුවත්පත්වල පළවූ ප්‍රවෘත්තිය. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි පරපුරේ තෙවැනියා වන්නේ හැරී කුමරුයි. 

ඇෆ්ගනිස්ථානයේ යුද සේවයේ යෙදී සිට නිවාඩුවකට පැමිණ ඇමෙරිකාවේ ලාස්වේගාස්හි දී තරුණියන් කීපදෙනකු සමඟ හැරී කුමරු නිරුවතින් සිටිමින් විනෝද වෙන අයුරු පසුගියදා ලොව පුරා වෙබ් අඩවි සහ පුවත්පත් සිසාරා යහමින් ප්‍රචාරය වූයේය.

ඒ සියල්ල බකිංහැම් මාලිගය ඉවසා දරාගෙන සිටියදී කුමරු වෙනුවෙන් යම් යම් දෙනා ප්‍රකාශ නිකුත් කළහ. සියල්ල යටපත් කරමින් කුමරු යළිත් ඇෆ්ගනිස්ථානයේ යුද සේවය සඳහා නික්ම ගියේය. 

ඉන්පසු යළිත් පුවත්පත්වල කුමරු ගැන සඳහන් වූයේ ඔහු සේවයේ නිරත හමුදා අනුඛණ්ඩය සිටින කඳවුරට තලේබාන් ප්‍රහාරයක් එල්ලවීමත් සමඟයි. තලේබානුන් හැරී කුමරු ඝාතනය කරන බවට දිව්රා පොරොන්දු වී සිටිය දී සිදුවූ මේ ප්‍රහාරයෙන් කුමරු නිරුපද්‍රිතව බේරිණ.

ඉන් ගතවූයේ සතියයි. බකිංහැම් මාලිගයේ ඇත්තියක ගේ නමක් නිරුවත් ඡායාරූප සමඟ ඈඳුණා.
ඒ කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය ලෙස සැලකෙන කේට් ගේ නමයි. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි දෙවැන්නා වන විලියම් කුමරුගේ බිරිය වූ කේට් ගැන මුළු ලෝකයම සිටින්නේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය ගැන තරම්ම වූ අවධානයකිනි. 

සිය සැමියා වන විලියම් කුමරු සමඟ කේට් කුමරිය මහරැජනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් ආසියා පැසිපික් කලාපයේ රටවල සංචාරයක යෙදෙමින් සිටිද්දී දකුණු ප්‍රංශයේ මාලිගාවක නාන තටාකයක් අසල උඩුකය නිරුවතින් හිරු රැස් තපින සේයාරූ ප්‍රංශ සඟරාවක පළවීමත් සමඟ එංගලන්තයේ මෙන්ම ලොව පුරාම යළිත් ඇතිවූයේ නිරුවත් සේයාරූ කලබැගෑනියකි.

ප්‍රංශ සඟරාවේ එම සේයාරූ පළවීමත් සමඟ අයර්ලන්ත පුවත්පතක් එම සේයාරූ උපුටා ගනිමින් යළිදු පළ කළේය. මේ සඳහා ලද ඉමහත් ප්‍රසිද්ධිය නිසා ඉතාලි ටැබ්ලොයිඩ් පුවත්පතක් තම මීළඟ විශේෂ ප්‍රකාශනයේ කුමරියගේ සේයාරූ 13ක් පළකරන බව ප්‍රකාශ කර තිබිණ. එම පුවත්පත ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලුස්කෝනිට අයත් එකක් බව ද පැවසේ.

මේ ප්‍රකාශයත් සමඟම මෙතෙක් සියල්ල ඉවසා දරා සිටි විලියම් කුමරු නීති මඟට බැසීමට පියවර ගත්තේ නිරුවත් සේයාරූ සිද්ධියෙන් සිත් තැවුලට පත් කේට් කුමරිය වෙනුවෙනි.”මගේ කේට් ගේ සිත් රිදවූ අයට එරෙහිව මං නඩු මඟට බසිනවා” විලියම් කුමරු පවසා තිබිණ.

දකුණු ප්‍රංශයේ මාලිගාවක නාන තටාකය අසල කේට් කුමරිය හිරුරැස් නාන අන්දම සේයාරුවට නඟා ඇත්තේ ඡායාරූප ශිල්පිනියක විසින් බව දැන් හෙළිවී ඇත්තේය. වැලරි සුවර් නම් වූ මේ ඡායාරූප ශිල්පිනිය දැන් පවසන්නේ තමා කේට් කුමරිය නාන ඇඳුමින් සිටින අන්දම සේයාරුවට නැඟුවත් ඇය උඩුකය නිරුවත්ව සිටින අන්දම සේයාරුවට නොනැඟූ බවයි. තමන් ප්‍රංශ සඟරාවේ පළ කළ සියලුම සේයාරූ ඉතා විනීත ශිෂ්ටසම්පන්න සේයාරූ ලෙසය.

බකිංහැම් මාලිගය මේ සේයාරූ ගැන කලබලවීමත් සමඟ බියට පත් වැලරි දැන් වැඩිය එළිමහනට නොපැමිණ සිය ‘ෆේස්බුක්’ වෙබ් අඩවියෙන් තම මුහුණ දැක්වෙන සේයාරූ ද ඉවත් කරගෙන ඇතැයි පැවසේ.

”මං එතැනට යද්දි පළාතම තදබල ලෙස ආරක්ෂාව තරකර ඇතැයි බලාපොරොත්තු වුණත් එතැන එහෙම වූයේ නැහැ. රාජකීය යුවළ රිසි සේ විනෝද වන අන්දම පාරේ සිට බලන්න හොඳට හැකියාව තිබුණා. එතැන මා පමණක් නොවෙයි තවත් සෙනඟ හිටියා. මාලිගයේ සේවකයන් ද ඒ අහල පහල සිටියා. ආදිපාදවරිය ඒ ගැන නොදැන සිටියා විය නොහැකියි. මේ ආකාරයට ඉතා පැහැදිලිව සිය සිරුර පෙනෙන සේ සිටීම ගැන ඇය මිට වඩා සැලකිලිමත් විය යුතුයි” යනුවෙන් ඡායාරූප ශිල්පිනිය පවසනවා.

රාජකීය යුවළ නවාතැන් ගෙන සිටි මාලිගය අසල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන වැලරි පවසන්නේ ප්‍රංශ හෝ බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් ඒ අසලකවත් නොසිටි නිසා ඕනෑම අයකුට රිසිසේ රාජකීය යුවළ සේයාරුවට නැඟීමට අවස්ථාව තිබූ බවය. ඇය මේ සේයාරූ රැගෙන ඇත්තේ ටෙලි කාචයක් භාවිතා කර බව ද හෙළි විය.

මේ අතර සිද්ධිය ගැන රාජකීය යුවළට ආරක්ෂාව සැලසූ අයට ද චෝදනා එල්ල කෙරේ. ඕනෑම අයකුට නිදහසේ ඔවුන් සිටින සීමාවට ගොස් අනතුරක් වුව කළ හැකි තරම් අනාරක්ෂාවක් එතැන වූ බව හෙළිවී තිබේ.
සේයාරූවල දැක්වෙන්නේ විලියම් කුමරු නාන ඇඳුමින් සැරසී කන්නාඩි යුගලක් ද පැලඳ සිට අයිපෝඩය පිරික්සමින් සිටිද්දී කේට් ‘බිකිනියකින්’ සැරසී අව්ව තපින අන්දමය.

කෙසේ වෙතත් කේට් කුමරිය සිය හැඟීම් හෙළි නොකර ඉතාමත් සිනාමුසුව සිය සංචාරයේ දිගටම යෙදුණ අන්දම ද පුවත්පත්වල සේයාරූ මඟින් පළවිය. මේ සිද්ධිය ගැන බකිංහැම් මාලිගය පවසන්නේ ‘මෙය ඉතාමත් කෑදර නින්දිත පෙලඹවීමක් මත සිදුවූවක්’ බවයි.

සේයාරූ පළවූ අදාළ පුවත්පත්වල හිමිකරුවන් සිද්ධිය ගැන සිය කනස්සල්ල පළ කරන අතර බ්‍රිතාන්‍ය ඇතැම් පුවත්පත් හිමිකරුවන් ‘කේට් කුමරිය ද තවත් ඩයනා කෙනකු කරන්නට එපා’ යැයි කියමින් සිය විරෝධය දක්වා තිබේ.

මේ අතර එංගලන්තයේ ශාන්ත ජේම්ස් මන්දිරයෙන් ප්‍රකාශකයෙක් පැවසුවේ සිද්ධිය ගැන ප්‍රංශ බලධාරීන් ද සමඟ එකතුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවය.

මේ සියලු අලකලංචි මැද්දේ රාජකීය යුවළ සිය ආසියානු සංචාරයේ යෙදුණේ කිසිම දෙයක් සිදු නොවුණු ගාණටයි. ඔවුන් සොලමන් දූපත්වලට ළඟා වූ විට පිළිගනු ලැබුවේ උඩුකය නිරුවත් ගෝත්‍රික කාන්තාවන් පිරිසක් විසිනි. මේ දුටු කේට් කුමරිය ගේ මුවින් ‘චිකිස්’ ගා සිනහවක් පිටවූ බව වාර්තා විය.







කේට් කුමරිය ප‍්‍රංශයෙන් නිරුවත් කල හැටි මෙන්න. 

කේට් ගේ උඩුකය නිරුවත් රූ පළ කිරීම සපුරා තහනම් කරයි

 
Related Posts with Thumbnails