Ads 468x60px

.

අපේ නම් දාලා ළමා දිනයේ ලොකු හොරකමක් කරලා - භාතිය සංතුෂ්

විදුහල්පතිතුමා ඇවිත් මටත්,භාතියටත් කියනවා “මම ඔයාලව දන්නේ නැහැ. 

මම ඔයාලට එන්න කිව්වෙත් නැහැ. මේ ප්‍රශ්නය මට අයිති නැහැ”යි කියලා... 

සංවිධායකයන් කියනවා “පවුනේ මේ ළමයි.මොනවා හරි කරන්න”කියලා...

ලෝක ළමා දිනය යෙදී තිබුණ ඉකුත් 01 වැනිදා ශ්‍රි ලංකා‍වේ ඉතා ජනප්‍රිය තරුණ ගායකයින් යුගළක් වන භාතිය හා සන්තුෂ් කලාකරුවන්ගේ නම විකුණමින් කුරුණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් සිදුකළ දැවැන්ත ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වුනා

මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව අද 04 උදේ ගායක සන්තුෂ් වීරමන් කලාකරුවා අනාවරණය කළ සිදුවීම සැකවින් මෙසේය.

 
ලෝක ළමා දිනය යෙදී තිබුණ 01 වැනිදා අප සිටියේ මහනුවර 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරාත්මක වැඩ සටහනකට සම්බන්ධ වෙලා. ගීත ප්‍රසංගයක් හෝ ප්‍රචාරාත්මක වැඩ සටහනකට සම්බන්ධ වීමෙන් පසු දැනෙන දැඩි තෙහෙට්ටුව නිසා අපි වෙනත් ප්‍රසංග භාර ගන්නේ නැහැ. නමුත් ලෝක ළමා දිනය ඉතා උතුම් වැඩ සටහනක්. 

අපේ රටේ දරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන එබඳු ප්‍රසංගයක් වෙනුවෙන් මොන තරම් ‍ තෙහෙට්ටුවක් තිබුණත් අප ඊට සහභාගී වෙන්නේ බලාපොරොත්තු වූයේ ඉතා සතුටින්. 

මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් සියලු වැඩ කටයුතුවලට සම්බන්ධ වුණේ  මගේ සහ භාතියගෙත් කැමැත්ත ඇතිව අපේ කළමනාකාරවරුන් සහ සුප්‍රසිද්ධ කලාකරුවකු වන ජයනාත් වරකාගොඩ. ලෝක ළමා දිනය දවසේ මහනුවර සිට අපි කෙලින්ම ආවේ කුරුණෑගල අදාළ ස්ථානයටයි. ඒක කුරුණෑගල සුප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක්. 

ළමුන් විශාල ගණනක් ඉගෙනුම ලබන මෙම ජාත්‍යන්තර පාසල අයත් තැනැත්තා රටේ ප්‍රසිද්ධ අයෙක්. එම ස්ථානයට පැමිණියාට පසු ජයනාත් වරකාගොඩ සොහොයුරා පැමිණ අප හමුවුණා. ඔහු පැවසුවා මෙම ප්‍රසංගය සංවිධානය කරන අය මුදල් ගෙවන්න බැරි බව පවසනවා කියලා. 

ඒ වනවිට අපගේ ප්‍රසංගයට අවශ්‍ය සංගීතය,ශබ්ද, විදුලි ආලෝක,ඒවාට අවශ්‍ය ශිල්පීන් හා කාර්මිකයින් සියලුම දෙනා ජයනාත් වරකාගොඩ විසින් ගෙනැවිත් තිබුණා. විශාල වියදමක් ඒ සඳහා යොදවා තිබුණා. මගේත්,භාතියගේත් නම් සඳහන් කරලා ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරලා ඒ සියල්ල අලෙවි කරලා තිබුණා. 

ටිකට් පත්‍ර රුපියල් 3000, 2000 සහ 1000 බැගින් අලෙවි කර තිබුණා. ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් සියලු දෙනා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණා. ඒ ,ලෝක ළමා දිනය හා තමන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලට ගෞරව පිණිසයි. 

විශාල ජනතාවක් රැස් වී සිටියා. මමත් භාතියත් ඕනෑ තරම් නොමිලයේ ප්‍රසංග පවත්වනවා. සාමාන්‍යයෙන් වසරකට එවැනි ප්‍රසංග පනහක් විතර පවත්වනවා. නමුත් හොරකමට ඉඩ දෙන්න බැහැ. එතන සිදු වෙන්නේ විශාල වංචාවක් බව අපි කාටත් වැටහුණා. 

ඒ නිසා අපේ කළමනාකරුවන්ට මෙම ප්‍රශ්ණය විසඳා ගන්න ඉඩ දී අපි දෙන්නා බලා සිටියා. නමුත් ප්‍රශ්නය විසඳෙන පාටක් නැහැ. ජයනාත්ට ඉතිරි මුදල් ගෙවන්නෙත් නැහැ. මෙම පාසල විසින් ප්‍රසංග‍ය සංවිධානය කිරීමේ වගකීම පවරා දී ඇත්තේ වෙනත් පිරිසකට. 

ඔවුන් අපට කිව්වා “ඔයාලට දැන් ආරක්ෂාව අවශ්‍යයි. ඒ නිසා අර කාමරයට යන්න. අපි ආරක්ෂාව සලසලයි තිබෙන්නේ.’’ කියලා. එවිට අපි කිව්වා “අපිට මොකටද ආරක්ෂාව. ආරක්ෂව ඕනෑ කරන්නේ හතුරෝ ඉන්නවා නම් විතරයි. අපට හතුරෝ නැහැ. 

හැබැයි ඔයාලට නම් දැන් හතුරෝ ඉන්න පාටයි. ඒ නිසා ඔයාලා ඒ කාමරයට යන්න” කියලා. ඊට පස්සේ අපි කිව්වා මේ පාසලේ විදුහල්පතිතුමාට ඇවිත් මෙම ප්‍රශ්නය අපත් සමග කතා කරන්න කියලා. එහෙමත් නැත්නම් මේ පාසල අයිති මහතාට ඇවිත් අපව මුණ ගැසෙන්න කියලා. 

එහෙම කිව්වේ ලෝක ළමා දිනය වෙනුවෙන් යම් කැප කිරීමක් කරමු කියලා අපි තීරණය කළ නිසා. ටික වේලාවකට පස්සේ විදුහල්පතිතුමා යැයි කියා ගත් මහත්මයෙක් ආවා. ඔහු ඇවිත් මටත්,භාතියටත් කියනවා “මම ඔයාලව දන්නේ නැහැ. මම ඔයාලට එන්න කියල කිව්වෙත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය මට අයිති නැහැ”යි කියලා. 

පාසල නමින් ටිකට් මුද්‍රණය කරලා,ඒ ප්‍රවේශ පත්‍රවලට අපේ නම් දලා, සංගීත කණ්ඩායමත් ඇවිල්ලා,රසිකයොත් පිරිලා ඉඳිද්දී විදුහල්පතිතුමා කියන ඒ කතාව කොහොමද අපි විශ්වාස කරන්නේ. 

ඊට පස්සේ සංවිධායකයන් කියනවා “පවුනේ මේ ළමයි.මොනවා හරි කරන්න” කියලා. ඔවුන් කළ සොරකම ළමුන් පිට අනුකම්පාවෙන් පටවන්න හදන බව අපට තේරුණා. මේ නිසා ප්‍රසංගය පවත්වන්න බැරි තත්ත්වයක් උදා වුණා. අනුකම්පාව උඩින් වංචාවක් කරන්න දුන්නොත් ඒක පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. ඒ වැඩේ වැරැදියි. 

අපි එයට විරුද්ධව නැගී සිටියා. මෙම අවස්ථාවේ කුරුණෑගල පොලිසියත් සිද්ධියට මැදිහත් වුණා. එම පොලිස් නිලධාරින්ට අප විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේ කරන්න ඕනේ. ඔවුන් ඉතා ඉවසිල්ලෙන් ,කලබගෑනියක් සිදු නොවන ආකාරයට නොසන්සුන් වූ රසිකයන් සන්සුන් කරලා අපව පිටත් කළා.”
 
Related Posts with Thumbnails