Ads 468x60px

.

බණ්ඩා‍රී‍ගේ වම්බටු මාලය නිසා අනාර්කලීට මල පනී.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් සභාවට ආදර්ශවත් විය යුතුයි...අනර්කලී

ඉඳලා ඉඳලා මන්ත්‍රීතුමියට කතා කරන්න මතක් වුණේ වම්බටු දැක්කාම...චන්දන

දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති චම්ලි විදානාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 03 පෙරවරුවේ දකුණු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ දී දිවිනැඟුම පනත් කෙටුම්පත පිළිබද විවාදයට ගැනීමත් සමඟ විපක්ෂ මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ගේ සභාවට පැමිණීම නොසන්සුන්කාරී තත්වයක් ඇති කිරීමට හේතුවුනා

ඒ වම්බටු මාලයක් පැලඳ වම්බටු කිලෝව අසූවයි කියමින් බන්දුල ලාල් මහතා සභා ගැබට පැමිණීම නිසායි

 
සභා රැස්වීම් ශාලාව තුළට බාහිර ද්‍රව්‍ය ගෙන ඒම ආරක්ෂාවට බාධාවක් බැවින් වම්බටු මාලය ඉවත් කර ගන්නැයිආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

“ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් සභාවට ආදර්ශවත් විය යුතුයි. අප කිසිදාක සභාවේ ආරක්ෂාව අවදානමට ලක් කර නෑ” යනුවෙන් පළාත් සභා මන්ත්‍රි අනර්කලී ආකර්ෂා මෙනවිය පවසා තිබෙනවා.

එවිට “ඔයාට ඕනද මේක. අපි මාස තුනකට සැරයක් මෙතැනට ඇවිත් පිං පඩි ගන්නේ නෑ” යනුවෙන් බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසා තිබෙනවා.

“ඉඳලා ඉඳලා මන්ත්‍රීතුමියට කතා කරන්න මතක් වුණේ වම්බටු දැක්කාම” යි යනුවෙන් එජාපයේ චන්දන ප්‍රියන්ත මන්ත්‍රිවරයා පවසා තිබෙනවා.

කෙසේ නමුත් මේ විවාදය මෙසේ උණුසුම්ව යද්දී චම්ලි විදානාච්චි මහතා බන්දුල ලාල් මහතා රැගෙන ආ වම්බටු මාලය සභා ගැබෙන් ඉවත් කිරීමට පළාත් සභා චේත්‍රධාරිවරයාට නියම කර තිබෙනවා.
 
Related Posts with Thumbnails