Ads 468x60px

.

දමිතාගේ මැණික් ගල බලන්නට ප‍්‍රසාද්ට යැවූ SMS එක.

කෙටි පණිවුඩයක් හේතුවෙන් අපූරු අල කළංචියක්..

මැණික් ගල බලන්නට අතුරුගිරියේ පෝරේ හංදියේ ඉසුරු විමන නම් ස්ථානයට එන්න කියලා...

සහය අධ්‍යක්ෂවරයෙකු වන සසංක ඉඳුනිල් විසින් සරසවිය පුවත්පතේ මාධ්‍යවේදීයකු වන ප‍්‍රසාද් සමරතුංගට දමිතා අබේරත්නට මැණික් ගලක් ලැබුණු බව පවසමින් එවූ කෙටි පණිවුඩයක් හේතුවෙන් අපූරු අල කළංචියක් වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

අදාල කෙටි පණුවුඩය අනුව ප‍්‍රසාද්, දමිතාගේ මැණික් ගල බලන්නට ඇය ඒ වන විට සිටින බව පැවසූ අතුරුගිරියේ පෝරේ හංදියේ ඉසුරු විමන නම් ස්ථානයට ගොස් තිබේ.

ප‍්‍රසාද්ට එම ස්ථානයට ලගාවත්ම මෙතන සිදුවන්නේ කුමක්දැයි ඉවෙන් මෙන් වැටහී තිබේ.දමිතාට මැණික් ගලක් ලැබුණු බවට සසංක, ප‍්‍රසාද්ට කෙටි පණිවුඩයක් එවා ඇත්තේ

මොහාන් නියාස්ගේ අලුත්ම ටෙලිය වන ‘ඉසුරු විමන’ ටෙලිය ගැන පුංචි ලිපියක් පල කර ගැනීමටය.

මේ ටෙලියේ කතාව ගෙතී ඇත්තේ අවාසනාවන්ත යැයි ලෝකයා සිතන භාග්‍යා නම් තරුණියක් වටාය.භාගා්‍යාගේ චරිතයට දමිතා පණ පොවන අතර ඉසුරු විමනේ කතාව අනුව අවාසනාවන්ත භාග්‍යාට මැනිකක් නිසා වාසනාව උදාවේ.


ගයේෂා පෙරේරා, ලියෝනි කොතලාවල, චන්දික නානායක්කාර, චංචලා වර්ණසූරිය, ඪී.බී. ගංගොඩතැන්න, තාරුකා වන්නිආරච්චි,  සුගත් ජානක, නිමාලි කපුගේ, සරත් චන්ද‍්‍රසිරි, නිල්මිනි කෝට්ටේගොඩ, නුවන් ගුණසේකර, කපිල සිගේරා, ජගත් ඇපලදෙණිය, නාමල් පේ‍්‍රමතිලක හා බුද්ධික අබේරත්න මෙහි සෙසු චරිත මවති.

මෙම ටෙලියේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරනු ලබන්නේ ඉරාජ් ගුණසේකර හා වෛද්‍ය ආර්.කේ.කේ. සියානි යන දෙදෙනාය.මෙහි සහය අධ්‍යක්‍ෂවරුන් ලෙස රොසාන් ජයසුන්දර හා සසංක ඉඳුනිල් කටුයුතු කරති.මෙහි පිටපත ලියා ඇත්තේද මොහාන් නියාස් වන අතර පී.කේ. ලෙනාඩ් ට මෙහි කැමරාකරණය භාරදී තිබේ.
 
Related Posts with Thumbnails