Ads 468x60px

.

ලෝක විනාශය ඇත්තටම සිදුවේද...?

ටව්ටාටිස්‌ උල්කාපාතය පෘථිවිය අසලින් ගමන් කරන්නේ අදයි

එම උල්කාපාතය චන්ද්‍රිකාවක්‌ සමග ගැටීමට ඉඩ තිබෙනවාලු...
 
දෙසැම්බර් 21 වැනිදාට තව ඇත්තේ දින හයයි...

ලෝකවාසීන් මිලියන ගණනක්‌ අතර ලෝක විනාශය ගැන විවිධ මිථ්‍යා මත පැතිර යමින් පවතී. එක්‌ ප්‍රචාරයකින් කියෑවුණේ සූර්යා විසින් පෘතුවිය විනාශ කරන බවයි.

තවත් පුවතකින් පැවසුණේ ග්‍රහයෙක්‌ පෘථිවිය වෙත ගැටීමෙන් පිටසක්‌වල ජීවීන්ගේ ආක්‍රමණයක්‌ සිදුවන බවයි. ඒ නිසාම මිලියන 25 ක්‌ ඇමරිකානුවන් අවි ආයුධ රැස්‌ කරගෙන ඇතැයි නාසා ආයතනය විසින්ම හෙළි කර ඇත. 


මේ සමගම පාප් වහන්සේ ක්‍රිස්‌තියානි ජනතාව වෙතින් ඉල්ලීමක්‌ කරමින් ලෝක විනාශය නමැති මිථ්‍යා මතයට නොරැවටෙන්නැයි ඉල්ලා ඇත.

ලෝක විනාශය පිළිබඳ මායාවරුන්ගේ අනාවැකිය ගැන ගෝතමාලාවට ගොස්‌ විමර්ශනයක්‌ සිදු කළ නැෂනල් ජියෝග්‍රැක්‌ සඟරාවේ ඩිජියෝ බුහුඑල් පැවසුවේ "මායාවරුන් උමං ජලාශ ඉදිකරමින් සශ්‍රීක දිවිපෙවෙතක්‌ ගත කළ බවත් එහෙත් හදිසියේ ඇතිවූ නියඟයට මුහුණදීම නිසා අසහනකාරී තත්ත්වයට පත්වූ බවයි. 

ඔවුන් ජල දෙවියා යෑයි හඳුන්වන චොක්‌ දෙවිඳුට ළමුන්ව පවා බිලි දුන්නා. එහෙත් එම ක්‍රමවේදය සාර්ථක වූයේ නැහැ. අපි මේ උමං ජලාශ සියල්ලම නිරීක්‍ෂණයට ලක්‌ කළා"යෑයි ඔහු සිටියේය.

මේ අතර මායා දින දර්ශනය ගැන අභ්‍යවකාශ විමර්ශන මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජෝන් කැල්සන් පවසන්නේ එහි දොෂ රැසක්‌ ඇති බවයි. නාසා ආයතනයේ ග්‍රහයන් සම්බන්ධ විමර්ශන ආචාර්ය දොන් සෝබන්ස්‌ ද කියා සිටියේ උල්කාපාත හෝ ධුමකේතු පෘථිවිය සමග ගැටෙන බවට නිසි තොරතුරු නැති බවයි. එහෙත් උල්කාපාතයක්‌ පෘථිවිය වෙත එනවා නම් දීප්තිමත් තිතක්‌ දක්‌නට ලැබෙයි"යෑයි හෙතෙම පළ කළේය.

මේ පසුබිම මැද ටව්ටාටිස්‌ නමැති උල්කාපාතය පෘථිවියට කිලෝමීටර් 226000 ක්‌ ඈතින් ගමන් කරන බවත් ඉන් අර්ධ සූර්යග්‍රහණයක්‌ ඇතිවිය හැකි බවත් ඇමරිකානු නාසා ආයතනය විසින් හෙළි කර ඇත. එසේම තවත් උල්කාපාතයක්‌ පෘථිවියට සැතපුම් මිලියන 4.3 ක්‌ ඈතින් ගමන් කෙරේ. මෙම උල්කාපාතවල ගමන ස්‌ලෝ නමැති අධිතාක්‍ෂණික අභ්‍යවකාශ කැමරාව මගින් දෙසැම්බර් 11 වැනිදා සිට නිරීක්‍ෂණය කරන බව හෙළි විය.

මෙකී ටව්ටාටිස්‌ උල්කාපාතාය දුරදක්‌නාවලින්ද විමර්ශනය කළ හැකිය.

මේ අතර ලෝක විනාශය නමැති සිද්ධිය ගැන නාසා ආයතනය වීඩියෝ පටයක්‌ නිර්මාණය සුෙච්රියානුවන් විසින් නිබ්රු නමැති ග්‍රහයෙක්‌ සිටින බව කීවා. නමුත් එවන් ග්‍රහයෙක්‌ සෞරග්‍රහ මණ්‌ඩලයේ නැහැ යෑයි නාසා වීඩියෝ පටයෙන් ප්‍රකාශ කර ඇත.

එහෙත් ටව්ටාටිස්‌ උල්කාපාතය චන්ද්‍රිකාවක්‌ සමග ගැටීමේ ඉඩ ඇති බව නාසා රසායනාගාරයේ විද්‍යාඥ පෝල් චෝද්‍රස්‌ කියා සිටී.මේ උල්කාපාතය පෘථිවිය අසලින් ගමන් කරන්නේ 2013 පෙබරවාරි 15 දායි. එය මුලින්ම සොයාගනු ලැබුවේ ස්‌පාඤ්ඤයේ ලා සැක්‌ ආකාශ වස්‌තු පරීක්‍ෂණාගාරයයි.

එසේ වුවත් ලොව විවිධ රටවලදී දක්‌නට ලැබෙන ආලෝක ධාරා සහ ශබ්ද කුමක්‌ද යන්න ගැන මෙතෙක්‌ හෙළිවී නැත. මේ හැර සතුන්ගේ හැසිරීමේ රටාව ද වෙනස්‌වීමේ සිද්ධීන් වාර්තා වී ඇත. මෙම තත්ත්වය නිසා අබිරහස්‌ ක්‍රියාදාමයක්‌ සිදුවීමට ඉඩ ඇතැයි ඇතැම් නිරීක්‍ෂකයෝ පවසති.

එහෙත් නාසා ආයතනයේ විද්‍යාඥ ඩේවිඩ් මොරිසස්‌ පවසන්නේ පෘථිවියට කිසිසේත් හානිදායක තත්ත්වයක්‌ ඇති වන්නේ නැති බවත් ඇමරිකානු ජනතාවගෙන් විශාල පිරිසක්‌ තුවක්‌කු හා උණ්‌ඩ මෙන්ම ගිනිපෙට්‌ටි ද රැස්‌ කරගන්නා බවයි. මේ මිථ්‍යා කතාවට ළමුන් පවා බය වෙලා. ඇතැමුන් ආහාර අනුභව කරන්නේ නැහැ. නිදා ගන්නේ නැහැ. ඇමරිකානුවන් දැන් නත්තල සැමරීමටවත් උනන්දු වන්නේ නැහැ යෑයි මොරිසන් කියා සිටියේය.

මෙලෙස අවි ආයුධ එක්‌රැස්‌ කරගෙන සිටින පිරිස්‌ 21 වැනිදා තමන් සිටින ස්‌ථානවල සිටිය යුතුයි. ඔවුන් එළියට පැමිණ අරාජික තත්ත්වයක්‌ ඇති නොකරන්නැයි මා ඉල්ලනවා යෑයි ඔහු වැඩිදුරටත් පළ කළේය.

මේ අතර මායාවරුන්ගෙන් පැවත එන්නන් විසින් පිහිටුවාගෙන ඇති මායා ජනතා කමිටුවේ නියෝජිත මේරි කොබා පවසන්නේ සුදු ඇඳුමින් සැරසී සුදු ඉටිපන්දමක්‌ දැල්වීමට ක්‍රියා කළ යුතු බවයි. එහෙත් රුසියාවේ ටොම්ස්‌ක්‌ නගරයේ සමාගම් නගර වැසින්ට ලෝක විනාශයෙන් වැලකීමේ පෙට්‌ටි ඇලෙවි කිරීම අරඹා ඇත. ඊට ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා වොඩ්කා මත්පැන් බෝතලයක්‌ ද ඇතුළත් වී තිබේ.

මෙම වාතාවරණය මැද ලෝක විනාශය සිදුවන බවට මායාවරුන් පැවසූ අනාවැකිය තේමා කරගෙන රෝලන්ඩ් එමර්ජිත් විසින් 2012 නමින් චිත්‍රපටයක්‌ ද, ස්‌ටීවන් ඕල්ටන් විසින් මායා තෙස්‌තමේන්තුව නමින් ග්‍රන්ථයක්‌ ද ප්‍රකාශයට පත් කිරීමෙන් මිථ්‍යා මත විශ්වාස කරන්නෝ බීතියට පත්වූහ.


ලෝක විනාශය පිළිබඳ මතිමතාන්තරවල සත්‍යතාවක් නැහැ...

ලෝක විනාශයක් සිදුවන බවට ලොකු කතා බහක් රටපුරා පැතිර ගියද එහි සත්‍යතාවක් නොමැති බව හෙළිවී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා එසේ සඳහන් කෙළේ පෙරේදා (13දා) කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

අද රට තුළ ඇති වී තිබෙන යම් යම් සිද්ධීන් මෙවැනි කතා බහකට හේතුවී ඇති බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේද පැවැසීය.


මෙම කතාබහට හේතුවූ එක් කරුණක් වන්නේ රට තුළ ඇතිවූ භූ කම්පනයි. අම්පාර ප්‍රදේශයේ භූ කම්පන කීපයක් සිදුවෙලා තියෙනවා. ඒ වගේම කළුතර ප්‍රදේශයේත් භූ කම්පන කීපයක් ඇති වුණා. ඒ නිසා ජනතාවගේ සිත් තුළ සැකයක් මතු වී තියෙනවා කොයි වෙලාවක හෝ ලොකු භූ කම්පනයක් ඒවි කියලා. 


ඒක බැහැර කරන්න පුළුවන් කෙනකුත් නැහැ. හැබැයි එනවා කියලා ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන් කෙනකුත් නැහැ. නමුත් අපි සූදානමින් ඉන්නවා. එවැන්නක් ඇති වුණොත් කාහටවත් වළක්වන්න බැහැ. සුනාමියක් ආවොත් එයින් ජනතාව මුදාගන්න අපිට දැන් ක්‍රමවේදයක් තියෙනවා. 

ප්‍රමාණවත් කාලයක් තුළ සියලු ජනතාව එම ප්‍රදේශවලින් අෑත් කරන්න හැකි පසුබිමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට තිබෙනවා. නමුත් භූ කම්පනයක් ඇති වුණොත් කවුරුත් ඉවත් කරන්න වෙලාවක් නැහැ. ඒකටත් අපි අමාත්‍යංශය හැටියට අදාළ අමාත්‍යංශ එකතු කරගෙන සාමූහික වැඩපිළිවෙළක් දැනටමත් සකස් කර තියෙනවා.

තවත් ප්‍රශ්නයක් මතුවී තියෙනවා. "රතු වැස්ස" පිළිබඳවත් විවිධ කතා, විවිධ මත අද ඉදිරිපත් වී තියෙනවා. අපේ රටේ ඉන්න උගත්, බුද්ධිමත් අය මත දෙකකයි ඉන්නේ. මහාචාර්ය වික්‍රමසිංහ මහතා ලංකාවට ආ වෙලාවේ කියලා තියෙනවා පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් මේ තුළ තියෙනවා කියලා. 


ඒක අපිට බැහැර කරන්නත් බැහැ. තවත් ප්‍රවීණයන් පිරිසක් කියනවා එහෙම දෙයක් නැහැ කියලා. පසුගිය දිනවල පුවත්පත්වල පළවුණා මේ වැස්සේ ආසනික් තියෙනවා කියලා. ඒ වගේම මෙහි යකඩ තියෙනවා කියලත් කියනවා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නෙ. මේ ගැනත් ජනතාව බියෙන් ඉන්නේ.

මේවා ලෝක විනාශයේ ආරම්භයේ පෙරනිමිතිද කියලා මිනිසුන් සිතනවා.

මෙහි කිසිදු අනතුරුදායක තත්ත්වයක් නැති බවට තමයි මත ඉදිරිපත් වී තියෙන්නෙ. ඒ පිළිබඳව අවශ්‍ය පර්යේෂණ කටයුතු කරනවා. පිටසක්වළ ජීවීන් එනවා කියනවා. යානා දැක්ක කියනවා. එළිදැක්කා කියනවා. මේවාට බය වෙලා ළමයින් අසනීප වෙලත් තියෙනවා. 


මේ නිසා සමහරුන්ගේ මනස විකෘති වෙලා තියෙනවා. බියක් ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද අමාත්‍යවරයා පැවැසීය.  

සිදුවන්නේ ලෝක විනාශයක් නොව යුගයක අවසන්වීමක්... 

බොහෝ දෙනා පවසන ආකාරයේ ලෝක විනාශයක් මේ දෙසැම්බර් මාසයේ සිදු නොවන බවත් සිදුවන්නේ යුග විනාශයක් පමණක් බවත් මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියෝ පවසති. සිරිධම්මාලංකාර හිමියන් පවසන ආකාරයට කවරාකාරයේ හෝ විශාල විනාශයක් මේ දෙසැම්බර් 16 දා සිට 26 දක්වා වන කාලය අතරතුරේදී නිසැක ලෙසම සිදුවේ.

එය භූමි කම්පා, සැඩසුළං, ජල ගැල්ම, නාය යෑම් ආදී විපත් කිහිපයක් එකට හෝ වෙන් වෙන්ව සියලුම ප්‍රදේශයන්හි එකවර හෝ වෙන්වෙන්ව සිදුවිය හැකිය. මේ කාලයේදී උන්වහන්සේ විසින් සිදුකරනු ලබන ධර්මදේශනා ආදී ආගමානුකූල කටයුතු ද නවතා ඇත්තේ ඒවාට සහභාගිවීමට පැමිණෙන ජනතාව පිළිබඳ සැලකිලිමත් වෙමින් බවද පැවැසූහ. 


පසුගිය 12 වැනිදා ලැබූ අමාවක පොහොයත් සමඟ මේ යුග විනාශය ඇරැඹුණු බවද ඒ හිමියන් පවසයි. එසේම එතැන් සිට වසර තුනක් ඉදිරියට විශාල වශයෙන් නොයෙකුත් විනාශකාරී සිදුවීම් හා ව්‍යසන සිදුවිය හැකි බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

මේ යුග විනාශය එක් යුගයක් අවසන් වී තවත් යුගයක ඇරැඹුම බව පෙන්වා දෙන උන්වහන්සේ එය නියත වශයෙන්ම ධර්ම මාර්ගයේ නොයමින් අධර්ම මාර්ගයේ යන්නා වූ පිරිසට ඉතා නරක කාල වකවානුවක් වනු ඇතැයි පෙන්වා දෙති. අධර්මයේ හැසිරෙන්නවුන් මේ කාලයේදී මුළුමනින්ම විනාශ වී යනු ඇති අතර එසේ නොමැතිනම් සුළු හෝ විනාශයකට මුහුණදෙනු ඇත.

කෙසේ වුවද මේ යුග විනාශය සිදුවන්නේ පිටසක්වළ ජීවීන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් නොවන බව උන්වහන්සේ අවධාරණය කරති. මේ විනාශයට හේතු වී ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය මඟින් ස්වභාව ධර්මයේ ස්වාභාවික ක්‍රියාවලිය වෙනස් වීමත් එය කරණ කොටගෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගේ චලිතය වේගවත් වීම හේතුවෙන් බව මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන්ගේ මතයයි.


ස්වාභාවික පරිසරය දූෂණය වන විට පිරිසුදු කෙරෙන්නේ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලිය ස්වාභාවිකව සිදු වෙමිනි. දූෂණය ශීඝ්‍ර වෙද්දී එම ප්‍රතිචක්‍රිය ක්‍රියාවලිය වේගවත් වන්නේ සතර මහා භූතයන්ගේ චලනය වේගවත් වීමෙනි. එසේම මනුෂ්‍ය සන්තානය අපිරිසුදු වෙද්දී එයද ප්‍රතිචක්‍රිය ක්‍රියාවලියකින් පිරිසුදු වේ. 

සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරිත්වය සන්සුන් කිරීම සඳහා බලගතු ක්‍රමවේදයක් ලෙස ‘සත්‍ය ක්‍රියා’ යොදා ගත හැකි බව බුදු දහමෙන් පෙන්වා දෙන හෙයින් මාස ගණනාවක සිට තමන් වහන්සේ විසින් සකස් කරන ලද සත්‍ය ක්‍රියාවක් කියවමින් එම පිරිස් ‘සත්‍ය ක්‍රියාවට’ යොමු කොට ඇති අතර එමඟින් සිදුවීමට නියමිත විනාශය අවම කරගැනීමට බලාපොරොත්තු වන බවද මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියෝ පවසති.
 
Related Posts with Thumbnails