Ads 468x60px

.

විදුලිය කාන්දුවක් හේතුවෙන් හිජ්රා නපුංසක සමුළුව ගිනි අරං

නපුංසක ප‍්‍රජාව විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වන ලද සමුළුවකදී හටගත් හදිසි ගින්නකින් පුද්ගලයන් 15කට වැඩි පිරිසක් මියගොස් තවත් 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ. පස්වසරකට වරක් පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය සඳහා ඉන්දියාව, බංගලාදේශය හා නේපාලය යන රටවලින් දහස්ගණනක් පැමිණ ඇත.විදුලිය කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, ගින්නට අසුවූ ගෑස් සිලින්ඩරයක්පිපිරී ඇත.මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන මෙන් නවදිල්ලි ප‍්‍රාන්ත ආණ්ඩුව ඉල්ලා සිටියි.
හිජ්රා ලෙස ඉන්දියාවේ හැඳින්වෙන මෙම නපුංසක ප‍්‍රජාව ඉන්දීය සමාජයේ කොන්වූ කොටසක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් දරු උපත් හා මංගල අවස්ථාවන් වලදී පවත්වන පි‍්‍රය සම්භාෂණ වලින් මුදල් උපයන මොවුන්, රැුකියා ලබා ගැනීම අපහසුව හේතුවෙන් යාචකයින් හා ගණිකා වෘත්තිකයන් ලෙස මුදල් සොයාගැනීමට සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
Related Posts with Thumbnails