Ads 468x60px

.

නුවරඑළියටත් ගං වතුර


අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එරන්දන හේමවර්ධන පැවසුවේ මේ ‍හේතුවෙන් පුද්ගලයින් 100 ‍කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවය. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද පළාත්වල පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.

  
දකුණේ සුළඟින් 30ක් අතුරුදන්

දකුණු පළාතට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එහි සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ අතුරුදන්වූවන් සොයා දැනට මෙහෙයුම් ක්‍රියාත්මක බවය.ඊයේ පෙරවරුවේ ඇතිවූ දැඩි සුළඟින් දකුණු පළාතේ ගාල්ල , මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල විය.ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එයින් නිවාස 1,200කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවය.



උතුරු නැගෙනහිර මාර්ග රැසක් ජලයෙන් යටවේ


උතුරු - නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් එම ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මඩකළපුව, ත්‍රිකුණාමලය හා යාපනය ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී වාහන ධාවනයට බාධා ඇතිව තිබෙන අතර යාන්ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.එසේම අධික වර්ෂාව හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටව ඇත.තවද, ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවල  ප‍්‍රදේශ කිහිපයකට අද (25) උදෑසන තද  සුළං තත්ත්වය බලපා ඇති බවත්  ඉන් සිදුවු හානි මෙතෙක් වාර්තා වී නොමැති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.






 
Related Posts with Thumbnails