Ads 468x60px

.

දකුණට බල පෑ සුළගින් 10ක් මරුට


දිවයිනේ දකුණු දිග ප්‍ර‍දේශවලට අද පෙරවරුවේ බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, සුළඟින් නිවාස දහසකට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇති බවය.එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක හරහා මෙම සුළඟ හමාගිය බවය.එයින් වැඩිම බලපෑම  මාතර දිස්ත්‍රික්කයට එල්ල වී තිබේ.මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.කේ.කේ.අතුකෝරල මහත්මිය පැවසුවේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දස දෙනෙකු මේ හේතුවෙන් මියගොස් ඇති බවය.

ආපදා අවස්ථාවලදී ආරක්ෂක අංශවල සහාය ලබා ගන්න

ගංවතුර, සුළං, නායයාම් හෝ ඕනෑම ස්වභාවික ආපදා අවස්ථාවකදී අවශ්‍ය සහන කටයුතු සඳහා ආරක්ෂක අංශවල සහාය ලබාගන්නැයි ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා විසින් ව්‍යසන කළමණාකරණය සඳහා වූ ජාතික සභාවට උපදෙස් දෙනු ලැබ තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ 7 වැනි රැස්වීම අද අරලියගහ මන්දිරයේදී පැවැත් වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදුන් බවය.පවතින කාලගුණ තත්ත්ව යට‍තේ ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් දී තිබේ.එමෙන්ම ව්‍යසන කළමනාකරණය සඳහා ජාතික සභාව මගින් හඳුන්වා දී ඇති සෙවී‍මේ හා මුදාගැනීමේ ඒකකය ස්ථාපිත කිරීම කඩිනමින් ‍කරන ලෙසට ජනාධිපතිතුමා අවධාරණය කළ බව අදාල නිවේදනයේ දැක්වේ.



 සුළඟට හසු වූ ධීවරයින් තිදෙනෙකු මරුට
දකුණු මුහුදේදී තඳ සුළ පහරට හසුව මියගිය ධීවරයින් තිදෙනෙකුගේ සිරුරු සොයාගත් බව මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.කේ.කේ අතුකෝරළ මහත්මිය පවසන්නීය. ඇය ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයෙන් මුහුදු ගිය තවත් ධීවර යාත්‍රා 15 ක් පමණ අනතුරට ලක්වූ බවට තොරතුරු ලැබී ඇති බවය.එම යාත්‍රාවල සිටි ධීවරයින් මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර ඇති බව දිස්ත්‍රික්‍ ලේකම්වරිය පැවසුවාය.
මියගිය ධීවරයින් වැලිගම හා දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.මේ අතර දෙනියාය, පස්ගොඩ ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එක්අයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.කේ.කේ අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළේය.

 දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

යාපනය, මඩකලපුව, වව්නියාව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඇඳ හැලෙන අධික වැසි සමඟ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එම දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී ඇති බවය.
මේ අතර අනුරාධපුර මල්වතු ඔය සහ යාන් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.මඩකලපුව දිස්ත්‍රික්කයේද මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.

ජල පහරට හසු වූ දෙදෙනෙකු අතුරුදන්

අයහපත් කාලගුණයත් සමග ජල පහරට හසු වූ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේය.එලෙස අතුරුදන් වීම වාර්තා වී ඇත්තේ අනුරාධපුර සහ මොණරාගල ප්‍රදේශයෙනි. මොණරාගල නීලවබැද්ද ප්‍රදේශයේදී හැඩඔයේ ගසාගෙන යාමෙන් කාන්තාවක අතුරුදන් වී ති‍බේ.පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ අදාළ කාන්තාව එම අනතුරට ලක්ව ඇති අතර ඇය සෙවීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.සිද්ධියෙන් අතුරුදන් වී ඇත්තේ මොණරාගල දඹගල්ල ප්‍රශේෂයේ පදිංචි කාන්තාවකි.






 
Related Posts with Thumbnails