Ads 468x60px

.

අවපීඩන කාලගුණික තත්වය තවදුරටත් ප්‍රවේසම්වන්න !

මේ දිනවල පවතින දැඩි සුළං සහ වැසි තත්ත්වයට හේතු වූ වායුගෝලයේ අවපීඩන තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව අවධාරණය කර සිටින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඒ පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.අද (26) දිනය තුළද  දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද සුළං මෙන්ම වැසි හෝ කඩින් කඩ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී.ජී යසරත්න මහතා පවසයි.
එසේම දිවයි‍න ආසන්නයේ මුහුදු ප්‍රදේශවල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර විටින් විට හමන තරමක තද සුළංද පවතී.ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටෙක රළු විය හැකි බවද කාලගුණ විද්‍යාඥ පී.ජී යසරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පැය 18ක කාලය තුළ දිවයිනට බලපෑ වැඩිම වාර්ෂාපතනය මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවේඑය මිලිමීටර් 44.8 ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන්  මිලිමීටර් 41.4ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.මේ අතර අධික වර්ෂාව හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද පළාත්වල පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන්මිලිමීටර් 41.4ක වර්ෂාපතනයක් වාර්තාවී ඇත.


වැස්සත් සමග විවිධ රෝග පැතිර යාමේ අවදානමක්

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඉදිරියේ දී විවිධ රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පවසයි. එම අවදානමෙන් මිදීම සඳහා ජනතාව දැනුවත්ව සිටිය යුතු බව එම කාර්යාංශය පෙන්වාදෙයි. ආහාර හා ජලය මගින් බෝවන රෝග ව්‍යාප්ත විය හැකි බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පවසයි. එමෙන්ම හදිසි අනතුරු ද ඉහළ යා හැකි බව එම කාර්යාංශය සඳහන් කරයි. ගංවතුර තත්ත්වයත් සමග ඒ ආශ්‍රිත සෞඛ්‍යමය ගැටලු හටගත හැකි බව ද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පෙන්වාදෙයි. 
 
Related Posts with Thumbnails