Ads 468x60px

.

සමලිංගික සේවනය සහ නිරුවතින් ස්නානය කිරීම හෙළිවීම දැරියන් පැනයාමට හේතුවද?

රන්මුතුගල සහතික කළ බාලිකා නිවාසය භාරයට අධිකරණ නියෝග මත භාරදී තිබූ තරුණියන්ට හා බාල වයස්කාර දැරියන්ට වද හිංසා කරමින් කෲර ලෙස සැලකූ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් අනෙක් බාලිකාවන් දෙදෙනා පිළිබඳව පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රනාන්දු මෙනෙවිය ඊයේ (24) ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කළාය.
එම වැටලීම සිදුකළ අවස්ථාවේ දී මෙම තරුණියන් දෙදෙනා පලා ගිය බවට අධිකරණයට කරුණු ඉදිරිපත්ව ඇති බැවින්පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.සමලිංගික සේවනය සහ නිරුවතින් ස්නානය කිරීම නිසා දුන් අවවාද හේතුවෙන් මේ දැරියන් පලායාමට හේතුවක් වන්නට ඇතැයි අධිකරණයට කරුණු අනාවරණය වී තිබේ.ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය අධිකාරියට නියම කළාය.
මෙහි දී ළමා ආරක්ෂක අධිකාරිය පැවසූයේ පලාගිය දැරියන් 9 දෙනාගේ ප‍්‍රකාශ අනුව මේ පාලිකාව සහ සෙසු අය පාසල් නොයවා සිය නිවෙස්වල මෙහෙකාර සේවයේ යොදවාගෙන කෲර ලෙස සලකා ඇති බවට හෙළිවී ඇති බවයි.

නීතිඥ බණ්ඩාර ඒකනායක මහතා සිද්ධියට අදාළ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමකින් ලබා ගන්නා ලෙස අධිකරණය ඉල්ලීමක් කළේය.අදාළ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රධාන පාලිකාව ඇතුළු සෙසු සැකකාරියන් තිදෙනා ලබන මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.සැකකරුවන් වෙනුවෙන් එම්. නසීර්, ඒ. සී. එම්. ඉස්මයිල්, නසීර් ඉස්මඞ්, වර්නන් කුරේ, නීතිඥවරුන් පෙනී සිටි අතර ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් නීතිඥ ෂාන් සෙනෙවිරත්න අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ බණ්ඩාර ඒකනායක පෙනී සිටියහ.
 
Related Posts with Thumbnails