Ads 468x60px

.

ස්ත‍්‍රී දුෂණයක දී පිළිසිඳ ගන්නා දරු ගැබක් ඉවත් කීරීම ඔවුන්ට කරන යහපතක්

ස්ත‍්‍රී දුෂණයක දී පිළිසිඳ ගන්නා දරු ගැබක් ඉවත් කීරීමට, සෞඛ්‍යය අමාත්‍යාංශය හා අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව නව නීති සම්පාදනය කිරීම කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා.ස්ත්‍රී දුෂණයක් සිදුවූ විට දූෂණය වූ පුද්ගලයාගේ දරුවෙක් ජීවිත කාලය පුරාම මානසික වේදනා විඳිමින් රැක බලාගතයුතු අවස්ථාවෙන් නිදහස් වීමට මේ අනුව කාන්තාවන්ට පුලුවන් වෙනවා.ඒ අතරම මන්ද මානසික දරුවෙකු හෝ ශාරීරික දුබලතා ඇතිව හෝ පිළිසිඳ ගෙන ඇතැයි සනාථ කර ගත් කාන්තාවකට එම දරු ගැබ ඉවත් කිරීමට අවසර ලැබෙන නව නීති සකස් කිරීමටත් බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් සුමිත‍්‍රා රාහුබද්ධ මහත්මිය පෙන්වා දෙන්නේ.

ඇය මේ බව අනාවරණ කළේ පසුගියදා නව යෞවනයේ හා තාරුණ්‍යයේ අභියෝග ජය ගැනීමට “ජීවන නිපුණතා” මාතෘකාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් 
මේ නව නීතිරීති ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ සංස්කෘතික හා වෙනත් ගැටලුවලට මුහුණ දීමට ද සිදුවිය හැකි වුවත් ආබාධිත දරු ගැබක් කුස තුළ දරා සිටීම මවටත්, දරුවාටත්, සමාජයටත් සිදුකරන අසාධාරණයක් බවත් මේ දරු ගැබ ඉවත් කිරීම ඔවුන්ට කරන යහපතක් බවයි ඇය පෙන්වා දෙන්නේ.
 
Related Posts with Thumbnails