Ads 468x60px

.

බෙරගලත් ගණිකා නිවාසයක් - දිනකට හය හත් දෙනෙකු සමඟ ගණිකා වෘත්තියේ

කෑගල්ල බෙරගල යුද හමුදා කඳවුර සමීපයේ පිහිටි ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු හා තවත් පුද්ගලයකු කෑගල්ල කොට්ඨාස පොලිස් දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඇඟලුම් කම්හලක සේවයේ යොදවන බව හඟවා මෙම තරුණි යන් රවටා ගෙන ගොස් මෙම ආයතනයේ ගණිකා වෘත්තියේ යොදවා ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වෙයි. අත් අඩංගුවට ගත් එක් තරුණියක් විසිඑක් වැනි වියේ පසුවන අතර ඇය ඇඹිලිපිටිය ප්‍රදේ්ශයේ පදිංචිකාරියකි. අනෙක් තරුණිය විසි හත් හැවිරිදි වියේ පසුවන අතර ඇය මැල්සිරිපුර ප්‍රදේ්ශයේ පදිංචි තැනැත්තියකි.

එක් දිනක දී පුද්ගලයන් හය දෙනෙකු හෝ හත් දෙනෙකු සමඟ ගණිකා වෘත්තියේ යෙදීමට මොවුන්ට සිදුව ඇති අතර, එක් පුද්ගලයකුගෙන් ගණිකා නිවාසයට රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අය කරගෙන තිබේ. මෙම තරුණියන්ට එක් පුද්ගලයකුගෙන් රුපියල් දහස බැගින් හිමිවූ බව ද හෙළි විය.ඇඹිලිපිටිය ප්‍රදේශයේ විසි එක් හැවිරිදි තරුණිය කාන්තාවක විසින් මෙම ස්ථානයට බලහත්කාරයෙන් බාරදී ඇති අතර, ඇඟළුම් කම්හලක සේවයේ යොදවන බවට ඇයට බොරු පොරොන්දුවක් දී රැගෙන ආ බව ද, නිවාසයෙන් පැන ගියොත් මරන බවට තර්ජනය කර ඇති බවද කියවේ.

අනෙක් තරුණිය වන විසිහත් හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තැනැත්තිය ඇයගේ දෙවන සැමියා විසින් මෙම ස්්ථානයට භාරදී ඇති අයෙක්බව දැනගන්නට ඇත.රහසිගතව කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බෙරගල මෙම ගණිකා නිවාසය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයලාල් දසනායක මහතාට ලැබුණු තොරතුරක් මත පසුගියදා (25) වැටලීම සිදු කෙරිණි.
 
Related Posts with Thumbnails