දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව කැළණිගම පොලිස් මුරපොළේ නිලධාරියෙකු පැවසුවේය.මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් පසුව සිදු වූ ප්‍රථම අනතුර ලෙස මෙය සැලකෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අධිවේගී මාර්ගය ඊයේ(27) පස්වරු 6 ට රථ වාහනය ධාවනය සඳහා විවෘත කෙරුණි.