Ads 468x60px

.

කෲස් ගේ අවධානය තාබුට

ප‍්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස් පසුගිය දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර, ඔහු වෙනුවෙන් සූදානම් වූ සාදයකට බොලිවුඩ් තරු රැසක්සහභාගී විය.මෙහිදී කෲස් ගේ අවධානය දිනාගැනීමට බොහෝ තරු උත්සහගත් බව ඉන්දීය ටැබිලොයිඩ් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙසේ වුවද, එසේ කිරීමට අනවශ්‍ය වූයේ එක් නිලියකට පමණි. ඒ, බොලිවුඞ් නිළි තාබු ය.

තායිවානයේ සුප‍්‍රසිද්ධ සිනමා අධ්‍යක්‍ෂක ඇන්ග් ලී ගේ මීළඟ චිත‍්‍රපටිය සඳහා තාබුතෝරගෙන තිබීම මීට හේතුවයි.ලී ගේ දැවැන්ත රසිකයෙකු වන කෲස්, තාබු සමග දිගු කාලයක් පුරාවට කතාබහක යෙදී ඇතැයි ටැබිලොයිඩ් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි.බෝඩර්, හම් සාත් සාත් හේ, තක්ෂක්, හේරා පේරි ඇතුළු හින්දි චිත‍්‍රපට රැසකට අමතරව, තාබු තෙළිඟු, දෙමළ, බෙන්ගාලි හා මලයාලම් චිත‍්‍රපටි වලද පෙනී සිටියාය.
තාබු විසින් රංගන දායකත්වය ලබාදුන් ’ද නේම්සේක්’ චිත‍්‍රපටියබටහිර රටවල ජනපි‍්‍රයත්වයට පත් විය.



 
Related Posts with Thumbnails