Ads 468x60px

.

අධිවේගීයේ ලේසර් කැමරා - ප්‍රවේසම් වන්න

ඉහළම තාක්ෂණයෙන් යුත් ලෝකයේ දියුණුම වේග මාපක ලේසර් කැමරා පද්ධතිය ඊයේ (11) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර ඇත.දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වනවිට රිය අනතුරු 93ක් සිදු වී ඇති අතර ඉන් වැඩිම ගණනක් අධික වේගය නිසා සිදුවූ ඒවා බවට තහවුරු වී ඇති නිසා මෙම කැමරා පද්ධතිය සවි කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.

රථයේ වේගය, රථයේ අංකය හා රියැදුරුගේ ඡායාරූපය ද මෙම ලේසර් කැමරාවේ සටහන් වන අතර මෙතෙක් මෙරට භාවිතා කරන ලද ලේසර් කැමරාවේ සටහන් වූයේ රථයේ වේගය පමණක් බවද පොලිස් අධිකාරීවරයා පැවසීය.මෙතෙක් අනතුරට පත්වූ රථ අතරින් වැඩිම අනතුරු ගණන මෝටර් රථ බවද එම අනතුරුවලට හේතුව අධික වේගයට අමතරව මත්පැන් පානය සහ කාලගුණික තත්වයන් බවද අජිත් රෝහණ මහතා පැවසීය.දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට රථ වාහන 7000 – 11000ත් අතර ගමන් ගන්නා අතර සති අන්තයේ දී මේ ප්‍රමාණය තවත් ඉහළ යන බවද පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
 
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්න වාහන වලට රාත්‍රී කාලයේ ගල් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ. කුරුදුගහහැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ ඇති කන්ද උඩ සිට මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බව එම ප්‍රහාරයන්ට ලක්වූ වාහන පැමිණිලි කර තිබෙනවා.එවැනි ප්‍රහාරයන්ට ලක්වූ වාහන ගණන 12 ඉක්මනවා.එම කඳුගැටය මුදුනේ අධිවේගී මාර්ගය වෙන් කරන කම්බි දැලට එපිටින් සිට මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ කවර අරමුණකින්ද යන්න තවම හෙළිවී නැහැ.

නවතම වේග සිමා උපකරණ සහිත ලේසර් කැමරා පද්ධතිය සක්‍රියව භාවිතයට ගන්
නා අතර අධිවේගී මාර්ගයට තවමත් ගැටලුවක්ව පවතින සුනඛයන් හා වෙනත් උරගයන් නිර්වින්දය කර වෙනත් ස්ථාන වලට ගෙනගොස් දැමීමට වෙනම කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටී.
























 
 
Related Posts with Thumbnails