Ads 468x60px

.

නිළියෝ විතරක් ගණිකාවෝ කියන එක වැරදියි - චමිලා පීරිස්

පුංචි තිරයේ හා සිනමාවේ හුරු පුරුදු මුහුණක් මෙන්ම මේ දිනවල සිරස ටී.වී. නාලිකාවේ විකාශය වන "ආදරේ අහස තරම" ටෙලි නාට්‍ය ඔස්සේ ද ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින තරුවක් සමඟ සොඳුරු පිළිසඳරක නිරත විය.ඒ අනුව මෙවර තරුවක වතගොත විශේෂාංගයෙන් ඔබත් සමඟ එකතු වන්නේ වසර 20ක පමණ කාලයක් රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින, අනුරපුරින් රංගනයට පිවිසි චමිලා පීරිස්ය.



චමිලා ඔබ රංගන ක්ෂේත්‍රයට කොහොමද පිවිසුණේ? ඒ වගේම එහි රැඳි සිටින්නේ ඇයි?
ඇත්තටම මම අහම්බෙන් තමයි මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. මගේ රඟපාන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මම දැන් මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්නේ මට රඟපෑම රසවත් වුණ නිසා.


මෙතෙක් දායක වූ හොඳම නිර්මාණය මොකක්ද?
මට එහෙම බෙදන්න බැහැ.  වැඩකරපු හැම එකක්ම හොඳයි. නමුත් මම නෑදැයෝ නාට්‍යට ගොඩක් ආසයි.

රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ නැත්නම් මේ වෙනකොට ඔබ කොහෙද ඉන්නේ?
(සිනාසෙමින්)--- ඇත්තටම මම මුකුත් නොකර සාමාන්‍ය කාන්තාවක් වගේ ඉදිවී

ඔබේ ජීවිතය වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?
මේ රටේ නැතුව වෙන රටක ඉපදෙන්න කැමතියි

චමිලා ඇලඩින්ගේ පුදුම පහන ඔයාට ලැබිලා ප්‍රාර්ථනා තුනක් කරන්න කිව්වොත් මොනවද කරන්නේ?
1-දේශපාලනයේ ආධිපත්‍ය වෙනස් කරනවා
2-ඒකාධිපතිවාදය වෙනස් කරනවා
3-මිනිස්සුන්ට හොඳට සළකනවා


කවදක හරි දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
නැහැ..... ඇත්තටම මට කැමත්තක් නැහැ

මතක් කරන්න කැමති යාළුවෝ කවුද?
චම්පා, මගේ  ඉස්කෝලේ යාළුවා.


දකින්න කැමතිම සිහිනය මොකක්ද?
මට මුළු ලෝකෙම එතර කරන්න  බැහැනේ. ඒක නිසා මමයි මගේ පවුලේ අයයි වෙන රටකට ගිහිල්ලා ඉන්නවා දකින එක

කලා ක්ෂේත්‍රෙය් වැඩියෙන්ම කැමති කාටද?
එහෙම විශේෂයක් නැහැ. නමුත් මනුෂ්‍යෙයෙක් හැටියට ගරු කළ යුත්තේ කාටද, අන්න ඒ පුද්ගලයට ගරු කරනවා.

කට කතා ගැන මොනවද හිතන්නේ?
ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් කාටවත් මොකක්ද ඇති ප්‍රශ්නේ? දැන් අපි අහන්නේ නෑනේ ගිහිල්ලා අර ගෙදර අද අලයි බතුයි කෑවොත් ඇයි අලයි බතුයි කන්නේ කියලා. ඒක ඒගොල්ලන්ගේ අයිතියක්. ඒක තේරුම් ගන්නවානම් හොදයි කියලා මං හිතනවා.අනිත් එක මිනිස් සිරුර කියන්නේ මැජික් එකක් නෙවෙයි ඕක ස්වභාව ධර්මය හදල තියෙන්නේ කන්න බොන්න, අදින්න බහිස්‍රාවිය දේවල් කරන්න දරුවෝ හදන්න මේ කකුල් දෙක තියෙන්නේ ගමන් යන්න මේ පියයුරු තියෙන්නේ කිරි දෙන්න ඉතින් මිනිස්සු ඕක ලොකු මැජික් එකක් කරගෙන තියෙන්නේත මටනම් ඒක ඇත්තටම මැජික් එකක් නෙමෙයි. ගෑණු සිරුරකුයි පිරිමි සිරුරකුයි දැක්කයි කියල මටනම් කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද හොද මානසික සෞඛ්‍යකින් මම ඉන්නේ.


ඒ කියන්නේ ඔබ සමාජයේ සම්මතයැයි නොසලකන චරිතයක් රඟපාන්න ලැබුණොත් එය භාරගන්නවද?
ඇත්තටම කැමතියි. මට ලැබිලත් තියෙනවා හොද නිර්මාණ. නමුත් මම කරල නම් නැහැ. උදාහරණයක් ගත්තොත් දැන් වෙනකොට මට දුවක් ඉන්නවා. දැන් මේ රටේ මිනිස්සුන්ගේ තියෙන පහළ මානසිකත්වය නිසා එහෙම දෙයක් කළාම මට කිසි ගැටලුවක් නැති වුණත් මගේ අනිත් අයට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද පුංචි දරුවෙකුට හිත රිඳෙන යමක් කිව්වොත් එයා දන්නේ නැහැ ඒක පාලනය කර ගන්න. ඔයාගේ අම්ම මෙහෙමය කිව්වොත් එයාගේ මානසිකත්වයට හානියක් වෙන්න පුළුවන්. අන්න ඒක ගැන මට හිතන්න වෙලා තියෙනවා. මගේ වගකීම තමයි දරුවෙක් හැදුවනම් එයාව හොද මානසික තත්ත්වයකින් හදන එක. මොකද ඒකට මම කැපවෙලානේ ඉන්නේ. ඉතින් මට නම් එහෙම බැරිය කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.

රංගනය වෙනුවෙන් ඕන කැප කිරිමක් කරන්න සූදානම්?
කැප කිරිමක් නෙමෙයි. ඇත්තටම ඒ වචනේ වැරදියි. රඟපාන්න දෙන්නේ චරිතයක්. ඉතින් ඒ චරිතේ තමයි ඒ කරන්නේ. ඉතින් ප්‍රෙක්ෂකයා ඒක තේරුම් ගන්න පුළුවන් බුද්ධි මට්ටමක නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හොළිවුඩ්වල මිනිස්සු කොච්චර නිරුවතින් රඟපෑවත් ෂා මාර දක්ෂයි ඒ වගේ වදන් කියලා අගය කරනවා.ආසියාතික රටක නැත්නම් විශේෂයෙන් අපේ රටේ නළුවෙක් හෝ නිළියක් ඒ විදියට රඟපෑවොත් මඩ ගහනවා. ඉතින් ඒ කියන්නේ අපේ මිනිස්සුන්ගේ තියෙන පහළ මට්ටම. ඉතින් ඒක අපි හදාගන්න ඔනේ. අනිත් එක තමයි ඇඳුමක් ගලවල හෝ ඇඳුමක් ඇඳගෙන රංගනය හොදට කරන්න පුළුවන් කියන්නේ ඒක විශේෂ දක්ෂතාවයක්. ඒක හැමෝටම කරන්න බැහැ. ඉතින් ඒක අගය කරන්න ඒ චරිතයක් නිරුපනය කරන්නේ කියන තේරුම් ගන්න පුළුවන් බුද්ධි මට්ටමක ඉන්න ප්‍රේක්ෂකයෝ සහ විශේෂයෙන් මාධ්‍ය යේ ඒ වගේ ඉන්නවා අය අඩුයි.
 
බොහෝ කාලයක් කලාවේ නියැලෙන කෙනෙක් විදියට ක්ෂේත්‍රයට අලුතින් එන අයට මොකක්ද කියන්න තියෙන්නේ?
ඇත්තටම හොඳ විවාහයක් කර ගන්න, කාර් එකක් ගන්න කියන පරමාර්ථයෙන්ම මේ ක්ෂේත්‍රයට ආවාම තමයි මේ කලාව කියන එක තුට්ටු දෙකට වැටිල තියෙන්නේ. ඒ දේවලුත් කර ගන්න කලාවත් හොදින් කරන්න. මොනව හරි දෙයක් හරියට ඉගෙන ගෙන අර්ථවත් දෙයක් කරන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම අවවාදයක් දෙන්න තරම් මට්ටම මම නැහැ. මොකද අපිත් සාමාන්‍යයි. නමුත් අර්ථවත්ව මේ දේවල් කරනවනම් මිනිස්සු මෙච්චර මේ දේවල් හෑල්ලුවට ලක් කරන එකක් නැහැ.

මේ දිනවල ඔබ රංගනයෙන් දායකවන ආදරේ අහස තරම් නාට්‍ය සිරස එෆ්.එම්. නාලිකාව තුළ විකාශය වූ ජනප්‍රිය නාට්‍යක්. ඉතින් එවැනි නාට්‍යක රඟපාන්න ලැබීම පිළිබඳව මොකද හිතන්නේ. නාට්‍ය යේ නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය මොන වගේද‍?
ඇත්තටම මම ආදරේ අහස තරම් එෆ්.එම්. එකේ යද්දි මම අහලා තිබුණේ නැහැ. ඇත්තටම අපේ ගෙදර රූපවාහිනියක්වත් බලන්නේ නැහැ. ඒ බලන්නේ නැත්තේ අපි ගෙදර නැති නිසා අපිට ටී.වී. දාන්න වෙලාවක් නැහැ. රේඩියෝ එකක් නම් නෑ ගෙදර. අනිත් එක තමයි මේ දේ හරි ආසයි කියන්න දැන් රේඩියෝවල යන දේවල් මම ආස නැහැ. අහන්න සහ ඒ දේවල් හරසුන් කියලා තමයි මම හිතන්නේ. 1% ක් විතරයි තියෙන්නේ හොඳ භාෂාවක් තියෙන වැඩසටහනක්.

හැබැයි මං පුංචි කාලේ ඉඳල අපේ ගෙදර තිබ්බේ රේඩියෝ එකක් විතරයි. රේඩියෝව කන ළඟට තියාගෙන ඇහුවේ. හරිම ලස්සනයි. මට මතකයි උදේ පාන්දර නැගිට්ට වෙලේ ඉඳලා රේඩියෝ එක තමයි අහන්නේ ඒ තරම් ලස්සන සින්දු යනවා. දැන්නම් සින්දු අහන්න බැහැ. හරසුන් සින්දු කිසි වැඩක් නැහැ. වචන වැඩක් නැහැ. තනු වැඩක් නැහැ. නමුත් ආදරේ අහස තරම් ටෙලි නාට්‍යයේ වැඩ කරන අයගෙන් මට උපරිම සහයෝගය ලැබෙනවා. මේ නාටයේ ඉන්න අය හරිම සුන්දරයි විහිළුවෙන් තහළුවෙන් හොදින් වැඩේ කරගෙන යනවා.

මේ දිනවල නළු නිළියන් පිළිබඳ විවිධ වූ ප්‍රවෘත්ති පළ වෙනවා. විශේෂයෙන්ම නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙනවා කියලා. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රෙයේ වැරැද්දක්ද? නැත්නම් ක්ෂේත්‍රෙයේ රැඳී සිටින අයගේ වැරැද්දක්දද?
ගණිකාවෝ කියන එක මේ ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි හැම තැනම ඉන්නවා. ගමක ගත්තත් ඉන්නවා. වෙන ආයතන ගත්තත් ඉන්නවා. කෝච්චියේ ගියත් ඉන්නවා බස් එකේ ගියත් ඉන්නවා. ඇත්තටම ගණිකාවෝ කියන්නේ ඒක වෘත්තියක්. දැන් මේ ගණිකාවෝ කියල හංවඩු ගැහුවට ඇත්තටම ඒක රැකියාවක්. ඒකෙත් එක එක පන්ති ඉන්නවා. ඉහළම ගණිකා ඉන්නවා , තුන්වෙනි පන්තියේ අය ඉන්නවා. මම මගේ ඇහැට දැකලා තියෙනවා මේ පාරවල් ගානේ රුපියල් 50ට ඒ රැකියාව කරන කාන්තාවෝ ඉන්නවා. ඒ තියෙන දරිද්‍රතාවය. ඉතින් ඒක මං හිතන්නේ දැන් අවුරුදු දහස් ගාණක ඉඳල එන රැකියාවක්. නමුත් දැන් වෙලා තියෙන්නේ මේ නිළියෝ විතරක් කියන කොටසක් මේ දේවල් කරනවා කියලා කියන එක වැරදියි.

ගණිකා වෘත්තිය කියන්නේ රැකියාවක්. මේ රටේ ගණිකා වෘත්තිය තහනම් නම් ඒක තහනම් කරන්න ඕන. එක කොටසකට ඒක කරන්න පුළුවන් වෙන්නයි එක කොටසකට නොකර ඉන්නයි කියල එකක් නැහැ. ඉතින් මේවා අල්ලන්නේ තහනම් හින්ද නේ. ඉතින් ඒක තහනම් කරල ඒවා නොකරන තැනට වැඩ කරන්න ඕන. ඒවා තහනම් වුණාට ඔය ලොකු ඉහළ තැන්වල ඉන්න පුද්ගලයෝ ගණිකාවොත් එක්ක ඉන්නවා. ලොකු දේශපාලඥයෝ, පොලිසියේ අය, ලොකු ව්‍යාපාරිකයෝ, සල්ලිකාරයෝ වැඩිපුර කරන්නේ තමන්ගේ ගෙදර ඉන්නවාට වඩා ගණිකාවොත් එක්ක ඉන්න එක. ඉතින් ඒක වැරදි නැහැ.

අනිත් එක ගණිකා වෘත්තිය කියන එක වෘත්තියක්. අනිත් එක මං දන්නේ නැහැ නිළියෝ කියල දාලා තියෙනවා ඔය කිසිම කෙනෙක් දන්න කියන රඟපෑමක් කරන අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයට යමක් කරපු කිසිම කෙනෙක් ඔය ගොඩේ නැහැ. කවදා හරි කොහෙන් හරි ඇවිල්ලා මේ පොඩි චරිතයක් රඟපාපු කවුරු හරි කෙනෙක් මොන විදියකින් හෝ තමන්ගේ ජීවත් වෙන්න බැරි කමට හෝ අහුවෙලා හෝ පාවිච්චි වෙලා හෝ ඉතින් මේ දේකට යොමු වෙලා වැරදි වැඩවලට යොමුවෙලා. ඉතින් ඒ ගොල්ලෝ නිළියෝ කියල දානවා.

දැන් ළඟදි දාලා තිබ්බා නළුවෝ හොරකම් කරනවා කියලා ලක්ෂ ගාණක්. නළුවෙක් කියලා එක්කෙනෙක් ගැන තිබ්බා. මම දන්නේ නැහැ. මම අවුරුදු 20ක් විතර මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මම ඒ මනුස්සයව ජීවිතේට දැකලා නැහැ. ඉතින් මතක තියා ගන්න ඕන කාරණාව තමයි මහජනතාවත් මාධ්‍යත් මේ පොඩි දර්ශනයක හිටගෙන හිටියට නළුවෙක් වෙන් බැහැ. ඉතින් ඒක දාන්න හොද නැහැ සහ ගණිකා වෘත්තියේ නියැලෙන්නේ මේ නිළියෝ කියන අය විතරක් නෙමෙයි. අද පිරිමිත් කරනවා. මහළු පිරිමි, තරුණ පිරිමි ඔක්කෝම කරනවා. ඉතින් ඒක මුළු ලෝකෙම තියෙන මං හිතන විදියට ලොකේ තියෙන පැරණිම සහ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වටිනාකමක් තියෙන රැකියාවක් කියල. ඉතින් ඒක රැකියාවක් කියල මම සාධාරණීයකරනය කරනවා නෙමෙයි.

පහළම සමාජ පන්තිවල අය ගණිකා වෘත්තියේ නියැලෙන්නේ ඒ මිනිස්සුන්ට තියෙන නැති බැරිකමට වෙන කරන්න දෙයක් නැති කමට. සමහර විට දවසකට රුපියල් 200ක් හම්බ කර ගන්නවා ඇති. ඉතින් එතන මූලික වැරැද්ද තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. මේ පාලන ක්‍රමයේ වැරැද්දක් හින්දයි ඒක වෙන්නේ. දැන් ඔය ගම්වල ගත්තාම ඉතින් ඕන තරම් ගණිකාවෝ ඉන්නවා. සාමානයෙන් ඔය පිටිසර ගම්වල වැඩියෙන්ම තියෙන්නේ ඕක. හැබැයි ඉතින් සල්ලි ගන්නේ නැතුව ඕක කරන්නේ. සල්ලි ගන්න නිසා මේක වෘත්තියක් වෙලා තියෙනවා.
 
Related Posts with Thumbnails