Ads 468x60px

.

ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන අයට වැට බඳින්නට මර්වින් - රොබින් අතර සාකච්ඡා...

ඕස්ටේ‍්‍රලියාවට ඇතුලූ වන අනවසර සංක‍්‍රමණිකයන් ඉදිරියේදී ගත හැකි කි‍්‍රයාමාර්ග...

ඕස්ටේ‍්‍රලියානු තානාපතිනි රොබින්මූඩ් මහත්මිය සහ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ පැවති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා .

මහජන සම්බන්ධතාහා මහජන කටයුතු අමාත්‍යංශය තුල එම සුහද හමුව පැවති  බවත්, එහිදී  ඕස්ටේ‍්‍රලියාවට ඇතුලූ වන අනවසර සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් ඉදිරියේදී ගත හැකි කි‍්‍රයාමාර්ග පිලිබදව ඇමතිවරයා සාකච්ඡා කල බවත් එම නිවේදනයේ සදහන් වෙනවා .


මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එච්.පී.කැෂියන් හේරත්, අමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවේල් සත්‍යානන්දන්, මහජන සම්බන්ධතා නිලධාරී සෑම් කෝරලගේ, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සම්පත් කොතලාවල, දුමින්ද මයාදුන්නේ සහ උදය ශී‍්‍ර කාරියවසම් යන මහත්මයින් ද සහභාගී වී තිබෙනවා.



marvin 4
marvin 2
Marvin 3
 
Related Posts with Thumbnails