Ads 468x60px

.

සන්ධාන ආණ්ඩුවේ අටවැනි අයවැය සාරාංශය - 2013


ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට...

මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට...

2013 වසරේ සිට රුපියල් 1500ක රජයේ සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා .

විශ්‍රාමිකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් රුපියල් 500 කින් වැඩි කිරීමටත් අවුරුදු 65ට වැඩි ස්ථීර ආදායමක් නැති ජූලි වර්ජකයින් සඳහා සඳහා රුපියල් 5000ක මුදලක් ලබාදීමටත් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අටවැනි අය-වැය මේ මොහොතේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

දැනට ප්‍රකාශිත එහි සාරාංශය මෙසේය.


1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.

2) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.

3) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය

4) මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහලට.

5) විශ්‍රාමිකයන්ට රු. 500/-ක දීමනාවක්.

6) රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක්.

7) පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී.

8) බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී.

9) ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්.

10) ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.

11) ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.

12) වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කි‍ලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්. 

13) හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් ක‍ළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

14) වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ.

15) 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ.

16) ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය. 

17) විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්.

18) ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ.

19) සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ. 

20) උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර.

21) දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.

22) 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ



එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අටවැනි අයවැය මෙය වන අතර එය දෙවැනි වර කියෑවීමේ විවාදය හෙට 09 සිට දිනපතා පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා දින 07 ක්‌ පැවැත්වේ. අයවැය දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම 17 වැනිදා (සෙනසුරාදා) පස්‌වරු 06.00 ට පැවැත්වේ.

ඉන්පසු 19 වැනිදා සිට දෙසැම්බර් 08 දා දක්‌වා පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා අයවැය තුන්වැනිවර කියෑවීමේ කාරක සභා අවස්‌ථා විවාදය ඇරැඹේ. මෙහිදී දින 16 ක්‌ පුරා අමාත්‍යංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනෙන අතර අවසන ඡන්ද විමසීම 08 දා (සෙනසුරාදා) පස්‌වරු 6.00 ට පැවැත්වේ.

 
Related Posts with Thumbnails