Ads 468x60px

.

ඈතින් බලා රාජසිංහ රජුගේ බිසවකගෙන් පැවත එන කෙනෙක් දැයි බලන ක්‍රමයක් සූරියප්පෙරුම සොයාගනී

මම දන්නවා රජ්ජුරුවෝ මිදුල මැදින් ගිහින් තියනවා කියළා...

ජේ ආර් පී සූරියප්පෙරුම මහතා අලුතින් පුවත් මවන්නන් අතරට දැන් දැන් එකතු වී තිබෙන හැඩක් දකින්නට තිබෙනවා.

ඔහු විසින් පසුගියදා මහනුවර ප්‍රදේශයේදී කල කතාවකුත් පාලිමේන්තුවේදී වයසට නොහොබිනා හැසිරීමකුත් ප්‍රදර්ශනය කල
අයුරු අපට දැනගන්නට ලැබුනා.
 
එම කතාවල කොටස් කීපයක්‌ අපගේ රසිකයෙක් අප වෙත ඒවා තිබුනා. එහි ව්‍යාංජන වලට එක්කරනා තුන-පහ ගැන කාන්තාවන්ට ඉගැන්වීමට ගොස් ඔහුට ඒවා අමතක වී තිබුණේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට කවිපද අමතකවූ ආකාරයටමයි.

එම කතාව පහතින්..

"මෙතන ඉන්නවා ගෑණු උදවිය. තමුසෙලා ව්‍යාංජනයට දානවා තුන-පහ. මොකක්ද දාපු තුන? මොකක්ද දාපු පහ?


ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි තුනයි. සූදුරු, මාදුරු, අබ, කොත්තමල්ලි....
(ටිකක් වෙලා කල්පනා කිරීමෙන් පසු) මොකක්ද යකෝ අනික?"


එම කතාවේම තවත් කොටසක් අනුව ඈතින් බලා රාජසිංහ රජුගේ බිසවකගෙන් පැවත එන්නේදැයි බලන ක්‍රමයක් ඔහු පැහැදිළි කර තිබුණා.

"අපේ සිංහල රජවරු නිකන් හිටියේ නැහැනේ. බිසවුන්වරු හාර පන්සීයක් හිටියනේ . 


මම දැන් දොස්තර කණ්ඩායමක් ගෙනල්ලා ලේ පරීක්ෂා කරන්නම් උඩුනුවර. 


කී දෙනෙක් ගාව රාජසිංහ ලේ තියනවද කියලා කියන්නම් ඊට පස්සේ.

උඹලට ඔය උල් වෙච්ච නිකටවල් නාස් වලින් එහෙම මට ඈතදී පේනකොට දන්නවා රජ්ජුරුවෝ මිදුල මැදින් ගිහින් තියනවා කියළා."

ඒ අතර රටේ තොටේ තිබෙනා ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් පැමිනෙන යුගය වැඩි ඈතක නොවන බව ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

"තව අවුරුදු 5කින් මේ ගෙලිඔය හන්දියේ ඔය රෝද තුනේ ටැක්සිය නෑ. ඔය වෙනුවට ඔය සයිස් එකේ හෙලික්ප්ටරයක් බාමු.

ඔයාලා කඩේ ගිහින් බඩු මුට්ටු අරගත්තා බෑග් එකත් අරගන ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා අයිසේ මාව ගිහින් අපේ වහලේ උඩින් බස්සන්න කියලා. ඒ දවස වැඩි ඈත නෙවෙයි. මෑත තියෙන්නේ.


කොළඹ හෙලිකොප්ටර් දෙසිය ගානක් තියනවා. කොළඹ ගෑණු අඬනවා වී වේලගන්න බැරිලු හෙලිකොප්ටර් වල හෙවනැල්ල වැටෙන හින්දා."




 
Related Posts with Thumbnails