Ads 468x60px

.

ව්‍යාපාරිකයාගේ සිරුර මතට බඩු කන්ටේනරයක් පෙරළෙයි

රියදුරාගේ කකුලක් කැඩී ඇති අතර එහි රියදුරු සහ සහයක පැන දුවලා...

තවත් කාන්තාවන් තිදෙනෙක් අනතුරින් බරපතල තුවාල...

ගාල්ල,කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, දළුවතමුල්ල මහා මාර්ගයේ දී අද (09) පෙරවරු 8 ට පමණ කන්ටේනරයක් පාර මාරු වෙමින් සිටි ව්‍යාපාරිකයකු වන ලද්දු ශ්‍රියානන්ද සිල්වා නැමැති ව්‍යාපාරිකයාගේ සිරුර මතට පෙරළී ඔහු එතැනම මරුමුවට පත් වී තිබෙනවා.

මේ වනවිට එම මාර්ගයේ දැවැන්ත වාහන තදබදයක් පවතිනවා. කොළඹ සිට ගමන් කරන සියලු වාහන කහව හන්දියෙන්ද , ගාල්ල දෙසින් කොළඹට එන රථ වාහන හික්කඩුවෙන්ද අතුරු මාර්ගවලට යොමු කරනු ලබනවා. අද උදේ මෙම කන්ටේනරය මෝටර් රථ වාහන උපකරණ තොගයක් පටවා ගෙන කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කර තිබෙනවා. 

දළුවත්තමුල්ල ප්‍රදේශයේ බත් කඩයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකු වන ශ්‍රියානන්ද සිල්වා මහතා කිසියම් අවශ්‍යතාවක් සඳහා මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි වෙළෙඳසල දෙසට පාර මාරු වෙමින් සිට තිබෙනවා. මෙම අවස්ථාවේ පැමිණි කන්ටේනරය පැදවූ රියදුරා පාර මාරුවන පුද්ගලයා බේරා ගන්න වාහනය පැත්තකට කපා තිබෙනවා

 
එම අවස්ථාවේ එක්වරම මෙම කන්‍ටේනරය පෙරළී ව්‍යාපාරිකයාගේ සිරුර මතට වැටී ඇත. වෙළෙඳසලේ සිටි   තවත් කාන්තාවන් තිදෙනෙක් ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇති අතර රියදුරාගේ කකුලක් කැඩී තිබෙනවා

තුවාලකරුවන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා. මේ වනවිට කන්ටේනරය ඔසවා ඊට යට වී සිටින ව්‍යාපාරිකයාගේ සිරුර එළියට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


W P L Y 0864 නමැති කොළඹ සිට ගාල්ලදෙසට ධාවනය වූ මෙම කන්ටේනරය කිසියම් හේතුවක් මත පාරෙන් ඉවතට ධාවනය වී අසල කඩයක ගැටී පාර හරහා පෙරලි ඇති අතර අනතුරුව එහි රියදුරු සහ සහයක පලාගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් ගාලු පාර අවහිර වීම මත එම ප්‍රදේශයේ වාහන තද බදයක්ද නිර්මාණය වෙමින් පවතී. මේ නිසා අම්බලන්ගොඩ සිට ගලු පාරේ හික්කඩුව දෙසට ධාදාවනය වන වාහන තාවකාලිකව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා සිටිමු.

එම අනතුරේ ජායාරූප එකතුවක් පහතින්..






















 
Related Posts with Thumbnails