Ads 468x60px

.

මර්වින් මන්තී‍්‍රවරුන් සමඟ හැප්පීම පසෙක තබා අලූත් කටයුත්තකට අතගහලා

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා කැලණියේ ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරුන් සමඟ හැප්පීම පසෙක තබා අලූත් කටයුත්තකට අතගසා ඇතැයි වාර්තා වේ.ඔහු මෙවර චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන බව පැවසේ.


මෙම චිත‍්‍රපටය දයාරත්න රටගෙදර විසින් අධ්‍යක්‍ෂණය කිරීමට නියමිත බවද වාර්තා වේ.එහි සම නිෂ්පාදකයන් ලෙස රත්නාලෝක සමූහ ව්‍යාපාරය කටයුතු කිරීමට නියමිත බවද පැවසේ.

පුරාවෘතවලට අනුව සිංහලයේ ශ්‍රේෂ්ඨ රජෙක්සේ සැලැකෙන ‘ගජබා’ රජුගේ චරිතය අළලා මෙම චිත‍්‍රපටය නිපදවීමට නියමිත බවද පැවසේ.මෙහි ප‍්‍රධාන නිළියගේ චරිතය සඳහා ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) ට ද ප‍්‍රධාන නළුවාගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියටද ඇරයුම් කිරීමට සූදානමින් සිටින බවද ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වේ.
 
Related Posts with Thumbnails