Ads 468x60px

.

ඉතාමත් අසීරුවෙන් තීරණය කළ ඉතාමත් නිවැරදි තීරණයක්‌ - උදය

ශ්‍රී ලාංකික කණ්‌ඩායම් සංගීතයට නව අරුතක්‌ එක්‌කරමින් පුරා අට වසරක්‌ නිර්මාණකරණයෙහි නියෑළුණු, තරුණයන් කිහිපදෙනකුගෙන් සැඳුම්ලත් 'Centigradz' සංගීත කණ්‌ඩායම මෙරට ජනාදරයට පාත්‍රවූයේ එකාවන්ව නැඟී සිටිමින් දැක්‌වූ දක්‍ෂතාවන් නිසාවෙන් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. 


එහෙත් සිතු දේ නොමවේ නොසිතු දෙයම වේ... යන ලෝ දහම සනාථ කරමින් 'Centigradz' සංගීත කණ්‌ඩායමේ නියාමක ගායන ශිල්පියා ලෙස කටයුතු කළ උදය ශ්‍රී වික්‍රමසිංහ සිය සඟයින් හැර යන්නට තීරණය කළ බව පවසා සිටියා. 

ඒ තීරණය ඔහුටත්, 'Centigradz' සංගීත කණ්‌ඩායමටත්, කුමණකාරයේ බලපෑමක්‌ ඇති කළත් මෙරට සංගීත රසකාමීන්ටත්, ඔහුට ආදරය කළ රසික පිරිසටත් කණගාටුවට කරුණක්‌ වනු ඇති බව නොවනුමානය. ඇත්තටම උදය කණ්‌ඩායමෙන් ඉවත්වන්න. තීරණය කළේ ඇයි? 

ඔබේ ඉවත්වීමට හේතුව කුමක්‌ද? එදා "ඕපාදූපයක්‌" පමණක්‌ වූ පුවත අද සත්‍යක්‌ ලෙස ඔබ පිළිගන්නවාද?
ඔව්...· මෙය ඉතාමත් අසීරුවෙන් තීරණය කළ ඉතාමත් නිවැරදි තීරණයක්‌. මම 'Centigradz' සංගීත කණ්‌ඩායමට නිල වශයෙන් දන්වා සිටියා මා ඉදිරියට ඔවුන් සමග කටයුතු නොකරන බවට ඒ වගේම මගේ රුව සහිත ප්‍රචාරක දැන්වීම් පුවරුවක්‌ හෝ වෙනත් කිසියම් ප්‍රචාරයකට මා ඇතුළත් නොකරන ලෙසටත් වැඩි දුරටත් දන්වා සිටියා.

මේ තීරණයට, ඔබ ඉක්‌මන් වුණා වැඩි යෑයි සිතන්නේ නැතිද?
කොහෙත්ම නැහැ...· මේ සංගීත කණ්‌ඩායම පටන්ගන්න මූලික වුණේ මමත්, ඉසුරුත් පමණයි. අනෙක මම පුද්ගලික බැංකුවක කළ ඉතාමත් හොඳ රැකියාවක්‌ අතහැර දමා තමයි. මේ 'Centigradz' සංගීත කණ්‌ඩායම පටන් ගත්තේ වසර 8 ක්‌ මේ ගමන පැමිණියේ එකට. 


ගීත ඇල්බම් 2 ක්‌ එළි දැක්‌වුවා. (2005 'උරුමය' 2004 දී 'රූ සිරි') 2009 වසරේදී මම සංගීත කටයුතුවලින් මදක්‌ ඈත්ව ව්‍යාපාරික පැත්තට වැඩි කාලයක්‌ යොමු කළා. එතනදී මගේ පෙම්වතිය වින්ද්‍යා සමග එක්‌ව ඇගේ නමත් යොදා "උදය ඇන්ඩ් වින්දි" කියන ස්‌ටූඩියෝව ආරම්භ කළා. ඒ වගේම අප දෙදෙනා මේ වසරේ මුල් මාසයේ 26 වැනිදා විවාහ දිවියටත් ඇතුළත් වුණා.

ඔබ ගත් තීරණයට බිරිඳගෙන් කිසිඳු බලපෑමක්‌ සිදු නොවුණු බවද ඔබ පවසන්නේ.
බලපෑමක්‌ වුණා... ඒත් ඇය පැවසුවේ කලකිරීමෙන් මිදී තවදුරටත් සංගීත කණ්‌ඩායම හා එක්‌ව සිටින ලෙසයි. මගේ ඉවත් වීමේ තීරණයට ඇගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ. ඇය නිසා මා ඉවත් වුණා යෑයි කිසිවකු පවසනවා නම් එය කළ යුතුව තිබුණේ මීට වසර කිහිපයකට පෙරයි. 


මම සංගීත කණ්‌ඩායම සමග එක්‌ව සිටියේ වෘත්තීය මට්‌ටමින් බොහෝ අවස්‌ථාවලදී මා කණ්‌ඩායම් හැඟීමෙන් කළ යෝජනා ඔවුන් නොසලකා හැරියා. ප්‍රධාන වශයෙන් විනිවිදභාවයක්‌ තිබුණේම නැහැ. 2010 දීත් මා ඉවත්වන්නට ගත් තීරණය වලකාළුවේ මගේ බිරිඳ වින්ද්‍යා.

කෙසේ වුවත් ඔවුන් මගේ හැකියාවට නිසි තැන නොදුන් බව මට නිර්භයව පැවසිය හැකියි. ඔවුන්ට මට ඇහුම්කන් දෙන්න තිබුණා. නමුත් එසේ කළේ නැහැ. අමාරුවෙන් ගත් මේ තීරණයට මුදල කියන සාධකය බලපෑවේ නැහැ. මීට කලින් ගතයුතුව තිබූ මේ තීරණයට මා ඉක්‌මන් නොවූයේ වසර 8 ක්‌ අපි සමග සිටි රසිකත්වයට පිටුපාන්නට බැරි නිසයි. ඒත් යම් අවස්‌ථාවකදී අමාරුම තීරණයක්‌ වුවත් සෘජුව ගතයුතු වෙනවා.

සංගීත කණ්‌ඩායමෙන් ඉවත් වූ ඔබේ අනාගතය කෙබඳු වේද?
ප්‍රසංග වේදිකාවන්ට එක්‌ව තනිව ගායකයකු ලෙස ඉස්‌මතුවීමේ බලාපොරොත්තුවක්‌ දැනට නැහැ. මේ කළකිරීම ඊට හේතුවක්‌ නමුත් අට වසරක්‌ මා දැන හැඳින මා සමග වැඩ කළ මගේ හිතවතුන්ගෙන් ලැබී තිබෙන චිත්‍රපට, ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් ගීත යන වෙනත් අයගේ ගීත සඳහා තනු නිර්මාණ ආදී කටයුතු ඉටුකරලන්නට මා බලාපොරොත්තු වෙනවා. 


"උදය ඇන්ඩ් වින්දි" ස්‌ටුඩියෝව පටන් ගත්තේ මෙයට වසර 1 1/2 කට ප්‍රථම. සංගීත සංයෝජන කටයුතුත් සමග අප දෙදෙනාගේ තවත් ව්‍යාපාර කිහිපයකුත් තිබෙන නිසා අපේ ගමන අපේ පාඩුවේ යනවා.

'Centigradz' හා නැවත එක්‌වන ලෙසට ඔබට ආරාධනා කළොත්....?
දැන් ප්‍රමාද වැඩියි. ඔවුන්ට වෙනස්‌වන්නට නම් දී තිබූ කාලය හොඳටම ප්‍රමාණවත්. මා මුලින් සිතුවේ මිතුරන් අතර ඇති ප්‍රශ්න මිතුරන්ටම විස¹ ගැනීමට හැකිවෙතැයි කියලයි. ඒ දෙය එසේ සිදු නොවීම කණගාටුවට කරුණක්‌. අදහස්‌ එකිනෙකාට නොගැලපෙනවා කියන්නේ එකට එක්‌ව යා හැකි ගමනක්‌ නොමැති බවයි.

ඔබ ගත් තීරණය පිළිබඳ අනාගතයේදී පසුතැවෙන්නට සිදුවුවොත්...
මට වයස අවුරුදු 21 දී තමයි මා සංගීත කණ්‌ඩායම හා එක්‌වුණේ. එදා පැවැති වටපිටාව කණ්‌ඩායම් සංගීතයට හොඳ කාලයක්‌. ඉතිං එදා ගතයුතු හොඳම තීරණය ගත්තා. අද හිතනවා ඒ තීරණ්‍ය ගත යුතුව තිබුණේ දෙපාරක්‌ සිතා බැලීමෙන් පසුව නේද කියලා. 


මගේ දෙමාපියො නම් අදටත් එදා මා ගත් තීරණය පිළිබඳව කණගාටු වෙනවා. කොහොම වුණත් වසර 8 ක්‌ මා අගයමින් මගේ නිර්මාණ සමග සිටි මගේ රටේ සෑම සියලු දෙනාටම හදවතින්ම කෘතවේදීත්වය පුදකිරීමට මෙය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ කරගැනීමට කැමතියි.

0771998117 දුරකතන අංකයෙන් සහ udayavindy@gmail.com විද්යුත් ලිපිනයෙනුත් udayasiri (official fan page) Face book තුළිනුත් ඔබට ජනප්‍රිය යොවුන් ගායන ශිල්පි උදය ශ්‍රී වික්‍රමසිංහ සමග තවදුරටත් තොරතුරු හුවමාරු කරගත හැකිය.
 
Related Posts with Thumbnails