Ads 468x60px

.

නිධානයකින් ලබාගත් ගුප්ත බලයක් ඇති රාජසිංහ රජුගේ බස්තම පොලීසියට

මෙරට අවසන් රජු වන ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු විසින් පරිහරණය කරන ලද බව කියන මැණික් ඔබ්බ වු දුර්ලභ ගණයේ බස්තමක් අලෙවි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම බස්තම පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම බස්තමට ගුප්ත බලයක් ඇතැයි ද පැවසේ.
රුපියල් ලක්ෂ දහයක මුදලකට මෙම බස්තම විකිණීමට උත්සාහ කළ අයකුගෙන් එය මිලදී ගැනීමට ගැනුම්කරුවන් ලෙස වෙස් වලාගත් පොලිස් නිලධාරීන් එය මිලදී ගැනීමට යාමේදී ඒ පිළිබඳව සැකසිතූ සැකකරු බස්තම දමා පලාගොස් ඇත.


අම්පාර ප‍්‍රදේශයේ නිධානයකින් ලබාගත් අදාල බස්තම විකිණීමට සූදානමක් පවතින බවට ලැබුණු තොරතුරක් මත මධ්‍යම දිසා අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරියෙකු මුස්ලිම් ජාතිකයෙකු ලෙස වෙස් වලාගෙන එය මිලදී ගැනීමට ගොස් ඇති බව සඳහන් වේ.පලාගිය සැකකරු යුද හමුදා සෙබළෙක් බවට පොලීසියට තොරතුරු ලැබි ඇත.

මෙම බස්තම අඩි 03 යි, අඟල් 03 ක් උසින් යුක්ත අතර එහි බර කිලෝග‍්‍රෑම් 03 කට ආසන්න බව පැවසේ.මෙම බස්තමේ මහනුවර යුගයට අයත් ලී කැටයම් පවතින බව පුරා විද්‍යා නිලධාරීන් ප‍්‍රකාශ කර ඇති අතර මෙම බස්තම කුමක්ද ? කුමන ද්‍රව්‍යයකින් නිපදවා ඇත්තේද යන්න පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් පියවර ගෙන තිබේ.
 
Related Posts with Thumbnails