Ads 468x60px

.

නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂිගේ අලුත් වැඩේ

සිරස රූපවාහිනියේ ‘දිගන්තය’ වැඩසටහනේ නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

ඉමාෂි මෙසේ ආරම්භ කර ඇති ව්‍යාපාරය වන්නේ කුලී රථ (මීටර් ටැක්සි) සඳහා අවශ්‍ය මීටර් හා අනෙකුත් ආම්පන්න විකිණීමට සාප්පුවක් ආරම්භ කිරීමය.


ඇය දෙහිවල ඒ.බී.සී. ගොඩනැගිල්ලේ මෙම සාප්පුව ආරම්භ කර ඇතැයි පැවසේ.සිරස නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන 11.00 සිට දහවල් 12.00 දක්වා විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ලෝචනා විසින් වසර 4කට ආසන්න කාලයක් මෙහෙයවූ ලෝඩනා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන් ඉවත් විය.

ඇය එම නාලිකාවේ ‘මැජික් බොක්ස්’ නමින්ද වැඩසටහනක් මෙහෙයවූ අතර එයද පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්ව තිබිණි.සිරසෙන් ඉවත්වූ ලෝචනා මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධවී ඇති බවත් මේ අතර වාර්තා වේ.

ලෝචනා පසුගිය කාලයේදී රවීන්ද්‍ර විජේරත්නගේ ‘සඳ පිණි බිඳක්‘ ටෙලි නාට්‍ය සඳහාත් ‘අභිනික්මන’ චිත‍්‍රපටය සඳහාත් රංගනයෙන් දායකවූවාය.
ඇය ‘අපි අපි වගේ’ හා ‘අළුපාට හීන’වැනි ටෙලි නාට්‍ය හරහා නිළියක් ලෙස ද පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රය චරිතයකි.
 
Related Posts with Thumbnails