Ads 468x60px

.

තවම තනිකඩයි, දොඩන්ගොඩ වගේ ලැබුණට බාර ගන්නේ නෑ – තිසුරි

වර්ෂා, සවීනා, අල්තිනායි මේ ආකාරයේ විවිධ නම්වලින් විවිධ චරිත සමඟ රසික පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණි ඇය තිසුරි යුවනිකාය. නොමැතිනම් බොහෝ දෙනා හදුනන පරිදි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියය. එසේත් නොමැතිනම් ඔබ කවුරුත් නොදන්නා පරිදි මැණික්ය. මව්කුස තුළ සිටියදීම රංගනයට එක්වීමට වරම් ලද ඇය අද රංගන ශිල්පිණියක ලෙස ජනාදරයට පත්ව සිටී. 


තිසුරි, කවුද මැණික් කියන්නේ ?
මැණික් කියන්නේත් මම තමයි. අපේ ගෙදර අය මට කතා කරන්නේ මැණික් කියලා. මමනේ ගෙදර මැණික. ඒකයි ඒ.

මොනවද මේ දවස්වල කරන්නේ
රුක්මල් නිරෝෂ්ගේ ‘‘සුළඟ මත මොහොතක් ’’කියන නාට්‍යයේ රගපානවා. තව සිවගුරුනාදන් අංකල්ගේ ‘‘ෆෙන්ෂුයි ගෙදර’’ කියන නාට්‍යයෙත් ජනක සුරංජිත්ගේ ‘‘බොරළු පහර’’ කියන නාට්‍යයේත් රගපෑම් කටයුතුවල යෙදෙනවා. බොරළුපාර කියන නාට්‍යයේ ඉස්කෝලේ යන ළමයෙක්ගේ චරිතයක් කරන්නේ. ඉතිං කාලයකින් ඉස්කෝලේ යන්න ලැබුණාවගේ දැනෙනවා.

ඔබ ඔබව දන්න කාලේ ඉදලත් අපි ඔබව දන්න කාලේ ඉදලත් ඔබ නිළියක් ?
ඔව්. මම මුලින්ම රඟපෑවේ කුමාරසිරි අබේකෝන් අංකල්ගේ ඊශ්වර සති කියන නාට්‍යයේ එතකොට මට වයස අවුරුදු හතරයි. ඒ වුණාට ආනන්ද අබේනායක අංකල් කියන්නේ මම මුලින්ම රඟපෑවේ කළුවර ගෙදර නාට්‍යයේ කියලා. ඒකට එහේතුව අපේ අම්මා ඒකේ ගැබනියකගේ චරිතයක් නිරූපනය කරද්දී මාව ඇත්තටම ලැබෙන්නලූ හිටියේ.

පාසල් යන කාලේ ගැනත් මතක් කරමු.

මම ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලට. ඒ කාලේත් රඟපෑවා. හැබැයි අධ්‍යාපනයට මුල් තැන ලබා දුන්නා. 2010 වර්ෂයේ උසස් පෙළ කළේ.  මට විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණා. ඒත් තවමත් මම අධ්‍යාපනය අතහැරලා නෑ.

අම්මා නිළියක් නිසාද ඔබ නිළියක් වුණේ.
නෑ. අම්මා මට නිළියක් වෙන්න හයියක් වුණා. අම්මා නිසා පොඩිකාලේ ඉදලාම රඟපාන්න අවස්ථාව උදා වුණා. අම්මගේම දුව විදියට මම පොඩි කාලේත් රඟපෑවා, මෑත කාලේත් රඟපෑවා.

නිළියක් වෙනවාට දෙමාපියන්ගේ අකමැත්තක් තිබුණේ නැද්ද?
නෑ. මගෙ අම්මා ක්‍ෂේත‍්‍රයේ හොඳ නමක් තියාගත්ත කෙනෙක්. මට මේ ක්‍ෂේත‍්‍රය නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. මට කැමරාව ඉදිරියට එන්න බයක් චකිතයක් තිබුණේ නෑ. අදටත් නිර්මාණයක් ලැබුණාම මම මගේ දෙමාපියන්ගේ කැමැත්ත අහනවා. හරියට ඉන්නවනම් හරි දේ කරනවනම් වරදින්නේ නෑ.

රූගත කිරීම්වලට සහභාගි වන්නේ තවමත් අම්මත් එක්කද?
නෑ. ආච්චිඅම්මා තමයි හැමවෙලාවෙම මාත් එක්ක ඉන්නේ. අම්මා කාර්යබහුල කෙනෙක්. ආච්චි අම්මා පොඩිකාලේ ඉදලම මාත් එක්ක හිටියේ.

ඔබ සම්මානයට පාත‍්‍ර වුණු නිළියක් නේද?
ඔව්. සුදත් දේවප‍්‍රිය මහතාගේ ‘‘උඩුගම්යාමය’’ චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් මට ජනාධිපති කුසලතා සම්මානයක් ලැබුණා. එතකොට මට වයස අවුරුදු 10යි.

දැන් ඔබ සිනමා නිර්මාණවල දකින්න නෑ. ඇයි ඒ.
මම හොඳ සිනමා පිටපතක් ලැබුණොත් රඟපානවා. මේ වෙනකොට ‘‘මගේ වම්අත’‘, ‘‘තීර්ත යාත‍්‍රා’’, සිවගුරුනාදන් අංකල්ගේ දරුවනේ, ‘‘උඩුගම්යාමය’’ වැනි සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඔබ තුළ ඉන්න රංගන ශිල්පිනිය මොනවගේ වෙන්න  ඕනෙද?
පොළෙවේ පයගහලා ඉන්න  ඕනේ. නිළියක් කියන්නේත් සාමාන්‍ය කෙනෙක්. නිහතමානී වෙන්න  ඕනේ ඒ වගේම පැවරුණ වැඬේ හරියට කරන්නත් දැනගෙන ඉන්න  ඕනේ.

සඳ සඳවගේ නාට්‍යයේ වර්ෂට ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. වර්ෂා කියන්නේ සංවේදී චරිතයක් හැමෝම ආදරය කළා. ඒ වගේම මට එකේ සිංදු කියන්නත් තිබුණා. ජාමේ බේරාගන්න සිංදු කියපු විදිය දකින්න ඇති නේ.

ඔයතරම් ලස්සනට ඉන්නේ කොහොමද කියලා අපි අනික් අයටත් කියමුද?
අනේ මමනම් මුකුත් කරන්නේ නෑ. සැලෝන් එකකට යන්නේ අවුරුද්දකට සැරයක් විතර. මම අම්මටත් කිව්වා ලස්සන වෙන්න මුකුත්ම කරන්නේ නැති නිළියෝ දෙන්නා අපි වෙන්න ඇති කියලා.

ඔබේ අම්මා දේශපාලනයට ගියා ඔබට දේශපාලනය දැනෙන්නේ කොහොමද?
මම නම් දේශපාලනයට කැමති නෑ. මේ ඉන්න විදිය හොඳයි.

පේ‍්‍රමවන්තයෙක් ඉන්නවද? තවම තනිකඩද?
තවම තනිකඩයි. ඒ ගැන හිතන්න මට තව කල් තියනවා.

පේ‍්‍රම ඇරයුම් ලැබෙන්නේ නැද්ද?
අම්මෝ අඩුවක් නම් නෑ. දොඩන්ගොඩ වගේ ලැබුණට බාර ගන්නේ නෑ.

හිතේ ඉන්න කෙනා මොන වගේද?
උගත්, මටයි මගෙ දෙමාපියන්ටයි ආදරය කරන, හිත හොඳ, පාරේ එක්කරගෙන යන්න පුළුවන් පෙනුමක් තියන කෙනෙක්.
 
Related Posts with Thumbnails