Ads 468x60px

.

සූර්ය කුණාටුවේ රශ්මිධාරා කිසිදු බලපෑමක් නොකර පෘථිවිය පසුකරයි

වසර 5කට පසුව හටගත් ප්‍රබලතම සූර්ය කුණාටුවේ රශ්මිධාරා කිසිදු බරපතල ගැටලුවක් නිර්මාණය නොකරමින් පෘථිවිය පසුකර තිබේ.
අමෙරිකානු කාලගුණ විද්‍යා ආයතනය පවසන්නේ, සූර්ය කුණාටුවෙන් නිකුත් වු අවසන් විකිරණ කදම්භයන් ඊයේ පෙරවරුව වන විට පෘථිවිය පසු කළ බවයි.


මෙම සූර්ය කුණාටුවෙන් පෘථිවියේ සන්නිවේදන සහ විදුලිය බලය උත්පාදන කටයුතුවලට බලපෑම් එල්ල වේ යැයි බිය පළ වුවද කිසිදු බරපතල තත්ත්වයක් නිර්මාණය නොවු බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදින ධ්‍රැවීය ප්‍රදේශ හරහා සිදු වු ගුවන් ගමන් කිහිපයක මාර්ගයෙන් වෙනස් කිරීමට සිදු විය.


ඒ අතර විද්‍යාඥයින් පවසන්නේ, සූර්යා මතුපිට ක්‍රියාකාරීත්වය ඉහළ යමින් පවතින අතර වසර 2013 හෝ 2014 වන විට එය උච්චතම අවස්ථාවකට පත්විය හැකි බවයි.


1979 වසරේදී මෙවැනි සූර්ය කුණාටුවක් අමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ දුරකථන සබදතා අවහිර කළ අතර 1989 වසරේදී මෙවැන්නක් හේතුවෙන් කැනඩාවේ කියුබෙක් පළාතේ මිලියන 6ක පමණ පිරිසකට අඳුරේ සිටීමට සිදුවුණේ, විදුලි බල පද්ධතියට බලපෑම් කිරීම හේතුවෙනි.
 
Related Posts with Thumbnails