Ads 468x60px

.

බොලියුඩ් සිනමාවේ කුකුල් කේන්තිකාරයා නැවතත් හබයක

බොලියුඩ් සිනමාවේ කුකුල් කේන්තිකාරයා ලෙස සැලකෙන සලමන් ඛාන් නැවතත් හබයක පැටලී ඇති බව වාර්තාවේ. සත්ත්ව ඝාතනය, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය, පුද්ගලයන් සමඟ කලහකාරී ලෙස හැසිරීම ආදී විවිධ හේතු මත චූදිතයෙකු බවට පත් වූ සල්මන් මෙවර ගැටුම ඇති කරගෙන ඇත්තේ මුදල් ප‍්‍රශ්නයක් සම්බන්ධයෙනි. 


වසර 2010දී තිරගත වූ ‘‘වීර්’’ චිත‍්‍රපටය වෙනුවෙන් තමන්ට හිමි මුදල් නොලැබුණු බව පවසමින් ඔහු චිත‍්‍රපට පාලක අංශ හා එක්ව වීර් චිත‍්‍රපටයේ නිෂ්පාදක විජේ ගලානිට එරෙහිව බටහිර ඉන්දීය සිනමාකරුවන්ගේ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම චිත‍්‍රපටයේ තිර රචනයද සිදුකර ඇත්තේ සල්මන් ඛාන් විසිනි.  එය අනුව සල්මන් ඛාන් වෙත ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලක් ගෙවන ලෙස අදාළ සංගමය ගලානිට නියෝග කර තිබේ. තවද එම මුදල් ගෙවනතුරු ඔහුට චිත‍්‍රපට නිෂ්පාදනය ද  තහනම් කර ඇත.

කෙසේ වෙතත් මෙම තීරණයට විරුද්ධව විජය ගලානි විසින්ද බටහිර ඉන්දීය සිනමාකරුවන්ගේ සංගමයට එරෙහිව අධිකරණය වෙත නඩුවක් ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වන විජේ ගලානි පවසා සිටින්නේ චිත‍්‍රපටය තිරගත වීමෙන් පසුවද තමන්ට සල්මන් හමුවූ   බවත් ඔහු ඒ කිසිදු අවස්ථාවක මුදල් සම්බන්ධයෙන් කතා නොකළ බවත්ය. 

තවද සලමන්ට සත පහක්වත් ණය නැති බව පවසන ගලානි ඔහුට ගෙවූ මුදල් පිළිබඳව සියලූ ලියකියවිලි තමන් සතුව පවතින බවද පවසා සිටී.
 
Related Posts with Thumbnails