Ads 468x60px

.

ඊයේ අලූයම මන්නාරම් අහසේත් විශාල ආලෝකයක්‌...

කිසිම දිනක එවැනි එළියක්‌ දැකලා නෑ...

මන්නාරම් අහසේ ඊයේ (9 දා) අලුයම විශාල ආලෝක එළියක්‌ දිස්‌වූ බව මන්නාරමේ වැසියෝ ප්‍රකාශ කරනවා.

අලුයම් කාලයේදී විශාල ආලෝක වස්‌තුවක්‌ ඉහළ අහසේ සිට කෙමෙන් කෙමෙන් පොළොවට පාත්වූ බව සිද්ධිය සියෑසින් දුටුවෝ පැවසුවා.


මෙම විශාල ආලෝක එළිය මන්නාරමේ යුද හමුදා නිලධාරීන් පිරිසක්‌ ද දැක තිබෙනවා. එක්‌ හමුදා නිලධාරියකු ප්‍රකාශ කළේ තමන් මීට පෙර කිසිම දිනක එවැනි එළියක්‌ දැක නොමැති බවයි. 


ඉතාම දීප්තිමත් ආලෝකයකින් යුතුව එය දිස්‌වූ බවත් හරියටම ගුවන් යානයක්‌ ගිනිගෙන දැවෙන විලාශයෙන් එය දැකගන්නට හැකිවූ බවත් ඔහු පැවසුවා. 

දීප්තිමත් යානයක් නිවස පිටුපස ඇහැටු ගහට බෑවා
නොච්චියාගම පාසල් දැරියක් කියයි..


අහසේ සිට පාවීගෙන ආ දීප්තිමත් අත්භූත වස්තුවක් තමන් පදිංචිව සිටි නිවසේ පිටුපස පිහිටි විශාල ඇහැටු ගසක් මතට 07 වනදා සවස් යාමයේ ගොඩබෑ බව නොච්චියාගම නගරයේ පදිංචි පාසල් දැරියක් වන උත්පලා තත්සරණී චන්ද්‍රසේන සිසුවිය පැවසුවා.

පසුගිය 07 වනදා 6.25ට පමණ ඇය නිවසේ පිටුපස ඇඟ සෝදමින් සිටියදී එක්වරම අහසේ සිට එළියක් විහිදුවා ගත් යානාවකට සමාන අද්භූත වස්තුවක් පැමිණ ඇහැටු ගස මතට ගොඩබා තිබෙනවා


ඇය එය දැක බියට පත්වී ඇති අතර රාජකාරී අවසන් වී නිවසට පැමිණ සිටි තම පියා වන (නොච්චියාගම පොලිසියේ සැරයන්වරයකු) චන්ද්‍රසේන මහතාට නිවස පිටුපසට එන ලෙස ඇය කෑගසා තිබෙනවා. ඒ අනුව වහාම එම ස්ථානයට දිව ගිය සැරයන් චන්ද්‍රසේන මහතාද යම් අද්භූත වස්තුවක් ඇහැටු ගස මත තිබෙන අයුරු දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ නොච්චියාගම පොලිසියේ අපරාධ අංශයේ සැරයන් 29791 චන්ද්‍රසේන මහතා, 


මම වැඩ ඇරිලා ඉවර වෙලා නිවසට ගිහිල්ලා දවල් කෑම කන්න ලෑස්ති වුණා විතරයි. පිටුපස්සේ ඇඟ සෝදමින් සිටි මගේ ලොකු දුව අප්පච්චි අප්පච්චි එන්න කියලා කෑ ගැසුවා. මං යනකොටත් දුව හොඳටම බයවෙලා හිටියේ. දුව කිව්වා අප්පච්චි අර ඇහැටු ගහේ යානාවක් තියනවා කියලා. මම බලද්දී දැක්කා අඩි 60ක් පමණ උස ඇහැටු ගහේ යම් අද්භූත වස්තුවක් තියනවා.

විනාඩි කිහිපයකින් පසුව අද්භූත වස්තුව කැරකි කැරකි මන්නාරම පැත්තට ගියා. ඒකෙන් නිල්පාට සහ කහ පාට එළියක් විහිදුනා. ටික වේලාවක් එය ගිය පාරත් උඩු ගුවනේ රැදිලා තිබ්බා. මම කොහොම හරි දුවට කියලා ජංගම දුරකථනය ගෙනල්ලා විනාඩි 1 1/2 ක් විතර වස්තුව පටිගත කර ගත්තා. 


එක පාරටම විනාඩි කිහිපයකින් ඒක පේන්නේ නැතුව ගියා. හරියටම හැඩයක් කියන්න බෑ. ඒකට ත්‍රිකෝණාකාර පෙනුමක් තිබ්බේ. විශාලත් නෑ යැයි ඔහු අප සමඟ පැවසුවා

අභිරහස් යානා විධිමත් පරීක්ෂණයකට..

දිවයිනේ විවිධ ප්‍රදේශවලට මාස කිහිපයකට පෙර සිට පැමිණෙන අභිරහස් යානා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පසුගිය මැයි 5 දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඩවතමඩුව ප්‍රදේශයේදී දර්ශනය වූ අභිරහස් යානයේ වීඩියෝගත කරන ලද දර්ශන පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝසප් මහතා විසින් ලබාගෙන පොලිස්පතිවරයා වෙත භාරදීමට නියමිතය.

මෙදින පස්වරු 8.30 – 9.00 අතර කාලයේ නැඟනහිර අහසේ සිට බස්නාහිර දෙසට විශාල තරුවක් සේ දර්ශනය වූ මෙම යානය රූගත කළ පසු පීරිසියක හැඩතල පෙන්නුම් කළේය. නිල්පාට වර්ණයෙන් යුත් මෙම යානය එක දිගට ධාවනය නොවූ අතර පැද්දෙන ආකාරයට ගමන් කොට
තිබෙනවා

මෙම යානය පිළිබඳව ශ්‍රී ලංකාවේදී මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කොට නොමැති අතර ඉන් පසුව දිවයිනේ විවිධ පළාත්වලින් අභිරහස් යානා පිළිබඳව තොරතුරු වාර්තා විය. මැයි 5 දින දැක ගන්නට ලැබුණ මෙම යානය පිළිබඳව මුල්වරට දිනමිණ මගින් ඡායාරූප සහිතව වාර්තා කොට තිබුණි. 

මෙම යානයේ දර්ශන රැගත් වීඩියෝ පටය මාධ්‍යවේදී ගාමිණී ඔබේසේකර මහතා විසින් පොලිස් අධිකාරීවරයා වෙත ඊයේ භාරදෙනු ලැබීය. 
 
Related Posts with Thumbnails