Ads 468x60px

.

ලෝක විනාශයෙන් බේරීමට පුළුවන් කියන ප‍්‍රංශයේ බුගරාච් කඳුවැටියේ සැඟවුණු රහස කුමක්ද.?

ලෝක විනාශය දා පිටසක්වල ගැලවුම් කරුවන් එනතෙක් ප‍්‍රංශයේ ජනකාය බලා සිටිනවා..

දෙසැම්බර් 21 සිදුවනු ඇතැයි කියන ලෝක විනාශය ලං ලංව එන නිසා නොඉවසිල්ල බය හා අනාගත න්‍යායන් ශීග‍්‍රයෙන් පැතිරී යනවා.

දෙසැම්බර් 21 දින ලෝකය අවසන් වෙතැයි යන මායා දින දර්ශනය සහ ග‍්‍රහලෝකයන් පෘථිවිය මත වැටෙනු ඇතැයි යන ලෝක විනාශ මතයන් බොරු බව පෙන්වීම සඳහා නාසා ආයතනයෙන් තොරතුරු නිකුත් කර තිබෙනවා. ඇමරිකානු රජයේ නිල බ්ලොග් පිටුවේ කියා ඇත්තේ 2012 ලෝක විනාශය පිලිබඳ සියළු අනාවැකි කටකතා වන බවයි.

මේ ගැන වැරදි මත අන්තර්ජාලයේ පලකර තිබුනත් දෙසැම්බර් 21 හෝ වෙනත් කිසිම දිනක එවැන්නක් සිදු නොවන බව එම පිටුවේ දක්වා තිබෙනවා


ප‍්‍රංශයේ බුගරාච් කඳුවැටිය පාමුල වීධ ඇදහිලි ඇති අය කඳවුරු බැඳගෙන සිටින්නේ ලෝක විනාශය දා අඩි 4040ක් වූ කඳු මුදුනෙන් පිටසක්වල ජීවීන් මතු වී තමන් ගලවා ගනු ඇතැයි
බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ඇතුල් වන ජනකාය නිසා එහි නගරාධිපති ජින් පියරේ ඩිලෝඞ් කණස්සල්ලට පත්ව තිබෙනවා.

පොලීසිය හා හමුදාව කලබල ඇති වීම වලක්වනු පිණිස සූදානමින් සිටි
නවා. ඬේවිඞ් නම් අයෙක් තම රැකියාව අතහැර මේ ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ මෙහි සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමටය.

මෙම කන්දේ ඇති ගුහා සංකීර්ණය නිසා ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ClÈe Encounters Of The Third Kind චිත‍්‍රපටයට සහ Journey to Center of Earth නවකථාවට පසුබිම් වී ඇත. මෙම කන්දේ සැඟවුණු රහසක් ඇති බව විශ්වාස කරන බොහෝ දෙනෙක් සිටිති.



 
Related Posts with Thumbnails