Ads 468x60px

.

පිටසක්වළ යානා ලංකාව ආක්‍රමණය කරයිද..?

අපි දුර දක්නයකින් මේක බැලුවා හරිම අමුතුයි... 

දවසින් දවස, අමුතුම හැඩගන්නවා. පළමුවැනි දවසෙ අපි මේක දැක්කෙ ගිනි බෝලයක් වගේ රවුමට... 
 
මේ දිනවල වැඩියෙන්ම කියවෙන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ පිටසක්වළ ජීවීන් සහ යානාය. පසුගිය කාලයේ පිටසක්වළ ජීවීන් දුටු බවටත් ඒවා ඡායාරූප ගත කළ බවටත් විවිධ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ අපට දැන ගැනීමට ලැබිණ.

පිටසක්වළ යානයක් දුටු බවට ආසන්නම සිදුවීම පසුගියදා වාර්තා වූයේ අම්බලන්තොට ප්‍රදේශයෙනි. ශ්‍රී ලංකාවට පිටසක්වළ යානා පැමිණෙන බවට වූ මෙම අන්දෝලනාත්මක ප්‍රවෘත්තියෙන් පසු ඊළඟ සිදුවීම වාර්තා වූයේ පසුගිය සෙනසුරාදා වැලිමඩිනි.


දෙසැම්බර් හය වැනිදා උදෑසන 10.30ට පමණ වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියෝ හය දෙනෙක් විද්‍යාල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටියහ. හදිසියේ තමන්ට ඉහළ අහසේ විශාල දීප්තිමත් ආලෝකයක් මේ සිසුවියෝ තිදෙනා දුටුහ. 

එකවර දුටු ආලෝකයේ දීප්තිය දරා ගත නොහැකිවූවා සේම මේ නම් පිටසක්වළ යානාවක් බව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම කෙතරම් කලබලකාරී එකක් වූයේද යත් සිසුවියන් හයදෙනාම එකවරම
ක්ලාන්ත වූහ. පහ ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් නැදුන්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තත්ත්වය සාමාන්‍ය අතට හැරී තිබිණි.

නමුත්, වැලිමඩට ගිය පිටසක්වළ යානය තවමත් ශ්‍රී ලංකාවෙන් අෑත්ව ගොස් නැතැයි කිව හැක්කේ තවමත් පිටසක්වළ හෙවණැලි එළි දිවයිනට වැටෙන නිසාවෙනි. එම අලුත්ම සිදුවීම වාර්තා වූයේ අම්බලන්ගොඩින් හා අනුරාධපුරයෙනි.


දින හතරක සිට රාත්‍රි කාලයේ නැඟෙනහිර අහසේ චලනය වන දීප්තිමත් වස්තුවක් අම්බලන්තොට නගරයේ ප්‍රදේශ කිහිපයකම ප්‍රදේශවාසීන් දැක ඇත.

මල්පෙත්තාව, ලුණුගම, නෝනාගම, උහුපිටගොඩ, පුහුල්යාය, තවාළුවිල, තණලන්ද යන ප්‍රදේශවල ජනතාව මෙම නාඳුනන ආකාශ වස්තුව දැඩි දීප්තියකින් අහසේ එහා මෙහා චලනය වනු දැක ඇති අතර සෑම දිනකම රාත්‍රි 7.00න් පසුව මෙය අහසේ දකින්නට ලැබුණු බව ඔවුන් පැවැසීය.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසියකු වූ විමලසිරි පෙරේරා මහතා මෙසේ කීය.

මීට දින හතරකට ඉස්සරවෙලා වැහි බීරුම් ගතියක් අහසේ තිබුණු නිසා නිකමට අහස බැලුවා. ඒ වෙලාවෙ මම දැක්කා මේ තරුවක් වගේ දීප්තිමත්ව දිලිසෙන වස්තුව. මම ටිකක් වෙලා බලන් හිටියා. හැබැයි අහසෙ මේක ඇරෙන්න වෙන කිසිම තරුවක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ දින තුනේදීම අපි මේක රෑ 7.00 ඉඳල අහසෙ දකිනවා.


අපි දුර දක්නයකින් මේක බැලුවා හරිම අමුතුයි. දවසින් දවස, අමුතුම හැඩගන්නවා. පළමුවැනි දවසෙ අපි මේක දැක්කෙ ගිනි බෝලයක් වගේ රවුමට. ඊට පස්සේ දැක්කේ අටපට්ටමක් හැඩයකින්.

පාසල් සිසුවියක් වූ නදීෂා සෙව්වන්දි ශිෂ්‍යාව මෙසේ කීවාය.
මම පාසලේ ව්‍යාපෘතියක් ලෙස තාරකාවන් පිළිබඳ වාර්තාවක් සකස් කරන්නේ. ඒ නිසා මම නිතර වාගේ රාත්‍රි කාලයේදී අහස බලනවා. එවිට තමයි මේ මම මේ දීප්තිමත්ව දිලිසෙන මේ වස්තුව දැක්කේ. මේක තාරකාවක් නම් වෙන්න බෑ.

මොකද මේක තාරකාවකට වඩා විශාලත්වයෙන් වැඩියි. ඒ වගේම ලොකු දීප්තියකුත් මේකෙ තියෙනවා. මේ වස්තුව වේගයෙන් පහළට එනවා ආයෙත් ඉහළට යනවා. මේක හරියටම මොකක්ද කියලා අපිට හිතාගන්න බෑ. ඒ ගැන දැනගන්න තියෙනව නම් අපිත් කැමැතියි.

ඩී.ඒ. සංජීව මහතා අදහස් දක්වමින් කියා සිටියේ මම නම් හිතන්නේ මේක වෙනත් ග්‍රහලෝකයක් වෙන්න ඕන. මේක තරුවක් නම් වෙන්න බෑ.


මේක ලොකු දීප්තියකින් එහාට මෙහාට සෙලවී සෙලවී තමයි තියෙන්නේ. ඉස්සරවෙලා දවසෙ මේක දැක්කම මේ ගැන ඒතරම් හිතුවේ නෑ. ඒත් පස්සේ කවුරුත් එක්කම මේ ගැන බලද්දී තමයි මේකෙ වෙනසක් තිබෙන බව දකින්න ලැබුණේ. 



මේක හිටිහැටියම එක එක හැඩවලට හැරෙනවා. හිටියම කේතුවක හැඩයකටත්, රවුමක හැඩයකටත් දකින්න ලැබුණා. මේවා වෙන්නෙත් ලෝක විනාසෙටද කියන්න දන්නේ නෑ.
 
Related Posts with Thumbnails