Ads 468x60px

.

ලංකන් අනුශූරයන් කර කොදෙව්වන් ලෝක ශුරයන් වේ

කොදෙව් පිලට රුපියල් කෝටි 15 කට ආසන්න මුදල් ත්‍යාගයක්...

ඊයේ (7 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ සුවිශේෂී දිනයකි. ලංකා ප්‍රේක්‍ෂකයෝ පළමු වරට මෙරටදී පැවැත්වෙන අයි. සී. සී. අවසන් මහා තරගයක්‌ දැකබලා ගත්හ. 

මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනය ශ්‍රී ලංකා ජයග්‍රහණය විය. තිස්‌පන්දහසක්‌ දෙනා ආර්. ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් සටන සියෑසින් බැලූහ. අනෙක්‌ සියලුම ශ්‍රී ලාංකිකයෝ රූපවාහිනි වටා රොක්‌ වූහ. ක්‍රිකට්‌ උණුසුම නිසා රටම රත් වී ඇත. 

ශ‍්‍රී ලංකාවේදී මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය අවසන් වුයේ නිමා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශූරතාවය දින ගනිමිනි. 

මුලින් පන්දුවට පහර දුන් කොදෙවුවන්
ලබා ගත්තේ ලකුණු 137ක් පමණි.ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකිබව පැවසු ක්‍රිස් ගේල් ලකුණු 02කට දැවී ගියද හයේ පහර 06ක්ද සමඟ ලකුණු 78ක් ලබා ගැනීමට මාලන් සැමුවෙල්ස් සමත් විය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.4 අවසාන වන විට ලබා ගත්තේ ලකුණු 101 පමණි.ඒ අනුව තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20-20 ලෝක ශූරයන් ලෙස පත්වුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් කරමිනි.


බටහිර ඉන්දීය ක‍්‍රීඩකයෝ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වුනු අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයේදී කොදෙව් පිල ලකුණු 36 කින් සත්කාර ශ‍්‍රී ලංකා පිල පරාජය කලා.


බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ශූරයන් වූ පළමු අවස්ථාව මෙය වන අතර 1979 වසරේ දෙවැනි ලෝක කුසලානය ජය ලැබීමෙන් පසු කොදෙව් පිල ලෝක කුසලාන තරගාවලියකදී වසර 33 කට පසුව ශූරයන්වීම කැපී පෙනේ.

බටහිර ඉන්දීය කොදෙවෝ 2004 වසරේ එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසු වසර අටකට පසු අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කළ තරගාවලික ශූරතාව දිනාගත්හ.




මෙම ජයග‍්‍රහණයත් සමග කොදෙව් පිලට රුපියල් කෝටි 15 කට ආසන්න මුදල් ත්‍යාගයක් හිමිවිය.


ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අනු ශූරයන් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2009 වසරේ එංගලන්තයේදී පැවැති දෙවැනි ලෝක කුසලාන තරගාවලියේදී ද අනු ශූරයන් බවට පත්විය.

කොදෙව් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 137 (මාලන් සැමුවෙල්ස් 78, ඞ්වේන් බ‍්‍රා්වෝ 19, ඩැරන් සමී නොදැවී 26, සුනිල් නරේන් 9/3)

ශ‍්‍රී ලංකාව  ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී 101 (මහේල ජයවර්ධන 33, කුමාර් සංගක්කාර 22, නුවන් කුලසේකර 26, අජන්ත මෙන්ඩිස් 12/4 )
 
Related Posts with Thumbnails