Ads 468x60px

.

අශාන්ති තොප්පිය දැම්මේ ඇයව අඳුනගන්න බැරි වෙන්නලු...

මට ළඟදී හිතුණා තොප්පියක් දාගෙන මූණ වහගෙන ඉන්නෙ ඇයි කියලා...
ඒ නිසා දැන් මම තොප්පිය දාන්නෙ නෑ...

සඳවතුරෙන්,ආලවන්තියක් හා දෑස් පානවා වැනි ගීත හරහා ජනාදරයට පත් අශාන්ති ද අල්විස්ගේ තොප්පි කතාව අලුත් කර ඇති බව අප වෙත වාර්තා වෙනවා.

ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු තොප්පි අශාන්ති ලෙස හදුන්වනු ලබන ඇයට එලෙස නම වැටී ඇත්තේ ඇය විලාසිතාවක් ලෙස කළු තොප්පියක් පළඳින නිසාය.

ඇය මුල් කාලයේදී මෙම තොප්පිය පළඳිනු ලැබුවේ ඇයව හඳුනා ගැනීම අපහසුවීමට බවද පැවසෙනවා
.ඒ ඇය සංගීත කරලියට පය ගැසුවේ සාමාන්‍ය පෙළට පෙනී සිටි වහාම නිසාය.

කෙසේවුවද ඇය පවසන්නේ තමා

ප‍්‍රසංග වේදිකාවට ගොඩ වූයේ උසස් පෙළ හැදෑරීමෙන් පසුව බවයි.එහෙත් ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ ඇය භාතිය හා සන්තුෂ් සමග සාමාන්‍ය පෙළට පෙනී සිටීමෙන් පසුව ප‍්‍රසංග වේදිකාවේ ගී ගැයූ බවයි.

‘පොඩි’  අශාන්ති ලෙසත් බොහෝ දෙනා හඳුනන අශාන්ති හිසේ තිබෙන තොප්පිය ඉවත්කර ගීත ගායනා කිරීම ආරම්භ කළ බව පවසා තිබෙනවා
. අශාන්තිගේ තොප්පි විලාසිතාව වෙනස් කිරීම ගැන ඇය දක්වන්නේ මෙවැනි අදහසකි.

‘මට ළඟදී හිතුණා තොප්පියක් දාගෙන මූණ වහගෙන ඉන්නෙ ඇයි කියලා. ඒ නිසා දැන් මම තොප්පිය දාන්නෙ නෑ’කෙසේවුවද අශාන්ති පසුගිය අගෝස්තු මාසයේදී ‘යුනිවර්සල්’ ලේබලයෙන් නවතම ගීත ඇල්බමයක් නිකුත් කළාය.ඇගේ මෙම ගීත ඇල්බමය රොක් ද වර්ල්ඩ් ලෙස නම් කර ඇත.
 
Related Posts with Thumbnails