Ads 468x60px

.

කොදෙව්වන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ හැටි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 කින් පරාජයට...

උමාර් අක්මාල් තරඟ තහනමකට..

බටහිර ඉන්දීය කොදෙව්වන් 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් පූර්ව තරඟයෙන් ඔවුන් හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 කින් පරාජයට පත්වුනා
.ඒ අනුව අනිද්දා‍ පැවැත්වෙන අවසන් තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩා‍යමයි.

මේ අතර පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේදී පිටියේ විනිසුරුවන්ට ගෞරවය නොදැක්වීමේ වරදට හසුවී තරග ගාස්තුවෙන් 50%ක් කපා දැමීමට තීරණය කොට තිබෙනවා.

තරගය අතරතුරදී විනිසුරුවන්ගේ නියෝග වලට එරෙහිව යමින් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ තරග නීති රීති උල්ලංඝණය කළ බවට තරග තීරක ජෙෆ් ක්‍රෝ තීරණය කිරීමෙන් අක්මාල් දඩුවමට යටත් කළා
.


තරගයේ 17 වැනි ඕවර අතරතුරදී උමාර් අක්මාල් අත් ආවරණ මාරු කර ගැනීමට උත්සහ කළ අතර එහිදී විනිසුරුවන් දෙදෙනාටම පිටු පාමින් හිතුවක්කාරී ලෙස පිටතින් පැමිනි ක්‍රීඩකයාගෙන් එය ලබා ගැනීම මේ සිද්ධියට හේතු වුනා
.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වුණු 20/20 අවසාන පුර්ව තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා‍ ලදි.

ක්‍රිකට් තරඟය නැරඹීමට බොහෝ දෙනා එක් රොක්වී සිටි අතර ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ එහි සතුට විඳ දරාගැනීමට නොහැකිව එක් අයෙකු මියගොස් තිබුණා.

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයේ මුරකරු ලෙස සේවය කළ ඔහු වයස අවුරුදු 21ක් වූ අතර මියයාමට හේතුව එය බවට සැක කළත් නිශ්චිතවම මරණයට හේතුව සතුට විඳ දරාගත නොහැකිවීමද යන්න සොයාගන නැහැ.


මේ අතර ලංකාව පැරදෙන තුරු බලන් සිටි ලාංකිකයෝ පිරිසක්ද තරඟ නැරඹීමට පැමිණ සිටියා. ටිකට් ගැනීමට පැමිණ සිටි ඔවුන් පැවසුවේ "ඊයේ රෑ 12 ඉඳන් ඉන්නේ අපේ පකිස්ථාන් මැච් එක බලන්න. අද ලංකාවට කොහොම හරි ගහනවා පකිස්ථාන්" යනුවෙනි.

පකිස්තානය යනු මුස්ලිම් රටක් නිසා පකිස්තානයට ජයපතන මොවුන් උස් මහත් වන තෙක් නොමිලේ අධ්‍යාපනය ලබාදී වියදම් කළේ පකිස්තානය නොව ශ්‍රී ලංකාවේ මහජන මුදල් බව ඔවුන්ට අමතක වූවා විය හැකිය.

මෙම තරඟය ඔවුන් හැඳින්වූයේ "අපේ පකිස්ථාන් මැච් එක" ලෙසයි. ලංකාවට වඩා පකිස්ථානය ගැන කෙතරම් කැක්කුමක් ඇති මොවුන් කෙතරම් ආත්මාර්තකාමී පිරිසක්දැයි වටහාගත හැකිය.

මේ අතර තිහාරිය මුස්ලිම් විද්‍යාලයක ඉගනුම ලැබූ කොළඹ පදිංචි තරුණයෙකුද ෆේස්බුක් හරහා ජය පතා තිබුනේ පකිස්ථානයටයි
ලබන 7 වනදා පැවැත්වීමට නියමිත 20/20 ලෝක කුසලාන අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟ වදිනු ඇත.
 





 
Related Posts with Thumbnails